දේශීය පුවත්

භාරකාර ආණ්ඩුවක් නැති නම් බරකරත්ත ආන්ඩුවක් හරි ගෙනැවිත් වත්මන් අගමැතිවරයා සහ ආණ්ඩුව ගෙදර යැවිය යුතු බව එක්සත් ජාතික නිදහස් පෙරමුනේ නායක නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පැවසුවේ ඊයේ (14) දහවල් ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“මේ ආණ්ඩුව නොමැතිව ඕනම ආන්ඩුවක් භාරකාර ආණ්ඩුවක් හරි කමක් නෑ. බරකකරත්ත ආණ්ඩුවක් හරි කමක් නෑ. මේ හාදයෝ ටික නැතිව. මොකද මේ ආණ්ඩුව ඇවිල්ලා රටේ ජනතාවට උඵරිම දුක දීලා තියෙන්නේ. අද දිනෙන් දින ජීවන වියදම වැඩි වෙනවා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙනවා. අද රස්සාවක් සොයාගන්න නෑ ගමේ ආර්ථිකය විනාශ වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ බාර කාර ආන්ඩුවක් නෙමේ බරකරත්ත ආන්ඩුවක හරි දාලා මේ අගමැතිවරයා සහ හොරු රැළ ගෙදර අරින්න ඕන කියන එක තමයි පැහැදිලිවම එක්සත් ජාතික නිදහස් පෙරමුනේ අපි කියන්නේ. මේ ආණ්ඩුව පැහැදිලිවම ඡන්ද තියන්නේ නැහැ. එතකොට දැන් ජනතා විමුක්ති පෙරමුනෙන් විසි වැනි ව්‍යවස්තා සංශෝධනයක් ගෙනැල්ලා තියෙනවා. මේ ගැන ජනමත විචාරණයකට යන්න ඕනේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කරලා තියෙනවා.”

“ආණ්ඩුවට බැරිනම් පළාත් සභා මැතිවරණ ටික තියෙන්න කරුණාකරලා ජනමති විචාරණයකට යමු. විසි වැනි සංශෝධනය අනුමත කරනවාද නැද්ද මේ ආණ්ඩුවේ ක්‍රියා පිලිවෙත අනුගමනය කරනවාද නැද්ද මේ ආන්ඩුව රටේ ජනතාවට සේවය කරනවාද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්නම් ජනමත විචාරනයකට යන්න කියලා අපි මේ ආන්ඩුවේ සියලුදෙනාටම කියනවා. ජනමත චිචාරණයකට දැම්මට පස්සේ තෙරුම් ගන්න පුළුවන් වෙයි මේ රටේ ජනතාව කොතැනද ඉන්නේ කියන එක. මේ ආණ්ඩුව ගෙදර අරින්න ඕනේ කියලා ජනතාව පැහැදිලිවම තීරනය කරලා හමාරයි.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More