දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයා වීමට විරෝධය පළ කරමින් දිගින් දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් සිදු කරන ප්‍රකාශයයන් වවල මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකු අද දිනයේ දැඩි විරෝධය පළ කළහ.

කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අළුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන් ඒ සඳහා එක් වේදිකාවක් මත සිට විරෝධය පළ කරමින් අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔවුන් විසින් වෙල්ගම මන්ත්‍රීවරයා දැඩිව විවේචනය කලහ.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට කඩේ යන්න එපා යැයි වෙල්ගම මහතාගෙන් ඉල්ලා සිටින බවත් සටන මොට කිරිම සඳහා රනිල්ගේ සටන්පාඨ අපගේ වේදිකාවේ කතා නොකරන ලෙසත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේ කොහෙවත් යන නර පණුවන් රෙද්දකට ගැට ගහගන්න උන් අද විවිධ කතා කරගෙන යන බවත් මෙච්චරකල් ඉවසා සිටිය ද තවත් ඉවසීමට සූදානම් නැති බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More