මහින්ද සිරිසේන සභාගයකට කැමති අකමැති බුකී බයි කඳවුරේ විවාදය ඇතුලෙ ඊට කැමති මතය වෙනුවෙන් කථා කරන අපි, එහෙම කැමති වෙන්න බලපාන හේතු ප්‍රමාණයක් කියලා තියෙනවා.. ඒ අතරෙ තියෙනවා,
2019 වසරේ තවත් අසීරු ආර්ථික තත්වය ඇතුලෙ හිතුමතේ ආර්ථිකය කා දැමීමටත්, ආපසු හැරවිය නොහැකි තවත් පාවා දීම් කිහිපයක් හෝ කිරීමටත් තවදුරටත් රනිල් ඇතුළු පිරිවරට කිසිදු ඉඩක් නොදිය යුතුය..
සිය අවසන් වසර ගත කරන ජනාධිපති සිරිසේන සිය තනතුරේ බලය මතම පමණක් අටවා ගෙන තිබෙන සහ කාලයට සමානුපාතිකව මුහුදු මට්ටමට පහළ යෑමට නියමිත ඔහුගේ දුබල යාන්ත්‍රණය මුළුමනින් අත්පත් කර ගැනීමට යූඇන්පීයට ඉඩ නොදිය යුතුය වගේ බර තැබිය හැකි තර්ක..
නමුත් අවාසනාවකට අපෝ අරූ සමඟ සබාග එපාමයැ කියන පාර්ශවය ගේන තර්ක පදනම් වෙන්නෙ එදත් හරම උනා.. හෙටත් එහෙම උනොත්.. හරම වෙන්නත් පුළුවන් වගේ දැන් පොළවෙ වෙමින් තියෙන බල සංයුතිවලට ගලපලා බැලුවත් පදනමක් නැති හේතු එක්ක.. සමහරු මේකට විරුද්ධ වෙන්නෙ එකිනෙකට පරස්පර විරෝධී පදනම්වල ඉදං.. ඒ සමහරුන්ට අනුව දුර්වල සිරිසේනට රනිල් තුරුලේම අවසන් වෙන්න ඉඩ දෙන්න ඕනැ.. එතකොට සිරිසේන අතේ තියෙන ටිකත් එක්ක බලය මුළුමනින්ම රනිල් අතට යෑමේ අවධානම ගැන එයාලට අදහසකුත් නෑ.. ඒ අරූ සමඟ සබාග එපා මතයෙම ඉන්න සමහරුන්ට අනුව සිරිසේන ප්‍රබලයි.. එයාගෙ බලය කාලයත් සමඟ සීග්‍රයෙන් පිරිහෙන්නෙ නෑ.. හැබැයි එයාලටත් හරියට බෑ එක්ස්පයර් වීමේ දිනය කිට්ටු වෙන්න වෙන්න නොපිරිහී ඉන්න සිරිසේනගෙ අපිට නොපෙනෙන ගුප්ත බලය මොකක්ද කියලා පැහැදිළි කරන්න..
සමහර විට අපෝ අරූ සමඟ සබාග එපාමයැ කියන මතය සාධාරණීකරණය කරන්න ප්‍රබල මත දැක්වීම් තියෙන පුළුවන් මට මිස් වෙච්ච.. එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් ලින්ක් එකක් දෙන්න.. ප්ලීස්..
තව එකක්.. සමහරු අහනවා මේ බුකියෙ කට්ටිය හැප්පෙන්නෙ එහෙම සබාග මෙව්වා එකක් ඇත්තටම වෙන්න යනවද කියලා.. ඔව් ඇත්තටම විවිධ පාර්ශව එහෙම උත්සහයක ඉන්නවා.. නමුත් එහෙම සබාගයකට සියළු පාර්ශව අතරෙ පැහැදිළි එකඟතාවයකට ආවද කියන්න නම් පැහැදිළි නෑ.. මෙතනදිත් ප්‍රබල වෙන්නෙ මහින්ද රාජපක්ෂගෙ අවසන් තීරණය..
මහින්ද රාජපක්ෂට ඒ තීරණය ගන්න ඕනැ කොහොමද කියලා කියලා දෙන්න හදනවා වගේ ජෝක් එකකට නෙවෙයි මම නම් මේ ගැන බුකියෙ කෙටුවෙ.. නමුත් අර සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය කථානායක ලෙස නම් කරන්න මහින්ද රාජපක්ෂ ගත්ත තීරණේටත් එහා ගිහින් තීරණ ගන්න වෙනම පිරිසක් හිටියා වගේ මෙතනත් ඉතා තීරණාත්මක වෙලාවක වෙන ගේමක් ගහන්න අපේ මට්ටමෙන්ම පිටිය හදාගන්න සමහරු ට්‍රයි එකක් දෙනවා වගේ පේනුන නිසයි කරන්න තියෙන පුද්ගලික වැඩත් පැත්තක දාගෙන බුකියෙ කොටන්න හිතුවෙ.. මොකද වතුර පොඩ්ඩක් බොර වෙද්දිම පිත්ත දාන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා කියන එක මම අමුතුවෙන් කියන්න ඕනැ නෑ නේ..
Wishwa Chinthana
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...