මහ බැංකු බැඳුම්කර සිද්ධිය සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමට දොaෂාරෝපණය කරන ආණ්‌ඩු පක්‌ෂයේ පිරිස් කවුරුන්දැයි හෙළි කර ගැනීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට එක්‌සත් ජාතික පක්‌ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.
බැඳුම්කර කොමිසම පත් කිරීම සම්බන්ධයෙන් දොස් කිව්වේ කවුද? ඒ කවදාද? කොතැනදීද? පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා ජනාධිපතිවරයා හමුවීමට දිනයක් හා වෙලාවක් ඉල්ලා මේ සතියේදීම ලිපියක් යොමු කරන බවත් එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී චමින්ද විඡේසිරි මහතා පවසයි..
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවර්ෂ පූර්ණ ගුණ සමරුවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම කරුණු පැහැදිලි කර ගැනීම එජාප මන්ත්‍රීවරුන්ගේ අපේක්‌ෂාව වේ.
කෙසේ වෙතත් මීට සති දෙකකට පෙර ජනාධිපතිවරයා හමු වූ අවස්‌ථාවේදී ඔහු එවැනි කාරණයක් හෙළි නොකළ බවත් හදිසියේම සිදු කළ මෙම ප්‍රකාශය ගැන සත්‍ය දැන ගැනීම අත්‍යවශ්‍ය බවත් චමින්ද විඡේසිරි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...