දේශීය පුවත්

අභ්‍යන්තර ප්‍රශ්න බාහිර සමාජයේ කතානොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කුමාර වෙල්ගම මහතාට හා ඔහුට විරුද්ධව ප්‍රසිද්ධ වේදිකාවල අදහස් පළකළ මහින්දානන්ද අලුත්ගමගේ,කෙහෙළිය රඹුක්වැල්ල,ලොහාන් රත්වත්තේ පාර්ශ්වයට ඊයේ (16දා) අවවාද කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂ පක්‍ෂ නායක රැස්වීමේදී මේ බව සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.

හිතට එකඟව කතාකරන තමන්ට විරුද්ධව මන්ත්‍රීවරු කිහිපදෙනෙකු රැස්වීම්වලදී අදහස් පළකර තිබෙන බවත්,නිදහසේ අදහස් පළකිරීමට අයිතිය තිබිය යුතු බවත් කුමාර වෙල්ගම මහතා පවසා තිබෙන අතර, ඊට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්‍ෂ මහතා දෙපාර්ශ්වයටම අවවාද කළ බව වාර්තා වේ.

පක්‍ෂය අභ්‍යන්තරයේ කතාකර විසඳාගත හැකි ප්‍රශ්න බාහිර සමාජය තුළප්‍රසිද්ධියේ කතාකිරීමෙන් හා බැණගැනීමෙන් දේශපාලනික වශයෙන් සතුරන්ට වාසිවන බවත්,එය තේරුම්ගෙන ඉදිරියේදී කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

තමන් එක්සත් ජාතික පක්‍ෂය සමග ඩීල් දමා ඇතැයි මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු කිහිප දෙනෙකු ප්‍රකාශ කර තිබෙන බවත්,මහින්දානන්ද අලුත්ගමගේ,කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තමන්ට විරුද්ධව අදහස් පළකරන අය මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ බිම බලාගෙන සිටියදී එක්සත් ජාතික පක්‍ෂයට විරෝධය පළකරමින් මධ්‍යම කාරක සභාවෙන් එළියට පැමිණි පළමු පුද්ගලයා තමන් බවත් වෙල්ගම මහතා පවසා තිබේ.

තමන්ට චෝදනා කරන සියලු දෙනා බියගුල්ලන් සේ හවුල් ආණ්ඩුවකට යෑමට කැමැත්ත පළකළ බවත්,තමන් කිසිවෙකුගේ ප්‍රකාශ හේතුවෙන් නොසැලී මහින්ද රාජපක්‍ෂ මහතා සමග සිටින බවත් හෙතෙම පවසා ඇත.

මෙම අවස්ථාවේදී කණ්ඩායම් රැස්වීම තරමක් උණුසුම් ස්වභාවයක් ගෙන තිබෙන අතර, මන්ත්‍රීවරුන් අතර දැඩි වාග් සංග්‍රාමයක් පැවැති බව වාර්තා වෙයි.

මේ අතර, පළාත් සභා මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙස ආණ්ඩුවට බලකිරීම සඳහා විසුරුවාහැර තිබෙන පළාත් සභාවලට අයත් දිස්ත්‍රික්කවල උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමටද මෙහිදී තීරණයක් ගෙන තිබේ.

එම දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට උද්ඝෝෂණවල වගකීම් පවරා තිබෙන අතර, එහි පළමු උද්ඝෝෂණය අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර, පවතින ආර්ථික අර්බුදය පැහැදිලි කර ගැනීම සඳහාත්,ඒ සඳහා විසඳුම් යෝජනා කරගැනීම සඳහාත් විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමටද මෙහිදී යෝජනා වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More