උපුල් ජයසිංහ වන මම 35 වසරක් පුරා අඛණ්ඩවම ශී‍්‍ර ලාංකේය කලාවේ නිෂ්පාදන භූමිකාවේ නිරත වී සිටිනා එකම වෘත්තීය නිෂ්පාදකවරයා වෙමි.
ශී‍්‍ර ලාංකීය කලා ක්‍ෂේත‍්‍ර ගණනාවකම නිෂ්පාදකවරයා වශයෙන් කටයුතු කරන මම ඒ වෙනුවෙන් සම්මාන වැඩිම සංඛ්‍යාවක් හිමිකරගෙන ඇති නිෂ්පාදකවරයාද වෙමි.
යුගයේ ජනප‍්‍රියම කැසට් නිෂ්පාදක සම්මානයෙන් පුද ලද එකම නිෂ්පාදකවරයා වන මම වසරේ ජනප‍්‍රියම ටෙලි නාට්‍ය නිෂ්පාදනය වෙනුවෙන් වූ සුමති ටෙලි සම්මානයෙන් හත් වතාවක්ද, රයිගම් ටෙලි සම්මානයෙන් තුන් වතාවක්ද, ස්ලිම් නීල්සන් මහජන සම්මානයෙන් දෙවතාවක් ද පිදුම් ලබා ඇත්තෙමි. අලූත්ම ශිල්පීන් වැඩිම සංඛ්‍යාවක් ශී‍්‍ර ලාංකේය කලා කෙතට හඳුන්වාදුන් එකම නිෂ්පාදකවරයා වන්නේද මමයි.
නාමල් උඩුගම, සශිකා නිසංසලා, ක‍්‍රිශාන්ත එරන්දක, රොමේෂ් සුගතපාල, ශානිකා වනිගසේකර, අසංක ප‍්‍රියමන්ත පීරිස්, චන්දන ලියනාරච්චි, කරුණාරත්න දිවුල්ගනේ, ගුණදාස කපුගේ, ආදී විශාල පිරිසකගේ ජනප‍්‍රියම නිර්මාණ නිෂ්පාදනය කළේද මා විසින්ය.
උද්දික පේ‍්‍රමරත්න, ඉෂාරා සඳමිනි, මහේෂී මධුසංකා, දුෂේනි මියුරංගී ආදී විශාල පිරිසක් ක්‍ෂේත‍්‍රයට හඳුන්වා දුන්නේද මා විසින්ය.
මේ අයුරින් මා විසින් හඳුන්වාදුන් හා මගේ නිෂ්පාදන හරහා අතිශයින්ම ජනප‍්‍රිය වූ ක්‍ෂේත‍්‍ර ගණනාවකම ශිල්පීන් රාශියකි.
අලූතින්ම හඳුන්වාදෙන ශිල්පීන්ට පවා මුදල් ගෙවා නිර්මාණ කරන එකම නිෂ්පාදකවරයා මම වෙමි. ඒ බව ක්‍ෂේත‍්‍රයේ සැමදෙනාම දන්නා හා සෑම දෙනාගේම ඇගැයීමට ලක්වූ කාරණයකි.
එසේ තිබියදී පසුගිය දිවයින ඉරිදා සංග‍්‍රහයේ 08 වැනි පිටුවේ දමිත් අසංක ගැන පළවූ ලිපියේ තැනෙක එම ලිපිය ලිවූ කසුන් රණවීර ලේඛකයා මෙසේ ලියනවා.
‘ එච්. ආර්. ජෝතිපාලයන්ගෙන් පසු ගායන ශිල්පියෙකු ගේ කැසට් පටයක් වැඩිපුරම අලෙවි වූවානම් ඒ දමිත් අසංකගේ ‘සිතේ පෙම් පුරා’ මුල්ම කැසට් පටයයි.
එදවස රසිකයෝ සති ගණන්, රෙකෝඞ් බාර් වලට සල්ලි බැඳ දමිත් ගේ කැසට් පට එනතුරා බලා සිටියහ.
කරුණු එසේ වෙත්දී පාඩු ලබමින් තිබූ කැසට් ආයතන හිමිකරුවෝද දමිත්ගෙන් ගොඩ ගියෝය’
මෙසේ පවසන මේ ලියුම්කරු ඉන් නොනැවතී ඉදිරියට ගොස් මෙම සාහසික ප‍්‍රකාශයද කරන්නේය.
‘ඔවුන් දමිත්ගේ කටහඬ විකුණාගෙන කෑහ. ඔවුහු දමිත් සමඟ කෝටි ගණනින් ගිවිසුම් ගැසුවෝය. ගමෙන් කොළඹ ආ දමිත් ඒ සියල්ල විශ්වාස කළේය.
අනතුරුව සිදුවූයේ දමිත් සහභාගි වන සෑම ප‍්‍රසංගයකින්ම ලැබෙන මුදලින් කොටසක් කැසට් සමාගමට යෑමය. දමිත් මේ සියල්ල විඳදරා ගත්තේය. හොඳම හිතවතෙකුට පවා මේ බවක් නොකියන්නට තරම් ඔහු නිහතමානී විය. ඔහු ප‍්‍රසංග පවා මඟහැරියේය. ඒ අනුන් වෙනුවෙන් හම්බකරදීම පලක් නොවන බැවිනි.
මේ අයුරින් ඇතිලිගම විසූ ගායකයෙකු වීම සඳහා නොවිඳිනා දුක් විඳි ඒ අවධියේදී වේදිකාවකට පවා වැද්ද නොගත් දමිත් අසංක නම්වූ අංකුර ගායකයා අතින් අල්ලාගෙන ඉමහත් වියදමක් දරා (ඔහුටත් ගෙවා) ගී නිර්මාණයක් නිෂ්පාදනය කොට දැවැන්ත වියදමක් දරමින් ප‍්‍රචාරයක් දී ඔහුව දිවයිනේ ජනප‍්‍රියම ගායකයෙක් බවට පත්කළ උපුල් ජයසිංහ නමැති නිෂ්පාදකවරයා කිසිදු අනුකම්පාවකින්, සැකයකින් තොරවම ම්ලේච්ඡු අයුරින් එලෙසින් පහත් තත්ත්වයට ඇදදමන මේ ලියුම්කරු ඔහුගේ ජීවිතය අඳුරට ඇදදැමූ කවුරුත් දන්නා ඒ අනියම් සබඳතා ගැන පවසන්නේ මෙසේය.
දමිත් ගමේ පාසල් පේ‍්‍රමය විවාහ කරගත්තේය. ඔහු දරුවන් තිදෙනකුගේ පියෙකි. ඇතැම්විට ජනපි‍්‍රයත්වය වැඩිවන්නට වැඩිවන්නට ඔහුගේ විවාහ ජීවිතය අවුල්වන්නට ඇත.
ප‍්‍රසිද්ධ මාධ්‍යයක් හරහා එය ඇවිස්සීමද ඔහුට කරන අසාධාරණයකි. ඔහුට අනුව කිසිත් දෙයක් නැතිව සිටි දමිත් අසංක නමැති අංකුරය සොයාගෙන සිටුවා පොහොර දමා පැළකර මහා වෘක්ෂයක් බවට දැවැන්ත වියදමක්, අවදානමක් දරා පත්කළ උපුල් ජයසිංහ වන මා ගැන සාහසික ප‍්‍රකාශන සටහන් කිරීම අසාධාරණ නැත.
(ඒ එදා දමිත් ගායකයෙකු වශයෙන් හඳුන්වා දෙද්දී දෙවියෙකු වූ මා අද නිකම්ම නිකම් කලූකඩ මුදලාලියෙකු ලෙසින් පෙනීම විය යුතුය).
අසාධාරණයක් වන්නේ ඔහුගේ එම විවාහ ජීවිතයට කනකොකා හැඬවූ, දරුපවුල මහමඟට දැමූ කතාව හාරා ඇවිස්සීමය.
ක්‍ෂේත‍්‍රයේ අනෙකුත් දන්නා අය මට පවසනා පරිදි….. මේ කුණු කතා අහන්නේ නැතුව උපුල් මහත්තයාටත් තියෙන්නේ ජනප‍්‍රියම අය විතරක් අරගෙන ගාස්තුව ගෙවලා නිෂ්පාදනය කරන්න. එතකොට ඔය සිත් වේදනා විඳින්න ඕනේ නෑනේ එම කතාවේද ඇත්තක් නැත්තේද නොවේ ?
ඇෙඟ් තිබෙන කලා පිස්සුවට ගායට මීට 35 වසරකට පෙර ජෝතිපාලයන් හමුවී ඔහුගෙන් කැසට් පටයක් නිෂ්පාදනය කරනු ලබන ආකාරය ගැන අසාගෙන මේ ක්‍ෂේත‍්‍රයට නිෂ්පාදකවරයෙක් වශයෙන් පය තැබූ මා එදා සිටන්ම කළේ සැඟවී සිටි අලූත් හැකියාවන් සොයා ගොස් ඔවුන් කලාවේ රජ කරවීමයි.
එදා නාමල් උඩුගම මේසයකට ගසමින් ‘සමුගන්නේ නෑ’ ගීතය ගායනා කරනු අහම්බෙන් ඇසී ඔහුව යොදා ‘සමුගන්නේ නෑ’ කැසට් පටය නිෂ්පාදනය කොට ඔහුව ජනප‍්‍රියත්වයේ ඉහළටම ඔසොවා තැබුවේද, මංගල උත්සවයකදී ජයමංගල ගාථා ගායනා කරද්දී දැක සශිකා නිසංසලා ‘පාරමිතා’ කැසට් පටය හරහා ක්‍ෂේත‍්‍රයට හඳුන්වාදී ඇය ජනප‍්‍රියම ගායිකාවක් කළේද….. ඇය තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාවේ කිරුළ හිමිකරගත්තේ ඉන් පසුවය. අභාවප‍්‍රාප්ත හේමනලීන් කරුණාරත්නයන්ගේ යොමුකිරීමෙන් දැවැන්ත වියදමක් දරා ක්‍ෂේත‍්‍රයට හඳුන්වාදුන් රොමේෂ් සුගතපාල ජනප‍්‍රියම තරුවක් කළේද…. රජරට සිටි ක‍්‍රිශාන්ත එරන්දක නම්වූ නවකයා ගුණදාස කපුගේගේ හඳුන්වා දීමෙන් පසු ‘වී පැදුරෙන්’ නිර්මාණය හරහා ජනප‍්‍රියම ගායකයෙකු කළේද…. මේ උපුල් ජයසිංහම බව මේ ගල් පැලෙන බොරු ලියන්නට සමාජගත කරන්නට පෙර දෙවරක් සිතිය යුතුව තිබුනා නේද?
මුහුණු පොත හරහා හුවමාරු වන නොමේරූ තක්කඞීන් අඳබාලයන් විසින් කිසිදු වගකීමකින් තොරව යොමු කරනා ගොන් ප‍්‍රකාශ වැදගත් ජාතික පුවත්පතක ලිපියකට ගෙඩි පිටින් ඇතුළත් කරන්නට පෙර අඩුම තරමින් මගෙන් ඇත්ත නැත්ත විමසන්නටවත් සදාචාරයක් මේ ලියුම්කරුට නොමැතිවීම කනගාටුවට කරුණකි. ඔහුගේ ඒ ලිපියටම මහ ඉහළින් ඇතුළත් කොට ඇති රොමේෂ් සුගතපාලගේ ප‍්‍රකාශයට මම ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි.
‘මගේ පළවෙනි සීඞී එක ගහන කාලේ ඒකේ පිටපත් ජනමාධ්‍ය ආයතන වලට අරන් යන්න දමිත් එයාගෙ වාහනේ මට දුන්නා. මුල්කාලේ ෂෝ වලට යනකොට මාත් දාන් ගියා එයාගෙ වාහනේ.
දමිත් ඒ තරම් හොඳ මනුස්සයෙක්. නමුත් මේ එදා දමිත් විසින් රොමේෂ් දමාගෙන ගිය ඒ වාහනය මේ ලේඛකයා තම ලිපියෙන් සාහසික අයුරින් චරිත ඝාතනය කරන උපුල් ජයසිංහ විසින් දමිත්ට පරිත්‍යාග කළ වාහනයක් බැව් මේ ලේඛකයා දන්නවාද?
වැදගත් ජාතික පුවත්පතෙක මහා ඉඩෙක පළවූ එම ලිපියට මම මෙසේ පිළිතුරු දෙන්නෙමි. මම වෘත්තීය නිෂ්පාදකවරයෙකු වන්නෙමි.
ජනප‍්‍රියම ශිල්පීන්ගේ මෙන්න අලූත්ම අලූත් දක්ෂයන්ගේද නිර්මාණ එලි දැක්වීමට මම කටයුතු කරන්නෙමි. අලූත්ම අයෙකුගේ මුල්ම නිෂ්පාදනයට පවා ඔහුට මුදල් ගෙවා නිෂ්පාදනය කරන එකම නිෂ්පාදකවරයාද මම වෙමි.
අලූත්ම හෝ පැරණි හෝ ශිල්පීන් සමගින් කරන නිෂ්පාදන සඳහා ගිවිසුම් අත්සන් තැබීම මගේ ආයතනයේ එදා සිටම තිබූ ප‍්‍රතිපත්තියයි. එයට හේතුව ගනුදෙනු විධිමත්ව සටහන් තබා ගැනීමත් දෙපාර්ශ්වයේම වගකීම් හොඳින් දෙපාර්ශ්වයටම පැහැදිලිව වෙන්වෙන්ව උල්ලංඝනය කළ නොහැකිවන පරිදි නීතිමය වශයෙන්ම ඇතුළත් කොට තැබීමයි. පසුගිය ලිපියේ සඳහන්ව ඇති පරිදි දමිත් අසංකගේ කැසට් පටය නිසා පාඩු ලබමින් සිටි කැසට් ආයතන හිමි කරුවෝ ගොඩ ගියෝය.
දමිත් අසංකගේ ගී නිෂ්පාදනය කළේ මගේ ( මුල්ම නිර්මාණ 4 ම) ආයතනයෙන් නිසා ගොඩ ගියානම් ගොඩගියේ මගේ නිල්වලා ආයතනය පමණකි.
නමුත් ඒවනවිටත් නාමල් උඩුගම, අජිත් මුතුකුමාරණ, ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්ත, සශිකා නිසංසලා, අසංග ප‍්‍රියමන්ත, චන්දන ලියනාරච්චි, කිංස්ලි පීරිස්, දිවුල්ගනේ ආදී අයගේ පමණක් නොව සන්ෆ්ලවර්ස් රැල්ලේ කපුගේ, මාලිනී, සනත්, දයාරත්න අමරා ආදී ජනප‍්‍රියත්වයේ කරටියටම ගොස් සිටි අති දැවැන්ත නිෂ්පාදන රාශියක්ම මහ ඉහළින් අලෙවි වෙමින් තිබූ එකල නිල්වලා ආයතනයට ගොඩ යන්නට දමිත් අසංකගේ මේ කැසට් පටිය ඉවහල්වීයැයි යමෙකු පවසන්නේ නම් එක්කෝ ඔහු ළදරුවෙකු විය යුතුය. එසේත් නැත්නම් කිසිත් නොදත් අඳබාලයෙකු විය යුතුය. එසේතම නැතිනම් මානසික රෝගියෙක් විය යුතුය. දමිත් අසංකගේ කැසට් පටයෙන් ගොඩගියේ ඔහුය.
ජීවිතය උඩු යටිකුරු වුණේ ඔහුගේය. හදිසියේ ලද දෙයින් ජීවිතය වරද්දාගත්තේ ඔහුය. ඔවුහු දමිත්ගේ කටහඬ විකුණාගෙන කෑහ ඔහුටද මුදල්ගෙවා අසීමිත මුදලක් වැයකර කැසට් පටයක් නිෂ්පාදනය කර ප‍්‍රචාරය දෙන්නේ විකුණන්නට නැත්නම් මොනවා කරන්නටදැයි මේ ලියුම්කරු මට පහදා දිය යුතුය.
දමිත් අසංකගෙන් ඔහු සහභාගි වන ප‍්‍රසංග වලින් පවා ආයතනය මුදල් අයකරගෙන ඇතැයි මේ ලේඛකයා චෝදනා නගයි. ගිවිසුම් අත්සන් කරන්නේ මේ හේතුන් නිසායි. ගිවිසුමේ පැහැදිලිව ගනුදෙනු, ගිවිසුම් කාලය සහ එකිනෙකාගේ අයිතිවාසිකම් වෙන වෙනම සඳහන් කොට ඇත.
ලියුම්කරුට අවශ්‍යනම් ගිවිසුම පෞද්ගලිකව පෙන්වා පැහැදිලි කළ හැක. මට නිෂ්පාදනයේ වෙළඳ හා විද්්‍යුත් අයිතිවාසිකම් ඇත. ගායකයා ට සංදර්ශන වලින් විදෙස් සංචාර වලින් ආදී අනෙකුත් සියල්ලෙන්ම අසීමිතව හරි හම්බකළ හැක. එහෙනම් සංදර්ශන වලින් ආයතනය කොටසක් ගත්තා යැයි මේ ලියුම්කරු චෝදනා නගන්නේනම් එය ඔහු ඔප්පු කළ යුතුය. නැතිනම් දමිත් ඔප්පු කළ යුතුය.
ගිවිසුමේ කිසිදු කොන්දේසියක හෝ වගන්තියක නොමැති ඒ කොටස උපුල් ජයසිංහ ගත්තේ නැතිනම් කොටසක් ඉල්ලූවේ හෝ ගත්තේ කවුරුන්දැයි දමිත් ඔප්පුකළ යුතුය. (බිරිඳට උපුල් ජයසිංහ කොටසක් ගත්තායි පවසා අඩු මුදලක් අතට ලැබුණා යැයි පවසා ඉතිරි අනෙක් බිරින්දෑවරුන්ට සලකන්නට දුන්නානම් මට කළ හැකි දෙයක් නැත.
මා නොදැනුවත්වම වෙන අයෙකු සංදර්ශන වලින් කොටසක් ගත්තානම් මට කළ හැකි දෙයක්ද නැත. මොනවා හෝ පානය කර විකල් වූ මනසින් උපුල් ජයසිංහ කොටසක් ගත්තා යැයි චෝදනා කළේනම් මට කළ හැකි දෙයක්ද නැත).
අන්තර්ජාලයේ මුහුණු පොත හරහා හුවමාරු වන ගොන් පෝස්ට් ඇසුරින් වැදගත් ජාතික පුවත්පත් සඳහා ලිපි සපයන මේ ලියුම්කරු වලිගය පාගාගන්නේ මේ බොළඳ ප‍්‍රකාශය හරහාය.
එච්. ආර්. ජෝතිපාලයන්ගෙන් පසු එකම ගායන ශිල්පියෙකු ගේ කැසට් පටයක් වැඩිපුරම අලෙවි වූවා නම් ඒ දමිත්ගේ සිතේ පෙම් පුරා කැසට් පටයයි. මම කැසට් නිෂ්පාදනය ආරම්භ කළේ එච්. ආර්. ජෝතිපාලයන්ගේ ජෝතිමේලා කැසට් පටය නිෂ්පාදනය කරමින්ය.
දමිත් ගේ සිතේ පෙම් පුරා ඇතුළු ඔහුගේ මුල්ම ගී නිර්මාණ හතරම නිෂ්පාදනය කළේද මා විසින්ය.
ඉතින් මාත් නොදන්නා මගේ නිෂ්පාදන වල මේ අලෙවි වාර්තා මුහුණු පොතේ අඳබාලයන් සහ ඒ ඇසුරින් ලිපි සපයනා මේ ලේඛකයා දන්නේ කෙසේදැයි මටද ප‍්‍රහේලිකාවකි. ජෝතිපාලයන් යනු ශ‍්‍රී ලාංකිකයනට ආගමකි.
එය වෙනමම හැදෑරිය යුතු සංස්කෘතියකි. ජෝතිපාලයන් ගේ පෞරුෂයට, ජනතා ආකර්ෂණයට හෝ ජනතා ආදරයට අලගු තියන්නට හෝ මේ රටේ ගායකයෙකු බිහිවීද?
කිට්ටුවට හෝ පැමිණියේ ගුණදාස කපුගේ ශිල්පියාණන් පමණකි. ජනතාවගේ හදගැස්ම දුක වේදනාව ආදරය හඳුනාගත් එවන් වූ ශිල්පීන් අතරට දමිත් අසංක ඇතුළත් කරන්නට උත්සාහ කරන්නාද මෝඩයෙකි.
ජෝතිපාලයන්ගේ අලෙවි වාර්තා බිඳ හෙලන්නට පෙර නිල්වලා ආයතනයේ දමිත්ට ඉදිරියෙන් සිටි පළමු පෙළ වූ නාමල් , අජිත්, කපුගේ, චන්දන, අසංග ආදීන්ගේ වාර්තා බිඳහෙලිය යුතු නොවේද ?
මහා පාංඞීත්වයකින් යුතුව අනුන්ගේ පෝස්ට් වලින් නොදන්නා මාතෘකා යටතේ ලිපි ලියා ක්‍ෂේත‍්‍රවල ගෞරවනීයව ඉහළින්ම සිටින්නන්ගේ ආත්ම ගෞරවයට පහරදෙන්නට පෙර ඒ ගැන හරිහැටි හැදෑරීමක් කරානම් ඒ ගැන කරුණු කාරණා හරිහැටි විමසා දැනගත්තානම් මෙවන් පිළිතුරක් මට සපයන්නට සිදුවේද ?
අලූත්ම අලූත් අංකුර පැළකරන්නට දෙවරක් නොව තෙවරක් සිව්වරක් සිතන්නට සිදුවන්නේ මෙවන් වූ වගකීම් විරහිත ශිල්පීන් සහ ලියුම්කරුවන් නිසාය.
උපුල් ජයසිංහ
සභාපති
නිල්වලා සමූහ ව්‍යාපාරය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...