Uncategorized

අමිහිරි අසුන්දර සිදුවීම් ගැන පසුගිය කාලය පුරාවට අපට කොතෙකුත් අසන්න දකින්න ලැබුණා. සමහර සිදුවීම් මේ සමාජයේ සිද්ධ වෙනවද කියන තරමට අමිහිරියි. මීගමුව පැත්තෙන් අහන්න ලැබුණු මේ කථාවත් ඒ වගේ අසුන්දර අසික්කිත කතාවක් ද කියන එක.

මිනිස්සු මිල මුදල් වෙනුවෙන් තිරිසනුන්ගේ තත්ත්වයට පත්වෙලා. මිනිස්කම සෝදාපාළුවට ලක්වෙලා ගිහින්. මේ කතාව ඇහුවට පස්සේ හිතෙන්නෙ අද සමාජය මොන තරම් පිරිහිලාද කියන එක.

මීගමුවේ සිද්ධ වෙච්ච මේ අසුන්දර කතාන්දරයේ කතා නායිකාව සුපේෂලා. දහසය හැවිරිදි වියේ පසුවුණු සුපේෂලා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න හිටිය ශිෂ්‍යාවක්. මීගමුව පැත්තෙ බාලිකා පාසලක අධ්‍යාපනය ලබමින් සිටිය මේ පුංචි කෙල්ල අධ්‍යාපන කටයුතුවලට උපන් හපන්කම් දැක්වූවා. සුපේෂලාට තිබුණා බොහොම පියකරු සිනාවක්. ඒ සිනාවත් රූපකායත් ඇය බොහෝ සුන්දර යුවතියක් වීමේ පෙර ලකුණු පහල කළා. පවුලේ හැමෝගෙම ආදරය සෙනෙහස මැද හැදිච්ච මේ පුංචි කෙල්ල ජීවිතේ ජය ගන්න හීන මැව්වා.

සුපේෂලාගේ තාත්තා විදේශ රැකියාවකට ගියේ මීට අවුරුදු ගාණකට උඩදියි. තාත්තා විදේශගත වුණේ පවුලෙ දියුණුවයි දරුවන්ගේ අනාගතේ ගැනයි හිතලා. විදේශ රැකියාවක නිරත වූ පියා මේ පවුලෙ සියලූම අගහිඟකම් ගැන හොයල බැලූවා. සුපේෂලාගේ වැඩිමහල් සොහොයුරෙක් හිටියා එයා අධ්‍යාපන කටයුතු නිම කරලා රැකියාවක් කළා. සුපේෂලා ජීවත් වුණේ අම්මයි එයාගෙ අයියයි එක්ක. ගෘහ ජීවිතේ කිසිම ප‍්‍රශ්නයක් තිබුණෙ නැති නිසා සුපේෂලාට තිබුණෙ හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා ජීවිතේ ජය ගන්න එක විතරයි.

සුපේෂලාට ලැප්ටොප් පරිගණකයක් තෑගි ලැබුණෙ මීට අවුරුදු දෙක තුනකට උඩදියි. මේ ලැප්ටොප් පරිගණකය තමුන්ගෙ විතරක් නෙවෙයි මුළු පවුලෙම හෙණහුරා වෙයි කියල කවුරුත් හිතුවෙ නැහැ.

අද තරුණ පරපුර අතර පමණක් නෙවෙයි, වැඩිහිටියන් අතර පවා ෆේස් බුක් පරිහරණය ජනපි‍්‍රය වෙලා. පුංචි සුපේෂලාත් මේ ෆේස් බුක් වෙබ් අඩවියට ඇතුළු වුණේ එයාගෙ පංතියෙ යාළුවො වැඩි දෙනෙක් ඊට සම්බන්ධ වෙලා සිටි නිසයි.

ටික කාලයක් යද්දී සුපේෂලා නිතරම ෆේස් බුක් වෙබ් අඩවියෙ සැරිසරන්න පුරුදු වුණා. අධික රුධිර පීඩනය ඇතුළු රෝග කීපයකින් පෙළුණු නිසා සුපේෂලාගෙ අම්මටත් එයා ගැන වැඩිපුර හොයන්න බලන්න වෙලාවක් තිබුණෙ නැහැ.

අධ්‍යාපන වැඩ කටයුතු ටිකෙන් ටික පසෙකට තැබූ මේ පුංචි කෙල්ල දවසේ වැඩි කාලයක් අන්තර්ජාලයේ සැරිසරන්න පුරුදු වුණා.. ඉස්කෝලෙ ගිහින් ගෙදර ආව වෙලේ ඉඳලා කාමරේ දොර ජනෙල් වහගෙන එයා ලැප්ටොප් පරිගණකය තුරුලූ කරගෙන ෆේස් බුක් වෙබ් අඩවියේ මිතුරු මිතුරියන් ඇසුරට ඇබ්බැහි වුණා.

ෆේස් බුක් වෙබ් අඩවියෙ සැරිසරද්දී තමයි සුපේෂලාට කවින්දව දැන හඳුනාගන්න ලැබෙන්නේ. පෙනුමෙන් බොහොම කඩවසම් තරුණයෙක් නිසා සුපේෂලාගේ පුංචි හිත කවින්ද කෙරෙහි ඇදිල යන්න වැඩි දවසක් ගතවුණේ නැහැ.

සුපේෂලාත් කවින්දත් දිනපතාම ෆේස් බුක් වෙබ් අඩවිය හරහා අදහස් හුවමාරු කර ගන්න පටන් ගත්තා. ඉස්කෝලේ ගිහින් ගෙදර ආව වෙලේ ඉඳලා එයා කළේ ලැප්ටොප් පරිගණකය භාවිත කරමින් කවින්ද එක්ක චැට් කරන එක. සුපේෂලාගෙ අම්මත් මේ ගැන ඒතරම් හොයලා බැලූවේ නැහැ. ඒ නිදහස උපරිමයෙන් භුක්ති වින්ද මේ පුංචි කෙල්ල හිතේ හැටියට පෙම් කරන්න පටන් ගත්තා.

‘‘ඔයාගෙ ආදරේ මට මහ මෙරක් කවින්ද. මම කිසිදාක නොලබපු සතුටක් ලබනවා ඔයා නිසා…’’

පුංචි සුපේෂලා මහ ගෑනියෙක් වගේ තම සිහින පෙම්වතාට කිව්වා. යන්තම් ඇටෙන් පොත්තෙන් එළියට ආව වයසෙ හිටිය නිසා සුපේෂලාට සමාජයෙ වෙන දේවල් ගැන අන්තර් ජාලයේ සැරිසරන යක්‍ෂයෝ ගැන මහ ලොකු දැනුමක් තිබුණෙ නැහැ. සුපේෂලා හිතාගෙන හිටියෙ කාවින්ද කියන්නෙ බොහොම නිහතමානි අවංක තරුණයෙක් කියලා කවින්ද රැකියාව කළේ කටුනායක ගුවන්තොටුපළේ. සුළු රැකියාවක් කළත් එයා සුපේෂලාට කිව්වේ ගුවන් තොටුපළේ ඉහළ පෙළේ රැකියාවක් කරනව කියලා. කවින්දට ලැබුණු පුංචි පඩියෙන් යන්තමට ජීවිතේ ගැටගහ ගත්තා. ඒ මදිවට එයා මත්ද්‍රව්‍ය භාවිතයටත් ඇබ්බැහි වෙලා හිටිය. මීගමුව පැත්තෙම පදිංචි වෙලා හිටිය කවින්ද ආශ‍්‍රය කළෙත් කුඩුකාරයෝ, ගංජාකාරයෝ, ස්ත‍්‍රී දූෂකයෝ. මේ කිසි දෙයක් නොදන්නා පුංචි සුපේෂලා කවින්ද කියන රස්තියාදුකාරයගෙ ආදර දැලේ පැටලූණා.

‘‘මට ආසයි සුපේෂලා ඔයාව හම්බවෙන්න. දවසම ඔයාගෙ මුණ දිහා බලාගෙන කතා කර කර ඉන්න.’’

කවින්ද අලූත් යෝජනාවක් ගෙනාවා. ඒ වෙනකොට සුපේෂලා තමන්ගෙ සිහින කුමරා හැබැහින් දැකලා තිබුණේ නැහැ. කවින්දගෙ යෝජනාවට එයත් එක පයින් කැමැති වුණා.

අපි දෙන්නම මීගමුවෙ නිසා හම්බවෙන එක ලේසියි. මම ක්ලාස් ඉවර වෙලා එනකොට හම්බවෙමු. සුපේෂලා කවින්ද මුණ ගැහෙන්න සුදුසු ස්ථානයකුත් තෝර ගත්ත.

සුපේෂලාගේත්, කාවින්දගේත් මූසල කාලකන්නි ආදර කතාව මේ විදිහට ගලාගෙන ගියා. මේ පාපතරයාගේ සම්බන්ධය තමාවත් තම පවුලේ අනාගතයත් සුණු විසුණු කර දමයි කියලා සුපේෂලාට හීනෙකින්වත් හිතුණෙ නැහැ.

‘‘ඔයා ඇත්තටම හරිම ලස්සන කෙල්ලක්. මං හරි වාසනාවන්තයි. ඔයා වගේ කෙල්ලෙක්ගෙ ආදර පහස ලබන්න ලැබිච්ච එක මට මහා භාග්‍යයක්. කාවින්ද එහෙම කිව්වම පුංචි සුපේෂලා ලැජ්ජාවෙන් බිම බලා ගත්තා. මේ පාපතරයා තමන් නොමඟ යවන බව තේරුම් ගන්න තරම් බුද්ධියක් මේ පුංචි කෙල්ලට තිබුණෙ නැහැ.

මේ මුල්ම හමුවීමෙන් පස්සෙ සතියට දෙතුන් වතාවක් මේ දෙන්නා නිදහසේ මුණගැහුණා. එයාලටම වෙන් වෙච්ච ලෝකවල තනිවුණා.

කාලයක් ගත වෙද්දී සුපේෂලාගෙ එකම හීනය කවින්ද වුණා. නිදහසේ ගත කරන හැම මොහොතකම ඇයගේ හිතේ හොල්මන් කරන්න ගත්තෙ කවින්ද. සුපේෂලා හැමදාම මධ්‍යම රාත‍්‍රිය ගෙවී යන තුරුම අන්තර්ජාලය හරහා කවින්ද එක්ක සම්බන්ධ වුණා. මේ කතාබහ වැඩි ප‍්‍රමාණයක් සිදුවුණේ වීඩියෝ ඇමතුම් මගිනුයි.

කවින්ද සුපේෂලා මාර්ගයෙන් එයාගෙ පවුලෙ සියලූම විස්තර දැනගෙන හිටියෙ. සුපේෂලාගෙ පවුලේ අයට තියන වත්කම් මිල මුදල් තාත්ත හරි හම්බ කරන විදිහ හැම එකක්ම කවින්ද හොයා ගත්ත.

‘‘අපේ තාත්තා හොඳට සල්ලි හම්බ කරලා තියෙන්නෙ. කවද හරි දවසක ඒ සල්ලිවලින් වැඩි ප‍්‍රමාණයක් ලැබෙන්නෙ මට. මගේ වෙඩින් එක ලස්සනට කරන්න තාත්ත හීන මවනවා අපිට සැප විඳින්න ඕනෙ තරම් සල්ලි තාත්තා එවනවා.’’

සුපේෂලා තමුන්ගෙ පවුලෙ හැම විස්තරයක්ම කවින්දට කිව්වා. ඒත් කවින්ද තමුන්ගෙ පෞද්ගලික ජීවිතේ ගැන පට්ටපල් බේගල් ඇද බෑවා. ඒ හැම බොරුවක්ම මේ පුංචි කෙල්ල විශ්වාස කළා. සුපේෂලාගේ වත්කම් දේපළ ගැන අහද්දි කවින්දගෙ හිතේ ඇඳුනෙ වෙන චිත‍්‍රයක් ඒ පාපතර සිතුවිලි වලින් කවින්දගේ හදවත පතුලෙ හැංගිලා හිටිය රාක්‍ෂයා එළියට පැන්නා.

දවසක් මේ නරුමයා පුංචි සුපේෂලාට අලූත් යෝජනාවක් ගෙනාවා.

‘‘මං හරි ආසයි පැටියො ඔයා නියුඞ් වෙලා ඉන්නවා බලන්න.’’

තම කාලකන්නි සැලසුම ක‍්‍රියාත්මක කිරීමේ මුල් අදියරට අඩිතාලම දැම්ම කවින්ද සුපේෂලාට යෝජනා කළා.

‘‘අනේ ඔයාට පිස්සුද කවින්ද? මම කොහොමද ඔය ලැජ්ජා නැති වැඬේ කරන්නේ.’

සුපේෂලා ලැජ්ජාවෙන් ඇඹරුණා. මේ වගේ ඉල්ලීමක් කවින්ද කරයි කියලා සුපේෂලා හීනෙකින්වත් හිතුවෙ නැහැ.

‘‘හරි…. හරි… ඔයාට මං කියන විදිහට ඉන්න බැරි නම් මම ආයෙ ඔයාට කතා කරන්නෙ නැහැ. මම ඔයාව හම්බවෙන්න එන්නෙත් නැහැ. අපි තේරුමක් නැති ආදරයක් කරන්නෙ. ඔයා ඇත්තටම මට ආදරයක් නැහැ.’’

කවින්ද කියන පාපතරයා පුංචි සුපේෂලාගෙ හිතට මහා වේදනාවක් දුන්නා. දෙලොවක් අතර අතරමං වෙච්ච පුංචි කෙල්ල දහ අතේ කල්පනා කළා. ඒ වෙනකොට සුපේෂලා කවින්ද කියන රස්තියාදුකාරයට හදවතින් ම ආදරේ කළා. ප‍්‍රථම පේ‍්‍රමය කෙළවර කරගන්න ඇයට ශක්තියක් තිබුණේ නැහැ. අන්තිමේදී සුපේෂලා තීරණයක් ගත්තා.

‘‘හරි හරි කවින්ද ඔයා මා එක්ක තරහ වෙන්න එපා. මම ඒ විදිහට ඉඳලා ඔයාට ෆොටෝ එකක් වයිබර් කරන්නම්.’’

සුපේෂලා කාවින්ද කියන සල්ලාලයගේ යෝජනාවට කැමැති වුණේ තමන්ගෙ ආදර සම්බන්ධතාව බිඳින්න අකැමැති නිසාමයි. ඒත් කවින්ද කියන පාපතරයගෙ හිතේ තිබුණෙ වෙන සැලසුමක්. මේ පුංචි කෙල්ල ඒ කිසි දෙයක් ගැන දැනගෙන හිටියෙ නැහැ. ඒ වගේම තමන් කරන්න යන කාර්යයේ බරපතළකම කොතෙක්ද කියලා මේ පුංචි කෙල්ලට තේරුම් ගන්න ශක්තියක් තිබුණෙත් නැහැ. සුපේෂලා එයාගෙ නිරුවත් උඩුකය පිංතූරයක් ජංගම දුරකථනයෙන් ලබාගෙන ඒක කවින්ද කියන පාපතරයාගෙ ජංගම දුරකථනයට යැව්වා. තමන් අවුරුදු කීපයක් ආදරේ කරපු පෙම්වතියගෙ උඩුකය නිරුවත් ඡායාරූපය මිතුරන්ට පෙන්වමින් කවින්ද පහත් පෙළේ වින්දනයක් ලැබුවා.

මේ ඡායාරූපය එවලා දවස් දෙක තුනකට පස්සෙ කවින්ද පුංචි සුපේෂලාට දුරකථනයෙන් කතා කළා. එදා කවින්දගේ කතා විලාශය බොහොම ගොරහැඩි එකක් බව සුපේෂලාට තේරුම් ගන්න අපහසු වුණේ නැහැ.

‘‘සුපේෂලා මට සල්ලි හදිස්සියක් වෙලා තියෙනවා. මට සල්ලි ටිකක් ඉල්ල ගන්න ඕනෙ. ඔයාගෙ තාත්තා ඕනෙ තරම් ඔයාලට සල්ලි එවනවනෙ. මට අදම සල්ලි ටිකක් ඕනෙ.

කවින්ද කියපු දෙයින් පුංචි සුපේෂලා අන්දුන් කුන්දුන් වුණා.

ඔයාට පිස්සුද කවින්ද? මගේ ළඟ කොහෙන්ද සල්ලි. අනික තාත්තා සල්ලි එවන්නෙ අම්මට. මට අම්මගෙන් සල්ලි ඉල්ලන්න බැහැ. කවින්දගෙ අලූත් යෝජනාව සුපේෂලා එක පයින්ම ප‍්‍රතික්‍ෂේප කළා. මුදල් දීම ප‍්‍රතික්‍ෂේප කළාම කවින්දට යක්‍ෂාරූඪ වුණා.

‘‘සුපේෂලා උඹ මගේ හැටි තාම දන්නේ නැහැ. උඹ විහින් අමාරුවේ වැටෙන්න යන්නේ. මට සල්ලි නොදුන්නොත් උඹට පාරේ බැහැලා යන්න බැරි වෙන විදියට වැඩ කරනවා..’’

කවින්ද තර්ජනය කළා. අවුරුදු කීපයක් ආදරේ කරපු සිහින කුමරු මෙහෙම වෙයි කියලා සුපේෂලාට හීනෙකින්වත් හිතුණෙ නැහැ. පුංචි සුපේෂලා අන්ත අසරණ වුණා. ඒත් කවින්දගේ ඉල්ලීම ඉටු කරන්න මේ පුංචි කෙල්ලට ශක්තියක් තිබුණෙ නැහැ.

‘‘සුපේෂලා උඹ මට සල්ලි ටිකක් එව්වේ නැත්නම් මම උඹේ නියුඞ් පිංතූර ටික ෆේස් බුක් එකට දානවා. එහෙම වුණොත් උඹට පාරේ බැහැලා යන්න බැරි වෙයි. වහ කනවා ඇරෙන්න උඹට කරන්න වෙන දෙයක් නැහැ.’’

කවින්ද කියන පාපතරයා එහෙම කිව්වම පුංචි සුපේෂලාට හීන් දාඩිය දැම්මා. තොලකට වේලිලා ගියා. තමන් කරගත්තේ මහා විනාශයක් කියලා ඇයට තේරුම් ගියේ ඒ වෙනකොටයි.

‘‘අනේ දෙවියනේ කවින්ද එහෙම කළොත් මම කොහොමද අම්මා තාත්තට මුහුණ දෙන්නේ. අයියගෙ මූණ බලන්නෙ කොහොමද? මගෙ යාළුවො මගේ මූණට කෙළ ගහයි.’’

පුංචි සුපේෂලා දහ අතේ කල්පනා කළා. තමන් කරගත්තේ මහා අපරාධයක් බව ඇයට හිතුණා. ඒත් ඒ වෙන කොට වෙන්න ඕන හැම දෙයක්ම වෙලා ඉවරයි. කවින්ද කියන දේකට කැමැති වෙනවා ඇරෙන්න කළයුතු වෙනත් යමක් ඇයට ඉතිරි වෙලා තිබුණේ නැහැ.

‘‘හරි මම ඔයා කියන දේකට කැමති වෙන්නම්. මගේ ළඟ සල්ලි නැති වුණාට අපේ අම්මා ළඟ රත‍්‍රන් බඩු තියෙනවා. මම ඒ ටික ඔයාට අරගෙන දෙන්නම්. ඔය ෆොටෝ එක ෆේස් බුක් දාන්න එපා…. එහෙම කළොත් මට ජීවත්වෙලා වැඩක් නැහැ.’’

පුංචි සුපේෂලා කවින්ද නමැති පාපතරයා ඉදිරියේ හඬාවැටුණා හිතක් පපුවක් නැති ඒ නරුමයා සුපේෂලාගේ යෝජනාවට එක පයින් කැමැති වුණා.

‘‘හරි සල්ලි නැත්නම් රත්ත‍්‍රං බඩු ටික හරි මට ඕනෙ. ඔයාට තියෙන්නේ ඒ බඩු ටික ලෑස්ති කරලා ඒක මට ලැබෙන්න සලස්වන්න.’’

කවින්ද කිව්ව විදිහට පුංචි සුපේෂලා එයාගෙ අම්මට අයිති රත‍්‍රන් බඩු ටික හොරකම් කළා. ඒ බඩුටික පොඩි බෑග් එකකට දාලා අල්මාරියෙ කොනක හැංගුවා.

‘‘මේ බඩු ටික ගත්තොත් අම්මට මාව අහුවෙනවා. ඒ නිසා මම බඩු එකතු කරලා තියන්නම්. කවුරුහරි එවලා ඒ ටික අරගෙන යන්න’’

කවින්දගෙන් බේරෙන්න බැරි තැන සුපේෂලා අම්මගෙ රත්ත‍්‍රං බඩු ටික දෙන්න පොරොන්දු වුණා.

කවින්ද මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙලා ඉන්නෙ කියලා සුපේෂලා දැනගෙන හිටියෙ නැහැ. ගන්න පඩියෙන් බාගයක් කවින්ද වියදම් කළේ මත්ද්‍රව්‍යවලට. අහිංසක සුපේෂලාගෙන් සල්ලි ඉල්ලූවේ මත්ද්‍රව්‍ය මිලදී ගන්න සල්ලි නොතිබිච්ච නිිසයි.

සුපේෂලා එයාගෙ අම්මගෙ රත්ත‍්‍රන් බඩු ටික දෙන්න පොරොන්දු වුණාට පස්සේ කාවින්ද හිටියේ ලොකු සතුටකින්. ඒ පාපතරයා තමන්ගෙ කාලකණ්ණි මිතුරෝ ටික මුණ ගැහෙන්න එදාම ගියා.

‘‘මචං මට හොඳ වැඩක් සෙට් වුණා. අපිට මේක දිගටම ආදායම් මාර්ගයක් කර ගන්න පුළුවන්. උඹලා දෙන්නට තියෙන්නේ කෙල්ලගෙ ගෙදරට ගිහින් පොඩි තර්ජනයක් දාලා රත‍්‍රං බඩු ටික අරගෙන එන්න. සුපේෂලා බඩු ටික තියන තැන කියයි. කවින්ද තමන්ගෙ පාපතර මිතුරන් දෙදෙනාට සියලූ තොරතුරු ලබා දුන්නා. පසුගිය දවසක මේ කුඩු කාරයෝ දෙන්නා සුපේෂලාගේ ගෙදරට ආවා. එදා සතියෙ වැඩ කරන දවසක් ඒ නිසා සුපේෂලාගේ අයියත් ගෙදර හිටියේ නැහැ.

පුංචි සුපේෂලයි එයාගෙ අම්මයි ගෙදර හිටියෙ. ඒ වෙනකොට අම්මා හිටියෙ දැඩි අසනීප තත්ත්වයකින්. අධි රුධිර පීඩනය නිසා කාමරේ ඇඳක ඇලවෙලා හිටිය සුපේෂලාගේ අම්මා ගෙදර වෙන කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ.

කුඩුකාරයො දෙන්න සුපේෂලාගේ ගෙදරට කඩාගෙන පැන්නෙ උදේ 10.00 ට විතර. තියුණු ආයුධ කීපයක් අරගෙන නිවසට ඇතුළු වෙච්ච කුඩුකාරයො දෙන්නා සුපේෂලාව හෙව්වා.

උඹ මෙතන කෑ ගහන්න එපා. කලබල නොකර රත‍්‍රන් බඩු ටික අපට දීපං. නැත්නම් බෙල්ල වෙන් වෙන්න කපනවා. කුඩුකාරයෝ දෙන්න කෑගැහුවා ඒ වෙනකොට සුපේෂලා අම්මගෙ රත්ත‍්‍රං බඩු ටික පුංචි බෑග් එකකට දාලා අල්මාරියේ හංගල තිබුණෙ.

‘‘අනේ අයියේ කරදර කරන්න එපා. බඩු ටික දෙන්නම්.’’

‘‘සුපේෂලා කිසි දෙයක් නොදන්න විදිහට අම්මට ඇහෙන්න කිව්වා. අම්මගෙ රත‍්‍රං බඩු ටිකත් කුඩු කාරයෝ දෙන්නට දුන්නා. සුපේෂලා හිතුවෙ මේ ගනුදෙනුව එතනින් හමාර වෙයි කියලා. ඒත් කුඩුකාරයෝ දෙන්න වෙන සැලසුමකට අර අදිමිනුයි හිටියෙ.

අසනීපෙන් කාමරේ ඇඳක් මත හිටිය සුපේෂලාගෙ අම්මව දැක්ක නරුමයො දෙන්න සැලසුමේ ඊළඟ අදියර ක‍්‍රියාත්මක කළා. සුපේෂලාගෙ බෙල්ලට පිහියක් තියලා තර්ජනය කරපු කුඩුකාරයො දෙන්න ඒ පුංචි කෙල්ලව කාමරේක හිර කළා.

‘‘ඇන්ටි මෙතන කෑගහලා ප‍්‍රශ්න ඇති කරන්න එපා. අපි කියන විදිහට හිටියෙ නැත්නම් බෙල්ල වෙන් කරලා අතට දෙනවා.’’

කාමරේ නිදා ගෙන හිටිය සුපේෂලාගේ අම්මව සිය ග‍්‍රහණයට ගත්ත කුඩුකාරයෝ දෙන්න තමන්ගෙ පහත් ආශාවන් මුදුන් පමුණුවා ගන්න සූදානම් වුණා.

‘‘උඹලා මහ තිරිසන්නු. මම අසනීපයෙන් ඉන්න ගෑනියක් මට කරදර කරන්න එපා. රත්ත‍්‍රං බඩු ගත්ත නම් මෙතනින් පිටවලා පලයල්ලා.’’

අසරණ වෙලා හිටිය සුපේෂලාගේ අම්ම කෑගැහුවා. ඒත් ඒ තිරිසනුන්ගෙන් ඇයට කිසි ගැලවීමක් තිබුණෙ නැහැ. ඒ පාපතරයො සුපේෂලා ගෙ අම්මට අතවර කරන්න ගත්තා. එක් කාලකණ්ණියෙක් ඇයට අතවර කරද්දී අනෙකා ඒ හැම ක‍්‍රියාවක්ව වීඩියෝ ගත කළා.

‘‘අපිට මේ වීඩියෝ එක අනාගතේ ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්.’’

පාපතරයෝ දෙන්නගෙ අරමුණ වෙලා තිබුණේ සුපේෂලාගෙ අම්මට අතවර කරන වීඩියෝව ළඟ තියාගෙන සල්ලි හම්බ කරන්න. නිවසට ඇතුළු වෙච්ච ඒ කාලකන්නි දෙදෙනා සුපේෂලාගේත්, ඇගේ මවගේත් ජීවිත විනාශ කර දැම්මා. කර කියා ගන්න දෙයක් නොමැතිව සුපේෂලාත් ඇගේ මවත් අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා හිටියෙ.

රුපියල් ලක්‍ෂ ගණනක් වටිනා රන් ආභරණ ටිකත් කොල්ලකා ගත්ත ඒ පාපතරයෝ දෙන්නා නිවසින් පිට වුණේ මේ අපරාධය හෙළි කළොත් බරපතළ තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවෙනව කියන තර්ජනයත් කරමිනුයි. කොහොම හරි මේ අපරාධය වසන් කරගෙන ඉන්න හැකි වුණේ නැහැ. පාපතරයන් දෙදෙනා සිදුකළ මහා අපරාධය පිළිබඳව මීගමුව පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබුණා.

මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරල මහතාගේ උපදෙස් මත විමර්ශන කටයුතු ආරම්භ වුණා. මීගමුව කොට්ඨාස ¥ෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති සම්පත් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් ක‍්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ අපරාධයේ සුලමුල හොයන්න පටන් ගත්තා. සුපේෂලා මුලින්ම කිව්වේ මේ අපරාධය ගැන කිසිම දෙයක් තමන් නොදන්නා බවයි. නාඳුනන මිනිස්සු දෙදෙනෙක් ගෙට පැනලා අම්මටත් අතවර කරලා රත්ත‍්‍රං බඩු කොල්ල කාගෙන ගියා කියලා සුපේෂලා පොලිසියට මුලින් කිව්වා. ඒත් සුපේෂලා මොනව හරි හංගන්න හදන බව තේරුම් ගන්න පොලිස් නිලධාරීන්ට අපහසු වුණේ නැහැ. ඒ වෙනකොට පොලිස් නිලධාරීන් වෙනත් මාර්ග කීපයක් ඔස්සේ මේ අපරාධය ගැන විමර්ශන ක‍්‍රියාත්මක කර තිබුණා.

මේ අපරාධය වෙච්ච වෙලාවෙ ඒ අවට සිද්ධ වෙච්ච දුරකථන පණිවිඩ තොරතුරු හොයාගෙන ඒ පිළිබඳව පොලිසිය වෙනම විමර්ශනයක් ක‍්‍රියාත්මක කළා. මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ අපරාධය පිළිබඳව සුලමුල හෙළිකරගන්න දැඩි ලෙස කැපවෙලා කටයුතු කළා.

පොලිස් විමර්ශනවල ප‍්‍රතිඵල යහපත් කර ගන්න ඒ හැටිඅපහසුවක් වුණේ නැහැ. දුරකථන පණිවිඩ ඔස්සේ පරීක්‍ෂා කරපු පොලිස් නිලධාරීන් මීගමුව පැත්තේ කුඩුකාරයෙක්ව මුලින්ම අත්අඩංගුවට ගත්තා.

මේ කුඩුකාරයගෙන් ප‍්‍රශ්න කරද්දී සිද්ධ වෙච්ච අපරාධය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගන්න හැකි වුණා. ඒ වෙනකොට සුපේෂලාත් හිතේ හංගගෙන හිටිය බොහෝ දේවල් එකින් එක එළියට දමමින් හිටියේ. අන්තිමේදී කවින්ද කියන පාපතරයා පිළිබඳ සියලූ තොරතුරු පොලිසිය හෙළිදරව් කරගත්තා. මත්ද්‍රව්‍ය මිලට ගන්න මුදල් ලබාගන්න කරපු මහා අපරාධය පිළිබඳ සුලමුල හෙළිකර ගන්න මීගමුව කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති සම්පත් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් ඒ පාපතරයන්ව අත්අඩංගුවට ගත්තා. මේ අමිහිරි සිදුවීම නිසා සුපේෂලාටත් එයාගෙ පවුලේ අයටත් පාරේ බැහැලා යන්න බැරි තත්ත්වය ක් උදා වෙලා.

මෙවැනි අපරාධ කරන පාපතරයන් රටපුරා වැහි වැහැලා. අන්තර්ජාලය හරහා කරන අපරාධවලින් මේ කාලකණ්ණින් අහිංසක තරුණියන්ගේ ජීවිත බිලි ගන්නවා පමණක් නොව ඒවා ඔවුන් ආදායම් මාර්ග බවට ද පත්කරගෙන ඇත. සමාජයේ වෙන දේවල් ගැන නොදන්නා අහිංසක දරුවෝ අමාරුවේ වැටිලා. අන්තර්ජාලය අද භාවිත නොකර බැරි තත්ත්වයකට පත්වෙලා. ඒ නිසාම අන්තර්ජාලය භාවිත කිරීමේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඔබේ දරුවා පරිගණක භාවිත කිරීමේදී ඔවුන්ට උපරිම නිදහසක් ලබා දීමට කටයුතු නොකළ යුතුයි. ඔවුන් අන්තර්ජාලය හරහා කරන කියන දෑ පිළිබඳව ඔබ සැලකිලිමත් නොවුණොත් හට දිනයේ දී ඔබේ දරුවාට සුපේෂලාට සිදු වූ දෙය සිදුවීම වැළැක්විය නොහැක.

හේමන්ත රන්දුණු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More