දේශීය පුවත්

ශ්‍රී ලංකාව ‘දකුණු ආසියාවේ කුණුගොඩ’ බවට පත් කෙරෙන නීති විරෝධී ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම ආපසු හැරවීමට ගත හැකි සියලු පියවර ආණ්ඩු පෙරළියකින් මෙපිට වහාම ගත යුතු බවත් ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු රට සුරකින ජනපවුර සංවිධානය සමඟ එක්ව සටන් වදින බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද (15) ජාතික නිදහස් පෙරමුණ හා රට සුරකින ජනපවුර සංවිධානය අතර පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිකයන්ගේ සංවිධාන, කලා සන්ධාන හා වෘත්තීය සමිතිවලින් සැදුම්ලත් රට සුරකින ජනපවුර හා ජාතික නිදහස් පෙරමුණ අද සිංගප්පූරු වෙළඳ ගිවිසුම, ඉන් රටට සිදුවන අනර්ථය පිළිබඳ සාකච්ඡා කළා. ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම කියන්නේ, මලික් සමරවික්‍රම ඇමතිවරයා, සිංගප්පූරුවේ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ උපදෙස් ඇතිව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කුණුගොඩ බවට පත් කිරීමට හදපු ගිවිසුමක්. අමාත්‍ය මණ්ඩලයේ නිසි අනුමැතිය ලබා ගෙන නොමැති නිසා මෙය නීති විරෝධී ගිවිසුමක්. අනාගත පාලනයකින් මෙපිට, වහාම මේ ගිවිසුම හකුළා ගන්නා තත්වයකට පරිවර්ථනය කිරීමට ජාතික නිදහස් පෙරමුණ ලෙස අපට දිය හැකි උපරිම සහාය අපි ලබා දෙනවා. ඒ බව අපි රට සුරකින ජනපවුර සංවිධානය හමුවේ අවධාරණය කළා. ඉදිරි කාලයේදී ඒකාබද්ධව මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කිරීමට අපි සූදානම්”

මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා

“ සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ට, ව්‍යාපාරිකයන්ට, මහජනතාවට සිදු වන බලපෑම සම්බන්ධයෙන් අපි රට සුරකින ජනපවුර ලෙස පුළුල් හඬක්, මතයක් ඇති කළා. නමුත් ඒ සියල්ල අබිබවා යමින් බොහොම හොර රහසේ සිංගප්පූරු ගිවිසුම අත්සන් කර රටට විශාල අගතියක් මෙම ආණ්ඩුව විසින් සිදු කොට තිබෙනවා. ඒ අගතියෙන් මේ රට ගලවා ගැනීම සඳහා ගෙන යන සටනට මේ රටට හිතැති සියලු දේශපාලන පක්‍ෂත් එකතු කර ගැනීමට අපි තීරණය කළා. එසේ සහයෝගය ලබා ගැනීමට යන ගමනේ තවත් පියවරක් තමයි අද මෙලෙස සිදු වුණේ.

ජාතික නිදහස් පෙරමුණ ලෙස මේ කාරණයේදී එක්ව කටයුතු කිරීමටත් ඉදිරි අරගලවලදී පූර්ණ සහයෝගය ලබා දීමටත් ඔවුන් එකඟ වුණා. මේ ගිවිසුම අවලංගු කොට ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් හැදීම සඳහා අප ගෙන යන සටනට මේ සාකච්ඡාව ඉතා වැඳගත් එකක් වුණා. රටේ දේශපාලන දිශානතිය වෙනස් කළ හැකි නායකයන් අප සමඟ එක්ව මෙසේ මේ ජාතික අරගලයට පණ පෙවීමට එකඟ වීම පිළිබඳව අපි අපේ ප්‍රණාමය පුද කරනවා”

මෙම සාකච්ඡාවට පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි, ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ, රජයේ ආයුර්වේද නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල, ප්‍රවිණ කලාකරු සුදත් රෝහණ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

.

ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුමට එරෙහිව විමල් රට සුරකින ජනපවුර හා අත්වැල් බැඳගනී”

Gepostet von Lanka Lead News am Montag, 15. Oktober 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More