විදේශ පුවත්

සිම්බාබ්වේ රාජ්‍යයේ බලය අල්ලාගත් එරට හමුදාව 93 හැවිරිදි ජනපති රොබට්‌ මුගාබේ අත්අඩංගුවට ගෙන ඇත. මුගාබේ සමඟ ඔහුගේ පවුලේ උදවියද හමුදා අත්අඩංගුවට පත්ව සිටිති. රොබට්‌ මුගාබේගෙන් පසුව එරට ජනපති පුටුවට ඔහුගේ 52 හැවිරිදි බිරිය පත්කිරීමට සූදානම්වීම පිළිබඳව එරට හමුදාවේ දැඩි විරෝධය පළවිය. ඒ අනුව මේ ලේ නොහැළුණු හමුදා කුමන්ත්‍රණය දියත් විය. සිම්බාබ්වේ අගනුවර පුරාම යුද ටැංකි නවතා ඇති අතර හමුදා භටයෝ නගරය පුරා මුර සංචාරවල නිරත වෙති.

හිටපු උප ජනාධිපති එමර්සන් හන්ගාවා මුගාබේ විසින් ධුරයෙන් පහකිරීම ගැනත් හමුදාවේ දැඩි විරෝධය පළවිය. හමුදා කුමන්ත්‍රණයත් සමඟ හිටපු උප ජනාධිපතිවරයා නැවත සිය රට බලා පැමිණ ඇත. 1980 සිට ජනපති පදවිය හෙබවූ මුගාබේ ලොව වයස්‌ගතම රාජ්‍ය නායකයා විය. ඔහු 1924 දී උපත ලබා ඇත. හමුදාව බලය අල්ලා ගැනීමෙන් පසු හරාරේ නගරයේ පිපිරීම් කිහිපයක්‌ සිදුවූ බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More