රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදී අද(16) රාත්‍රී 7.00ට පැවැත්වේ.
මෙයට අමතරව ඉදිරි මැතිවරණ , පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ,ගම්පෙරළිය වැඩසටහනේදී පක්ෂයේ අයට මුහුණ දීමට සිදුවී ඇති ගැටළු ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවැසීය.
සභාග ආණ්ඩු යෝජනාවද මධ්‍යම කාරක සභා න්‍යාය පත්‍රයේ ඇත්දැයි අප කළ විමසුමකදී මහ ලේකම්වරයා පැවැසුවේ මෙතෙක් එවැනි කාරණයක් න්‍යය පත්‍රයට ඇතුළත් වී නැති බවයි.
පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව සමාලෝචනය කිරීමක් මෙහිදී පුළුල්ව කෙරෙන බවද රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...