ආණ්ඩුව, දෙමළ ජාතික සන්ධානයට ඉටු කිරීමට පොරොන්දු වූ දේවල් මොනවාදැයි වහාම රටට හෙළිකළ යුතු බව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියෝ පැවැසූහ.
දුන් පොරොන්දු ඉටු නොකළහොත් ඉදිරි අය-වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් සහ දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුමන්තිරන් සිදු කළේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවත් උන්වහන්සේ සඳහන් කළහ.
බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුදත්ත හිමි,
මේ වෙනකොට රටේ ඉදිරි වර්ෂය සඳහා අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙනවා. මේ අය-වැය අන්තර්ගතය පිළිබඳව කිසිදු වග විභාගයකින් තොරව තමන්ගේ පටු දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමට, විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් කොන්දේසි විරහිතව ඍජුවම පෙනී සිටින දෙමළ ජාතික සන්ධානයේ ඒ ප්‍රකාශ එක්ක අපිට ප්‍රශ්න කිහිපයක් ඇතිවෙලා තියෙනවා.
උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් සහ දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුමන්තිරන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. ටී.එන්.ඒ. එකෙන් වෙන්වෙලා ඉන්න විග්නේශ්වරන් මහත්තයාගේ ඉල්ලීමක් ඉටු කරන්න ටී.එන්.ඒ. මන්ත්‍රිවරයෙක් වුණු සුමන්තිරන් මේ ප්‍රකාශය කරන්නේ ඇයි කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් ප්‍රකාශ කළා මේ අය-වැයට අනිවාර්යයෙන්ම විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා, ඔවුන්ට පොරොන්දු වුණු දේවල් ඉටු නොකළොත් කියලා.
අපි ආණ්ඩුවට කියනවා වහාම රටට හෙළිදරව් කරන්න කියලා, දෙමළ ජාතික සන්ධානයට ඉටු කරන්නම් කියලා පොරොන්දු වුණේ මොනවාද කියලා.
ඒ පොරොන්දු පත්‍රිකාවේ තියෙන්නේ දෙමළ නිජබිම් සංකල්පය පිළිගන්නවාද? ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනවාද? එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නිදහස් කරන්නද? අපි අහනවා මේ රටේ තැනින් තැන බෝම්බ පුපුරවලා මේ රටේ අහිංසක නිරායුධ ජනතාව ඝාතනය කරපු එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කරනවාද කියලා වහාම රටට ආණ්ඩුව හෙළිදරව් කළ යුතුයි.
ඒ වගේම උතුර සහ නැඟෙනහිර පළාතේ තිබෙන පුරාවස්තු, විහාරස්ථාන සහ සිංහල ගම්මාන ඉවත් කරන්නත් අද දෙමළ ජාතික සන්ධානය යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අපි ආණ්ඩුවෙන් අහනවා දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම මත මේ දේවල් ඉවත් කරනවාද කියලා. රටට දැවැන්ත විදියට බලපාන මේ දේවල්වලට ආණ්ඩුව මොකද කරන්නේ කියලා වහාම රටට හෙළිදරව් කළ යුතුයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...