දේශීය පුවත්

තමාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මාධ්‍ය ආයතන වලට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගන්නා බව අද (16) ප්‍රකාශ කළේය.

”යහපාලනය ගෙනල්ලා අපි ඕනෙම පුද්ගලයෙක්ට රුපවාහිනියක් ඉදිරියට ඇවිල්ලා චෝදනාවක් කරන්න පුළුවන්. නීතියෙන් කිසිම ප්‍රතිකර්මයක් නැහැ දඬුවම් කරන්න. ඕනෙම කෙනෙක්ට ඇවිල්ලා තමන්ට වැඩේ කර ගන්න බැරි උනාම මේ අමාත්‍යවරයා 5%-10% කොමිස් ඉල්ලනවා කියලා. යුරෝ බිලියන 05 ක ආයෝජනයක් ගෙනාවා කිව්වා.

මේ රට ගොඩ ගන්න පුළුවන් ඔය කිව්ව ආයෝජනයෙන්. දුම්රියේ එන්න මුදල් නැහැ නමුත් විදුලි දුම්රිය ගෙන්න කතා කරන්නේ. මේ ගැන මම තීරණයක් ගන්නවා. ඒ වගේම මාධ්‍යත් බලන් ඉන්නේ අපිට කොයි වෙලේද මඩක් ගහන්නේ කියලා. මම එහෙම මඩ ගහනකම් බලන් ඉන්නේ නැහැ. මම නීතිඥවරුන් මුණ ගැහිලා සාකච්ජා කරලා තියෙන්නේ ඒ සියලුම මාධ්‍ය ආයතන වලට එරෙහිව නඩු දාන්න. දැන් මේ තියෙන්නේ වල්බුරු මාධ්‍ය නිදහසක් ”යැයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More