දේශීය පුවත්

වත්මන් යහපාලන රජයට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සහාය අහිමිවීමේ අනතුරක් හටගතහොත් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් පිටත සිට රජයට සහාය පළකිරීම ගැන පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට යහපාලන රජය ස්ථාවරව පවත්වාගෙන යා යුතු හෙයින් අවශ්‍ය අවස්ථාවක රජයට සහාය විය යුතු බවට දෙමළ සන්ධානයට උපදෙස් දී ඇත්තේ ප්‍රබල යුරෝපා රටවල් තුනක තානාපතිවරුන් බවද දැනගන්නට ඇත.

මේ ගැන දෙමළ ජාතික සන්ධානය තුළද ප්‍රබල මතගැටුමක් හටගෙන තිබේ. ඊට හේතුවී ඇත්තේ දෙමළ සන්ධානය රජයට සහාය පළකරන්නට ගියහොත් මහ ඇමැති විග්නේෂ්වරන්ගේ විකල්ප දේශපාලන පක්ෂය උතුරේ හිස ඔසවනු ඇතිබවට දෙමළ සන්ධාන නායකයන් තුළ හටගෙන තිබෙන සැකයයි.

කෙසේ වෙතත් තානාපති අංශවලින් එල්ලවන ප්‍රබල බලපෑම් හමුවේ මේ ගැන අවසන් තීන්දුවක් ගැනීම කල්දමා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More