දේශීය පුවත්

ඉන්ධන මිල සූත‍්‍රය යනු තේරුම් ගත නොහැකි තරම් ප‍්‍රහේලිකාවක් නොවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. මිල සූත‍්‍රය මඟීන් ආණ්ඩුව සිදු කළේ ලෝක වෙළඳපොලේ මිල වෙනස්වීමට අනුව රටේ ඉන්ධන මිල වෙනස් කිරීම බව අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර ක‍්‍රමවේදවලට අනුව ලෝකයේ ඇතැම් රටවල් දෛනිකවත්, සතියකට වරක් ලෙසත්, මාසිකවත් ඉන්ධන මිල වෙනස් කිරීම සිදු කරන බවත් මෙරට ඉන්ධන මිල දිනෙන් දින ඉහළ යන්නේ ලෝක ආර්ථික අර්බුදය හමුවේ බවත් අග‍්‍රාමාත්‍යවරයා බෙන්වා දෙයි. ගල්ගමුවේ ඊයේ (14) පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

නියඟය සහ අධික ණය බර වැනි අභියෝගයන්ට ආණ්ඩුව සාර්ථකව මුහුණදුන් ආකාරයට ඉන්ධන මිල අභියෝගයට ද මුහුණ දී විසඳුම් සොයා ගන්නා බව අග‍්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More