දේශීය පුවත්

‘ආවා’ කල්ලියේ සාමාජිකයන් යාපනය දිස්ත්‍රික්කයේ සිදුකරන පහරදීම් හා මංකොල්ලකෑම් නැවැත්වීමේ පියවරක් වශයෙන් යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කොට මාර්ග බාධක යොදා පුද්ගලයන් හා වාහන පරීක්ෂා කිරීමට පොලිසිය විසින් පියවර ගෙන තිබේ.

මේ අතර යාපනය, මාණිප්පායි, චුන්නාකම් හා කෝපායි ප්‍රදේශයන්හි පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදී 40 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. අධිකරණය මඟහරිමින් වරෙන්තු ලබා සිටි පුද්ගලයන්ද, බීමතින් රිය පැදවූවන් මෙන්ම විවිධ වැරැදි සිදුකළ පුද්ගලයෝද ඒ අතර වෙති.

මේ සඳහා පොලිස් නිලධාරීන් 500ක් පමණ යොදවා ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥානම් කියා සිටියේ සාමයට තර්ජනයක් වන කල්ලි අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළ යුතු නමුත් ඉන් සාමාන්‍ය වැසියන්ට කරදරයක් නොවිය යුතු බවයි.

යාපනයේ ජනතාව ‘ආවා කල්ලිය’ ඇතුළු කොල්ල කල්ලිවලට බියෙන් ජීවත් වන අතරතුර පොලිසියද මහමඟ යන පිරිස් හා ඔවුන්ගේ බඩුබාහිරාදිය පරීක්ෂා කරමින් සහ හැඳුනුම්පත් පරීක්ෂා කරමින් කටයුතු කිරීම නිසා යළිත් වරක් යුද සමයේදී යාපනය නගරයේ පැවැති වාතාවරණයක් උදාවී ඇති අතර මෙම තත්ත්වය ඉදිරියටත් පැවැතියහොත් දැනට කඳවුරුවල සිටින හමුදා සේනාංකද මාර්ගවලට පිවිස ජනතාව අනවශ්‍ය අන්දමට පරීක්ෂා කිරීම ආරම්භ කළ හැකි බැවින් යාපනයේ ක්‍රියාත්මක කල්ලි අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මීට වඩා වෙනත් ක්‍රම අනුගමනය කිරීම වඩා වැදගත් බවද උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥානම් වැඩිදුරටත් පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More