දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පිළිතුරු සැපයීම පිණිස සනත් ජයසූරියට සඳුදා (ඔක්තෝබර් 15) සිට දින 14 ක කාලයක් ලබාදෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන සනත් ජයසූරියට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මතු සඳහන් චෝදනා දෙක ඉදිරිපත් කර තිබේ.
නීති සංග්‍රහයේ 2.4.6 වගන්තියට අනුව – අසමත් වීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම: පිළිගත හැකි හේතුවක් නොමැතිව දූෂණ විරෝධී ඒකකය මෙහෙය වූ කිසිදු පරීක්ෂණයකට සහයෝගය නොදැක්වීම සහ පරීක්ෂණයට අදාළ තොරතුරු සහ/හෝ ලේඛන නිවැරදි ලෙස සහ සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම.
නීති සංග්‍රහයේ 2.4.7 වගන්තියට අනුව – දූෂණ විරෝධී නීතිය යටතට ගැනෙන දූෂණයක් හෙළි කර ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණයට අදාළ හෝ පරීක්ෂණයේ සාක්ෂි විය හැකි වාර්තාවක් හෝ වෙනත් තොරතුරක් ආවරණය කිරීම, වෙනසකට භාජනය කිරීම හෝ විනාශ කිරීම, දූෂණ විරෝධී ඒකකය මගින් ක්‍රියාත්මක කළ පරීක්ෂණයට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම.
මේ සඳහා පිළිතුරු ලබා දීමට සනත් ජයසූරියට 2018 ඔක්තෝබර් 15 දින සිට දින 14 ක කාල සීමාවක් ලබා දී ඇති බව පවසන ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය දැනට මෙම කාරණය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශ නිකුත් නොකරන බව ද සඳහන් කර තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...