මුහුණු පොතෙන්

දින කිහිපයකට පෙර මුහුණු පොත සැරි සැරු එක් චායාරූපයක සටහන් වුයේ සෞදි අරාබියේදි බුදු පිළිමයක් වන්දනා කිරිමේ වරදට කස පහර කෑ තරුණකු ලංකාවට පැමිණි පුවතකි.

සෞදි අරාබියේ පුවත විශ්මයක් නොවුවද අතිමහත් බහුතරය බෞද්ධයන් වු, බුදු දහමට ප්‍රමුඛත්වය දි ආරාක්ෂා කිරිමට ව්‍යවස්ථාවෙන් බැඳි සිටින රටේ බුදු කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරිම සිය විශ්ව විද්‍යාල ජීවිතය අහිමි කර ගැනිමට තරම් අකුසලයක් බව සංහිදියාව විසින් යාපනය විශ්වවිද්‍යාල සිසුන්ට දන්වා ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ වාණිජවේදි අංශයේ සිසුහු පසුගිය වෙසක් උත්සවයට සමගාමීව බුදු කුටියක් ඉදිකර බුදු පිළිමය වැඩමවීමෙ කටයුත්තට මුල පුරමින් සිටියහ. උතුරේ බෞද්ධයන් දැකිම ඇලජික් වු ප්‍රභාකරන් පරපුරේ පරිපාලන නිළධාරින් පිරිසක් මේ ස්ථානයට කඩා වැදි පිළිමය සහ අසුන කැබ් රථයකින් පැහැර ගැනිමට කටයුතු කර ඇත. මේ සිද්ධියෙදි පරිපාලන නිළධාරින් හා සිසුන් අතර මත ගැටුම හේතුව කොටගෙන විශ්වවිද්‍යල බලධාරින් විසින් දරුවන් හයදෙනෙකුගේ පන්ති තහනම් කර ඇත. මේ වන විටත් එම ශිෂ්‍යයන්ට මේ වසරේ විභාග සඳහා පෙනිසිටිම අහිමිව ඇත.

බුදු පිළිම තබා ගැනිමට වවුනියාව මණ්ඩපයේ ස්ථාන වෙන් කර ඇතැයි එහි පරිපාලන ප්‍රධානියා පුවත්පත් වලට කර ඇති ප්‍රකාශය අමුලික අසත්‍යක් බව එම සරසවියේ ශිෂ්‍ය සංගම් ප්‍රධානියකු අපට තහවුරු කළේය. ” එහෙම තැනක් තියෙනවා නම් අපිට පෙන්වන්න කියන්න ” ඔහු අභියෝග කළේය.

එසේ තැනක් තිබුණද තමන්ගේ නිදන කාමරයෙ හෝ බුදු පිළිමයක් තබා ගැනීමට කැමැති ආගමක් ඇදහීමට ඇති අයිතිය ගැන සංහිදියා කුක්කන් නොබුරන්නේ ඇයි.?

” අපි විශ්ව විද්‍යල ප්‍රතිපාදන කොමිසම සභාවට ගියා. කොමිසමේ සභාපතිවරයා අපිව මග හැරියා. ඒවගෙම උසස් අධ්‍යාපන ඇමති විජයදාස රාජපක්ෂ හමුවෙන්න අවස්ථාවක් ඉල්ලුවා. ඒත් මැයි මාසේ ඉඳලා මේ වනතුරු ඊට ප්‍රතිචාරයක් නෑ. ”

සංහිදියාව වෙනුවෙන් කැපවු නිමල පවිත්‍ර සුදෝවස්ත්‍ර විජයදාස රාජපක්ෂයන්ගේ ප්‍රතිචාරය එයයි.

මේ සිසුන් හය දෙනා අතර අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් පැමිණි මෙම බුදු කුටිය වෙනුවෙන් දායකවු උදයන් නැමැති දෙමළ ශිෂ්‍යයකුගෙත් පංති තහනම් කර ඇත. මහපොළවේ හැදෙන ඇත්ත සංහිදියාව දඩයමට ලක් වෙන්නේ එසේය.

විශ්වවිද්‍යල මට්ටමින් මෙම ප්‍රශ්නය විසඳාගත නොහැකි වූ සිසුහු මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක පිහිට අපේක්ෂාවන් සිටිති.

ඇමතිවරයාගේ එක් ප්‍රකාශයකටත් කොළඹ වටලන අ.වි.වි.ශි.බ.ම කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතාට යාපනය දරුවන්ගේ පන්ති තහනම සටන් බිමක් නොවන්නෙ ඇයි.

ජාතික හිමිකම් තොරතුරු කේන්ද්‍රය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More