ජවිපයේ 88/89 ගැටුමේදී බුස්ස වගේ කදවුරැ වල රදවා සිටිය අයයි වැලිකඩ මහර මාතර බෝගම්බර වගේ රදවා සිටිය අයයි වෙනස්.
බුස්සේ රදවා සිටිය අය අතරේ ජවිපයට සම්බන්ධ වුන නිසාම නොවේ ගෙදර ගම්පෙරළිය පොත තිබ්බා කියලා අරං ගිය අයත් හිටියා.
ජවිපයේ අය ඇවිත් ගිනිපෙට්ටි අරං ගියා කියන ඔත්තුවට අරං ගිය මුදලාලිලත් හිටියා.
ඒ අතර තුවක්කු පුපුරණ ද්‍රව්‍ය ආදිය ප්‍රවාහනය ප්‍රහාර වලට සම්බන්ධ සැලසුම් සකස් කළ කලින්ම රජයට ප්‍රහාර එල්ල කළ අය බන්ධනාගාර වල හිටියා.
ටිල්වින් ලාල්කාන්ත චන්ද්‍රසෝම වගේ අය කෙලින්ම රදවා සිටියේ ත්‍රස්තවාදය වැලැක්වීම යටතේ.
එදා ජවිපයේ බන්ධනාගාර වල හිටපු ඉහළ කාඩරයට වඩා ඉක්මනින් පහසුවෙන් බුස්සේ රදවා සිටි නියමයෙන් අනියමින් ජවිපයට සම්බන්ධ වූවන් ලෙස සලකා රදවා ගත් අය නිදහස් උනා.
එයාලා අයත් කලේ දේශපාලන සිරකරැවන් කියන ලේබලයට.
හැබැයි ඊට වඩා කාලයක් ටිල්වින්ලාට එලියට එන්න ගන්න සිද්ධ වුනා.
මේ කථාව කෙටියෙන් කීවේ කථාව අදාල වෙන්නේ වෙනත් කාරණයකට නිසා.
2009 යුද්ධයේ අවසානයේ අපි දමිළ සැකකරැවන් 12000 කට වඩා රදවා ගත්තා.
තමිලනීගේ තියුණු අසිපතක් සෙවනේ කියන කෘතියට අදාලව ගත්තොත් එදා හමුදාව මොනයම් විදිහකින් හෝ දවසක් හරි LTTE එකට සම්බන්ධ වූවන් හිටියනම් බාර වෙන්න කියපු නිවේදනයට LTTE යට පාන් අරං දීපු අයත් බාර වුනා. සටන් කාමීන් එක්ක.
එහෙම 12000 හා වක්‍රව 6000 ක් එදා බුස්සේ ජවිප සැකකරැවන් පුනරැත්තාපනය කළා වගේම කරලා පසුව මුදා හැරියා.
දැන් රජය සතුව කිසිම දේශපාලන හිරකරැවන් නෑ ඉන්නවා නම් ඉන්නේ ආයුධ දරපු බෝම්බ හදපු මරාගෙන මැරන ප්‍රහාර දියත් කරපු සන්නද්ධ අංශයේ ඉතුරැ ටික විතරයි.
එහෙම නැත්නම් එදා ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ ගත්ත අවසන් වනතුරැ තබා ගත්ත ජවිපයේ ටිල්වින්ලා වගේ LTTE යේ ඉතුරැ කොටස විතරයි.
ඒ කියන්නේ දෙමළ දේශපාලන හිරකරැවන් මුදා හරපල්ලා කියලා කියන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ තබාගත්ත ත්‍රස්තවාදීන් ටික විතරයි.
යාපනේ කැම්පස් එකෙන් අනුරාධපුර ඇවිත් දෙමළ දේශපාලන සිරකරැවන් කියලා කෑ ගසන්නේ අන්න ඒ කොටස නිදහස් කරන්න.
විග්නේෂ්වරන් මීලග අයවැයට දෙමළ සංධානය පක්ෂ වෙනවනම් දෙමළ දේශපාලන සිරකරැවන් නිදහස් කරන බවට එකග කරගෙන සහාය වන්න කියන්නේ ඒ කොටස නිදහස් කරන්න.
එහෙම නැතුව ලංකාවේ පිලිගත්ත දෙමළ දේශපාලන පක්ෂ වලට කටයුතු කරලා රජය විසින් රදවා ගෙන ඉන්න දේශපාලන සිරකරැවන් ( විජය කුමාරතුංග වගේ ) කවුරැත්ම අද නෑ.
අද දෙමළ දේශපාලන හිරකරැවන් කියන බෝඩි එක යටතේ ඉල්ලන්නේ දමිළ සන්නද්ධ අරගලයේ ඉතුරැ කොටස එහෙම නැත්නම් හමුදාවේ බුද්ධි අංශ ජීවිතය පරදුවට තියලා අල්ලගත්ත.නිසාම මිය යන්නේ නැතුව ඉතිරි වෙන්න වාසනාව තියෙන නැවත LTTE ය ගොඩ නැගිය හැකි සංවිධානයේ සන්නද්ධ අංශයේ සුළු පිරිසක්.
පිරිස පොඩි උනාට නැවත මහා ලොකු ගොඩ නැගීම් කරන්න පුළුවන් කොටස.
හරියට ජවිපය වගේම.
ජවිපය නම් ප්‍රජාතන්ත්‍රවාදයට ආවා.
ඒත් විග්නේෂ්වරන්ලා සමිබන්ධන්ලා උන් එළියට අරං ආපහු කැලේට තල්ලු කරනවා දෙමළ කුළ දේශපාලනයේ පැවැත්මට.
අපි බය අන්න එතැනටයි.
නිවරදි පුනරැත්තාපනකින් තොරව ඔවුන් සමාජ ගතවීම ඇත්තටම රටට හෙට දවසේ ගැටළුවක්.
……නුවන් මොණරවිල ……..
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...