දේශීය පුවත්

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි බලකා අධ්‍යක්ෂ නාමල් කුමාර අතර ඇතිවු දුරකථන සංවාදවල ඇතැම් කොටස් විනාශ කර ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම කරුණු අනාවරණ කර ගැනීමට මෙරට පවතින තාක්ෂණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම පියවර ගන්නා බවයි.

මේ පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයා සමග කළ සාකච්ඡාවලින් පසු එම තීරණයට එළැඹි බව ද, එම නිලධාරියා අනාවරණය කළේ ය.

ඔහු පැවසුවේ, ඉදිරි පරික්ෂණ සඳහා අදාළ දුරකථන සංවාද කුමන රටක් වෙත යොමු කරන්නේ ද යන්න මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

ඉදිරි සතිය තුළ ඊට අවශ්‍ය අවසන් තීරණයකට එළඹීමට නියමිත බව ද, ඔහු සඳහන් කළේ ය.

ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි පෙරමුණේ නාමල් කුමාරට චෝදනා එල්ල වී තිබේ.

මේ අතර, දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර හා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අතර ඇතිවූයේ යැයි, කියන ඝාතන කුමන්ත්‍රණයට අදාළ දුරකථන සංවාදය තහවුරු කර ගැනීම සඳහා කැඳ වූ රස පරීක්ෂක වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 9 වනදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාර දෙනු ලැබීය.

මේවන විට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන මහත්වරුන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වමින්, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ද නිකුත් කර තිබේ.

(News 1st)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More