ශ්රී ලංකා නිදහස් පක්ෂය, යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීමට පියවර ගතහොත් වහාම එම පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන නිලතල දරන අමාත්‍යවරු කිහිපදෙනෙක් මේ වනවිට සැලසුම් කරමින් සිටී.
ඒ අනුව එම අමාත්‍යවරු මේ සම්බන්ධව දැනටමත් එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ජා ආරම්භ කර ඇති බව ශ‍්‍රීලනිප ආරංචිමාර්ග සදහන් කරයි.
ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත්, එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය සහාය ලබාදීම මෙම ශ‍්‍රීලනිප අමාත්‍යවරුන්ගේ අරමුණ වන බවද එම ආරංචිමාර්ග සදහන් කළේය.
තම සැලසුම් සාර්ථක කර ගැනීම සඳහා මේ වන විට මෙම අමාත්‍යවරු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කිරීමේ මෙහෙයුමද ආරම්භ කර ඇති බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...