ව්‍යාපාරික පුවත්

2018 අයවැය මගින් පුංචි කාර්වල මිල අඩුවනු ඇති බවට දැනට මාස කිහිපයක සිට කසුකුසුවක් තිබුණද, මෙවර අයවැයෙන් එන්ජින් ධාරිතාව 1000cc වලට වඩා අඩු මෝටර් රථවල මිල ගණන්වල වෙනසක් සිදු නොවනු ඇති බව කියැවේ.

මෙවර අයවැය යෝජනාවලියේදී මෝටර් වාහන මත අයකළ වටිනාකම පදනම් වූ නිෂ්පාදන බද්ද ඉවත් කර පෙට්‍රල් සහ ඩීසල් වාහන සඳහා එන්ජින් ධාරිතාව මත පමණක් (cc ධාරිතාව) පදනම්ව නිෂ්පාදන බදු අය කෙරෙන බව පෙන්වා දී තිබේ. එය එසේ වුවත්, මේ දක්වා රටට ගෙන්වනු ලැබූ මෝටර් රථවල නිෂ්පාදන බදු අයකිරීම බොහෝ අවස්ථාවල සිදුවූයේ එන්ජින් ධාරිතාව මත පමණක් බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව, සලකා බැලීමේදී 1,000cc වලට වඩා අඩු එන්ජින් ධාරිතාවයේ පෙට්‍රල් වාහන සඳහා මීට පෙර සලකා බැලුණේ වටිනාකමින් 150% ක් හෝ ඝන සෙන්ටි මීටරයට රු.1,750/- ක බදු මුදලකි. එමෙන්ම, හයිබ්‍රිඩ් වාහන සඳහා මීට පෙර සලකා බැලුණේ වටිනාකමින් 70% ක් හෝ ඝන සෙන්ටි මීටරයකට රු.1,250 ක බදු මුදලකි.

නමුත්, 2018 අයවැය යෝජනාවලියේදී පිළිවෙළින් පෙට්‍රල් හා හයිබ්‍රිඩ් වාහන සඳහා වූ වටිනාකම පදනම් වූ නිෂ්පාදන බද්ද අයවන ක්‍රමවේදය පමණක් ඉවත් කළත්, එම බදු අය කිරීමේ කියුබික් සෙන්ටිමීටරයකට අය කෙරෙන බදු මුදල් පිළිවෙළින් රු.1,750/- ක් සහ රු.1,250/- ක් ලෙස ඒ ආකාරයෙන්ම පවතින බැවින් පුංචි කාර්වල මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බව වාහන ආනයනකරුවෝ වැඩිදුරටත් පවසති.

ada.lk



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More