දේශීය පුවත්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිතව පිහිටුවන ලද ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ එළි දැක්වීමේ සමාරම්භක උළෙල අද (17) ප.ව. 5.00 ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ආරම්භවීමට නියමිතයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වේ.

විවිධ ක්ෂේත‍්‍රයන්හි ඉංජිනේරුවරුන්ගෙන් සැදුම්ලත් ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් සතු ප‍්‍රථම සහ එකම ඉංජිනේරු සංවිධානයයි. වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් සතුව ඉංජිනේරුවන්ගෙන් පමණක් සැදුම්ලත් සංවිධාන ව්‍යූහයක් දැනට ස්ථාපිත කර නැත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් සහ ම`ග පෙන්වීම් අනුව පක්ෂයේ අනුසංවිධානයක් ලෙස පොදුජන ඉංජිනේරු පෙරමුණ පිහිටවනු ලැබීය. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විවිධ ක්ෂේත‍්‍රයන්හි සේවයෙහි නියුතු ඉංජිනේරුවන් සහ රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාලයන්හි ආචාර්ය, මහාචාර්යවරුන් විශාල පිරිසක් දැනටමත් මෙම පෙරමුණෙහි සාමාජිකත්වය ලබා ගෙන ඇත.

”වඩා යහපත් අනාගතයක් ස`දහා ඉංජිනේරුවන්ගේ කාර්යභාරය” යන තේමාව යටතේ අද පැවැත්වෙන සමාරම්භක උත්සවයේ දී ඉංජිනේරුවන්ගේ කාර්යභාරය පිළිබ`ද විද්වත් කථිකාවතක්ද පැවැත් වේ. ”වඩා යහපත් අනාගතයක් ස`දහා ඉංජිනේරුවන්ගේ කාර්යභාරය” යන මැයෙන් උළලේ ප‍්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ මහාචාර්ය රංජිත් දිසානායක මහතා විසිනි.

ප‍්‍රවාහනය සහ ගමනා ගමනය පිළිබ`ද අනුමාතෘකා කිහිපයක් ඔස්සේ දේශන පැවැත්වෙන අතර ගුවන් සහ නාවික ගමනා ගමනය පිළිබ`ද දේශනය ආචාර්ය ලලිත් සමරක්කොඩි මහතා විසින් ද, දුම්රිය ගමනා ගමනය පිළිබ`දව ඉංජිනේරු ගයාන් අධිකාරි මහතා විසින් ද, මහා මාර්ග සහ ගමනා ගමනය පිළිබ`ද දේශනය ආචාර්ය ටෙරන්ස් මොහාන්රාජ් මහතා විසින් ද ගමනා ගමනය පිළිබ`ද පාරිසරික ඉදිරි දැක්ම පිළිබ`ද දේශනය ආචාර්ය නීතා ජයන්ති මහත්මිය විසින් ද පැවැත්වීමට නියමිතව ඇත.

නාවික, ගුවන්, මහා මාර්ග සහ දුම්රිය ගමනා ගමනය පිළිබ`ද ලෝකය සහ ශ‍්‍රී ලංකාව තුළ පැවැති සහ පවතින තත්වයන් සාකච්ඡුා කරමින් ශ‍්‍රී ලංකාවේ ගමනා ගමනය සම්බන්ධයෙන් සිදු විය යුතු අනාගත වෙනස්කම් පිළිබ`ද පු`ඵල් ජාතික කථිකාවතක් නිර්මාණ කිරීම ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ සිය සමාරම්භක උළෙල තුළින් අපේක්ෂා කරයි. ශ‍්‍රී ලංකාව සංවර්ධිත දේශයක් ලෙස ඔසවා තැබීමෙහිලා සියලූ ඉංජිනේරුමය විෂයන් තුළින් ලැබීය යුතු දායකත්වය වෙන් වෙන් වශයෙන් ඉදිරියේදී රට හමුවේ සාකච්ඡුා කිරීමටද ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ සැලසුම් සකස් කර ඇත. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛව බිහිවන අනාගත රජය යටතේ රටේ යහපත වෙනුවෙන් ඉංජිනේරුවන් ලෙස උපරිමයෙන් දායක වීම ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ සමස්ත සාමාජිකත්වයේ ප‍්‍රමුඛ අභිලාෂයයි.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More