දේශීය පුවත්

නොවැම්බර් මස 05 දින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 1000ත් 1500ත් අතර වැටුප් වර්ධකයක් හිමිවනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. එම වැටුප් වර්ධකයට සමගාමීව විශ්‍රාම වැටුප් අනුපාතද සංශෝධනය කරනු ඇත.

වසර 2015 වත්මන් රජය බලයට පත්වූ පසු රුපියල් දසදහසක වැටුප් වර්ධකයක් රාජ්‍ය සේවකයන්ට හිමිවූ අතර ඉන්පසු ගතවූ වසර තුනේම වැටුප් වර්ධක හිමිවූයේ නැත. පවත්නා පීඩාකාරී ආර්ථික තත්ත්වයට සහනයක් ලෙස වැටුප් වර්ධකය ලබාදීමට රජය තීන්දු කළ බවද කියැවේ.

මේ හැර දැනට අධික බදු බරින් පීඩාවට පත්ව ඇති ඉදිකිරීම් අංශය, හෝටල් ක්ෂේත්‍රය හා කෘෂි අංශය සඳහා බදු සහන සමඟ නව බදු අනුපාත නියම කෙරෙනු ඇතැයිද දැනගන්නට තිබේ.

දේශපාලන වාර්තාකරු ( ඉරිදා දේශය)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More