දේශීය පුවත්

උතුරු පලාත් සභාවෙන් ගෙන ඇති තීරණයකට අනුව යාපනයේ ගම්මාන ඇතුලු ප්‍රදේශ නම් කිරීම සඳහා යොදා ඇති නාම පුවරු වෙනස් කිරීම හේතුවෙන් එම නාම පුවරුවල සිංහල අරුත් සම්පූරණයෙන්ම විකෘත්ති කොට ඇති බවට යාපනයේ සිංහල වැසියන් කියා සිටිති.

උතුරේ ග්‍රාම නාම හා ස්ථානීය නාමයන් පුවරු වල යෙදීමේදී මුලින්ම දෙමළ භාෂාවෙන් ඒවා නම් කිරීමත් අර්ථ පරිවර්ථනය කොට ගම්වල නම් සදහන් නොකරණ ලෙසත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් උතුරේ පළාත් පාලන නිලධාරීන් සදහා වූ රැස්වීමකදී පසුගියදා ප්‍රකාශ කොට තිබුණි.

විදේශිකයින් විශාල පිරිසක් පැමිණෙන බැවින් නාම පුවරුවල පළමුව දෙමළ භාෂාවද දෙවනුව සිංහලයෙන්ද අවසානයට ඉංග්‍රීසි භාෂාවෙන්ද සදහන් කළ යුතු බව ප්‍රධාන අමාත්‍යවරයා නිලධාරීන් දැනුවත් කොට ඇත.

එම ප්‍රකාශයන්ට අනුව මේ දිනවල උතුරේ බොහෝ ස්ථාන වල ග්රාම නාම හා ස්ථානීය නාම වෙනස් කොට නව පුවරු සැකසීමේ කටයුතු මේ දිනවල පටන්ගෙන තිබේ.

නමුත් එම නාම පුවරු සකස් කිරීමේ කටයුතු දෙමළ නිලධාරීන් සිදු කරන හෙයින් දෙමළ නිලධාරීන් නාම පුවරුවල සිංහල තේරුම පිළිබඳව දැනීමක් නොමැතිවීමෙන් මෙම ගැටලුකාරී තත්වයන් උද්ගතව ඇත.

එමෙන්ම යාපනයේ සිටින සිංහල ජනතාව කියා සිටින්නේ නම යෙදීම කුමන පිළිවෙලකට සිදු කළත් ඒවායෙහි සිංහල යෙදීමේදී නිවැරදිව සිංහල යෙදීමට දන්නා අයෙකුගේ හෝ සහය ලබා ගත යුතුව ඇති බවටත් දිනපතා යාපනයට පැමිණෙන සිංහල බැතිමතුන්ද දැඩි අසීරුතාවයන්ට පත් වන බැවින් අදාල ගැටලුකාරී තත්වයන් හැකි ඉක්මනින් නිවරදි කිරීමට උතුරු පලාත් සභාව පියවර ගත යුතු බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More