දේශීය පුවත්

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි කරමින් ගෙන ඒමට නියමිත නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පහතින් ත්‍රස්තවාදයට අනුබල දීමක් හා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් සිදු වන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කටයුතු කළේය.

අද (15) දින විමල් වීරවංශ මහතා වෙනුවෙන් ජී.ටී. මධුභාෂිනී, කපිල ගමගේ, කණිෂ්ක විතාරණ යන නීතිඥවරු සමඟ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා විසින් මෙම නඩුව ශ්‍රේෂ්ඨාධීකරණය හමුවට ඉදිරිපත්කර තිබේ.

මෙම පනත මගින්, පෙර පනත යටතේ ත්‍රස්තවාදී ක්‍රියා ගනයෙහි ලා ගැනෙන වරදවල් සඳහා ලබා දුන් දඬුවම් කාලසීමාවන් ලිහිල්කර තිබීම මෙන්ම, ‘මිනීමැරීම’ යන වරදට දණ්ඩ නීති සංග්‍රහයෙහි මරණ දඬුවම නියම කර තිබිය දී මෙම පනත යටතේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් සිදු කරන මිනීමැරීමකට උපරිම දඬුවම ‘ජීවිතාන්තය දක්වා සිර දඬුවම’ සේ ලිහිල් කර තිබීම ප්‍රශ්නකාරී බව විමල් වීරවංශ මහතා සිය පෙත්සමෙන් පෙන්වා දෙයි.

එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි වීමෙන් ඒ යටතේ රඳවා ගෙන සිටි මෙතෙක් නඩු නොපවරා ඇති පිරිස් හා ඒ පනත යටතේ නඩු අසා දඬුවම් ලබා දී ඇති පිරිස්වලට නව පනත යටතේ ලිහිල් දඬුවම් හිමි වීම ද ඒ මහතා සිය පෙත්සමෙන් අභියෝගයට ලක්කර තිබේ.

එසේම නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි ප්‍රතිපාදන යටතේ ත්‍රස්තවාදී සැකකරුවන් පිළිබඳ සිදු කරන විමර්ශන සඳහා බාධා එල්ල වන බව ද විමල් වීරවංශ මහතා සිය පෙත්සමෙහි සඳහන්කර ඇත. විශේෂයෙන් නව පනත යටතේ ත්‍රස්තවාදී සැකකරුවන් රඳවා ගැනීම ඇතුළු විමර්ශන පටිපාටියෙහි එක් එක් අදියර මානව හිමිකම් කොමිෂන් සභාවට හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට වාර්තා කිරීමට ආරක්‍ෂක අංශවලට සිදු වීමෙන් එකී විමර්ශනවල ස්වාධීනත්වයට බලපෑම් එල්ල කිරීමෙහි ඉඩක් නිර්මාණය වී ඇති බව ද මෙහිදී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.



3 thoughts on “ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතට එරෙහිව විමල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!”

  1. මජර දේශපාලණයෙන් යට වු එ් අව්‍යාජ මනුස්සකම..

  2. ඓතිහාසිකවම සියල්ලනට සහජීවනයෙන් සිටිය හැකි
    “සිංහල බෞද්ධ රාජ්‍යක්”
    පියවරෙන් පියවර ගොඩනගමු

  3. ජාතික නිදහස් පෙරමුණ කිව්වොත් කරනවාමයි. අපි ගෝඨා ජනාධිපති කරනවාමයි

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More