2019 වසර සඳහා වූ රජයේ අයවැයට සහාය වන්නේද නැතිද යන්න ජනාධිපතිවරයා සමඟ හෙට (17) සිදුකරන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය වනු ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.
රජයේ අයවැයට සහාය පළ නොකරමින් එය ප්‍රතික්ෂේප කළ යුතුයි යන අදහස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් තුළ පවතින අදහසක් බවද එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කළේය.
යාපනයේ පිහිටි සිය නිවසේ ඊයේ ( 15 ) මාධ්‍ය හමුවක් කැඳවමින් සුමන්තිරන් මහතා මේ බව අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා මෙසේද කීය.
‘‘බොහෝ දේවල් සිදුකර අවසන් කරනවා කියලා දීපු පොරොන්දුව රජයට නිසි ආකාරයෙන් ඉටුකරන්න බැරි වුණා. රජය මේ විදිහට බොහෝ දේවල් සිදු නොකළ නිසා මෙවර අයවැය ප්‍රතික්ෂේප කළ යුතුයි කියල දෙමළ ජාතික සන්ධානයේ බහුතර පිරිසක් යෝජනා කරනවා.
අයවැය සම්බන්ධයෙන් කුමන ආකාරයේ කොන්දේසි ඉදිරිපත් කරන්නේද පොරොන්දු ඉටු කිරීම සඳහා රජයට කොපමණ කාලයක් ලබාදිය යුතුද කියල අපි මෙතෙක් තීරණය කරල නැහැ. බදාදා 17 වනදා ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් තියෙනවා.ඒ සාකච්ඡාවේදී මොන විදිහෙ තීරණයක් ගනීවිද කියල දන්නෙ නැහැ.“
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...