විදේශ පුවත්

ඉරානයේ තෙහෙරාන් අගනුවර ඇමෙරිකා තානාපති කාර්යාලය පිහිටා තිබුණු ගොඩනැගිල්ල ඉදිරිපිට ඉරාන කාන්තාවන්ගේ එකමුතුවෙන් විරෝධතා රැළියක් පවත්වා තිබේ.

මීට අවුරුදු 37 කට පෙර, 1979 වසරේ දී, ඉරාන විප්ලවය දා ඉරාන විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විරෝධතාකරුවන් ඇමෙරිකා තානාපති කාර්යාලයට කඩා වැදුණේ නොවැම්බර් 4 වැනිදා දිනෙකය.

ඒ අනුව ඊයේ දිනයේ (04) එම විරෝධතාව පැවැත්වූයේ ද වසර 37කට පෙර සිදුවුණු එම සිදුවීම යළි සිහිපත් කරමිනි.

සියයකට වැඩි පිරිසක් විරෝධතාවට එක් වී සිටියහ.

ජනපති ධුරයට පත් වුණු අවස්ථාවේ සිට ට්‍රම්ප් ඉරාන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

මැදපෙරදිග කලාපයේ ත්‍රස්තවාදය වපුරුවන්නේ ඉරානය යැයි ට්‍රම්ප් චෝදනා කරයි.

එපමණක් නොව, ඉරානයට අලුතින් සම්බාධක පැනැවීමට ද ට්‍රම්ප් පරිපාලනය කටයුතු කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More