ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක එක කොටස් එක්ක නැවත සන්ධාන ගත විය යුතු යැයි සමහරු කියනවා. නමුත් හොරු, දූෂිතයෝ, මිනීමරුවෝ එක්ක සන්ධාන ගත වෙලා රට ගොඩ නගන්නත් බෑ පක්ෂය රැක ගන්නත් බෑ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වන විට නායකයන් පස් දෙනයි. එ අයගෙන් හොර මැර කම් වංචා දූෂණ මිනීමැරුම් වලට සම්බන්ධ වුණේ එක්කෙනයි. මේ තත්වය යටතේ අපි විශාල සටනකින් 2015 ජනවාරි අටවෙනිදා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගත්තා.
දේශපාලනයෙන් සමු අරගෙන හිටපු මම නැවතත් ඒ සටනට උර දුන්නේ අපේ රටට පක්ෂයට වෙන විනාශය බලා ගෙන ඉන්න බැරුව.
ඒ අනුව අපේ රටත් පක්ෂයත් නැවත පරිහානියට පත් කරන්න ඉඩ දෙන්න බෑ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙසේ ප්‍රකාශ කළේ වත්තල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සවිධායක හිටපු පලාත් සභා මන්ත්‍රී ඩෝල්ටන් ජානක සූරිය බණ්ඩාර මහතා පිළිගැනීම පිණිස අද (05) පෙරවරුවේ වත්තල පුරහලේ පැවැති රැස්වීමක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය මෙසේ ද කීවාය.
පළමුව රට දෙවණුව පක්ෂය කියන ස්ථාවරයෙයි අප සිටිය යුත්තේ. පසුගිය කාලයේ අපි එක්සත් ජාතික පක්ෂය, සරත් ෆොන්සේකා මහත්තයගේ පක්ෂයත් එක්ක අනියමින් ජනතා විමුක්ති පෙරමුණ එක්ක එකම මතයක හිටියේ. පළමුව රට කියන ස්ථාවරය තුළයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...