දේශීය පුවත්

කොළඹ වාරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදීම සම්බන්ධයෙන් අද (16) පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

කොළඹ වාරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදිය යුතු බවට යෝජනාවත් කැබිනට් මණ්ඩලය ඉදිරිපත්ව ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට විරෝධය පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ව්‍යාපෘතියක් ලෙස ප්‍රවර්ධනය කළයුතු බවට වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් මගින් යෝජනා කර ඇති අතර අගමැතිවරයාත් මලික් සමරවික්‍රම ඇමැතිවරයාත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය ඉන්දියාවට බදුදීමට සාකච්ඡා කර ඇතැයි පවසා ඇත.

එහිදි අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා හම්බන්තොට වරාය චීනයට දී තිබියදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දුන හොත් හදිසියකට නැවක් ගෙන්වා ගැනීමටවත් වරායක් නැති බව පවසා ඇතැයි වාර්තා වේ.

එබැවින් තමා මේ වරාය බදුදීමේ යෝජනාවට අකමැති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ප්‍රශ්නය විසඳා ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි වාර්තාවේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් පවත්වාගෙන යෑම වැදගත් බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

මේ තත්ත්වය මත කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමේ යෝජනාවෙන් කැබිනට් මණ්ඩලයේ මත ගැටුමක් ඇති වූ බව වාර්තා වේ.



One thought on “වරාය බදුදීමේ යෝජනාවට ජනපති පෑ විරෝධයෙන් කැබිනට් මණ්ඩලය ඇවිලෙයි”

  1. හැරෙන්න පුළුවන්නම් දැනුත් ප්‍රමාද නැ ලොක්කා

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More