පුරවැසි කොලම

මේ දිනවල විපක්ෂයේ ප්‍රධාන මාතෘකා අයවැය පරදවා යහපාලනය නිමා කිරීමයි.ඒ මාතෘකාව යතාර්ථයක් වන්නේ නම් මේ මුළු මහත් රට වැසියාටම සෙතක් වන බව පහදන්න අටුවා ටීකා අවශ්‍ය නැත. නොවැම්බර් මස ලබන වසරට නියමිත අය වැය පාර්ලිමේන්තුවට පැමිණීම සම්ප්‍රදායකි. අාණ්ඩුවේ ඉදිරි දැක්ම හා ගමන් මාර්ගය නව අය වැයකින් හදුනාගත හැකිය.

ලබන අය වැය කෙසේ වන්නේ දැයි දැන්ම ලංකාවේ පමණක් නොව විදේශිකයන්ට ද මනාව වැටහේ.ඩොලරය ඉහළ යාමත්, අාර්ථික පරිහානියත්,දේශීය නිෂ්පාදන අවපාත වීමත් යනාදී සරල කාරණාවලින් පවා ලබන වසරේ තත්ත්වය හදුනාගත හැකිය.

ඒ අනුව එවැනි තත්ත්වයක් මගහරවා ගන්න තිබෙන්නේ දුර්වල අාර්ථික කලමනාකරණයෙන් දක්ෂ අාර්ථික කලමනාකරණය දක්වා ගමන් කිරීමෙන් ය. ඒ සදහා අාණ්ඩුව ප්‍රතිපත්ති වෙනස් කල යුතු ය.එසේ නොමැතිනම් අාණ්ඩුව වෙනස් කළ යුතුය. මේ දෙකෙන් පළමු වැන්න වන බව පැහැදි නැත.දෙවැන්න විය යුතුව අැත.ඒ සදහා ද වැඩපිළිවෙලක් මිස සටන් පාඨයක් පමණක් ප්‍රමාණවත් නැත.අාණ්ඩුව වෙනස් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ ඉන් පසුව ජාතික ප්‍රතිපත්ති මත රට ගොඩනැගිය යුතුය. ඒ සදහා සුදුසුකම් වෙන කවර දාටත් වඩා වර්තමානයේ පවතී.මේ සුදුසු ම කාලයයි.මේ කාලත් නිකම්ම ගෙවී යන්නේ නම් නැවත අවස්ථාවක් නොලැබෙනු අැත.

එකාබද්දයේ 52කි. ශ්‍රිනිපනේ ආ 16 දෙනාගෙන් ඉතිරිව ඇත්තේ 15කි. මෙම දෙපිරිස එකතු කළ විට 67ක් වේ. ආණ්ඩුවට 113 අහිමි කරන්නට තවත් 46 ක් අවශ්‍ය වේ. එම අඩුව පුරවා ගන්නේ කෙසේද? ශ්‍රිනිපනේ ඉතිරිව ඇති 22 න්
ප්‍රමාණයක් ඒජාපය සමග සම්බන්ධයක් ගැන කුකුසක් ජනතාව තුළ අැත.

අයවැය පරදවාන්නට අාණ්ඩුවට බහුතරය අහිමි කරන්න 46 ගන්නේ කාගෙන්ද? ඒ සදහා අන්තවාදි පක්ෂ කිහිපයක අවධානය යොමු කරන බව සිතේ.එම පක්ෂ ඉතිහාසයේ කවදාවත් දොලපිදේණි නැතිව අාණ්ඩුවලට සහයෝගය දුන් අවස්ථා නැත.පසුගිය අගමැතිට විරුද්ධව ගෙන අා විශ්වාසභංගයට සහය දීමට ඉල්ලූ ඉල්ලීම් තුළින් මනාව පෙනේ. හකීම්ලා මෑතක පවා කිව්වේ මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බවය.අනිකුත් අය ද තම තමන්ගේ අභිමතය පරිදි දොලපිදේණි ඉල්ලති.මේ අාන්ඩුව පලවා හැර හදන අාණ්ඩු වලින් රටට ජාතියට අපේ සභ්‍යත්වට හානියක් නොවනසේ සහතික වීම සදහා ගනු ලබන ක්‍රියාමාර්ග සැකසිය යුතු නොවේ ද? සටන් පාඨයක් පමනක් නොකර යතාර්ථයක් කරගන්නට මේ තම් බැරැරුම්ය. එහෙහත් බැරි නැත. අතීතය සාක්ෂි අැත.

අය වැය පරදවා හෝ මේ දුර්දාන්ත පාලනය නිමා කල යුතු බවට විවාදයක් නැත. ඒත් එය යතාර්ථයක් වීමට ඉතා සංවිධානාත්මක හා සූක්ෂම වැඩපිළිවෙළක් අවශ්‍ය වේ.අතීතයේ අය වැය පාර්ලිමේන්තුවට පැමිණීමටත් පෙරම පැමිණෙන බව අාරංචි වී පිටරටවල සිට ඩොලර් පවුම් මැති අැමතිවරුන්ගේ එකවුට්වලට පැමිණ ඔවුන්ගේ අාර්ථික තර වු බව ජනතාවට අමතක නැත. මෙවර ද එසේ නොවෙතැයි අපට පේන කියන්නට බැරිය.විශේෂයෙන්ම අාණ්ඩුවේ මැති අැමතිවරු අයවැයට විරුද්ධව ඡන්ද දීමෙන් වලක්වන්න ඔවුන්ගේ ලන්සුව ඩොලර් කීයක් ගියද ඔවුන්ට ප්‍රශ්නයක් නැත.

බටහිර හා ඉන්දියාවේ අවශ්‍යතාවය අනුව පැමිණි මේයහපාලන අාණ්ඩුව තව දුරටත් රදවා තබා ගැනීම රනිල් මෛත්‍රීටත් වඩා ඔවුන්ට අවශ්‍ය වේ.ඒ නිසා ලංකාවේ මුදල් නැති වුන ද ඒ වෙනුවෙන් යොදවන්න බටහිර ඉන්දියාවට මුදල් ද උවමනාව ද අැත. ඒ සදහා අභියෝග කරන්න පුලුවන් වැඩපිළිවෙලක් ඒකාබද්ධ විපක්ෂය ගෙන අැතැයි සිතිය නොහැකිය.

මා එයින් අදහස් කරන්නේ මුදල් දීම නොව මහජන නියෝජිතයන් මේ සදහා සංවේදිතාවය අැති කිරීමට වැඩපිළිවෙලක් කිරීමයි.ඒ සදහා ජාතික ව්‍යාපාරවල වැදගත් කම දැකිය යුතුය.ඒ නිසා එය ශක්තිමත් කිරීම කළ යුතුය. තවමත් ප්‍රමාද නැත සැබෑ අවශ්‍යතාවය පමණක් ඒ සදහා ප්‍රමාණවත් ය. මෙය සාර්ථක බව යුද සමයේ පෙන්වා අැත.විදේශිකයන් පවා යුද්ධය යන අතරේ අයවැය පරදවා ගමන වෙනස් කරන්න හැදුවේ රටට හිතකර නොවන න්‍යාය පත්‍රයක් දිගහැරීමට ය.

ඒ අවස්ථා අය වැය රැක ගැනීමට පිරිසක් අාණඩුවෙන් එළියට අාවේ ය.අද අවශ්‍ය වන්නේ රටට හිතැති න්‍යාය පත්‍රයක් දිග හරින්නට අයවැය පරදවන්නට එළියට ඒමය.වෙනසක් නැත අවශ්‍යතාවය එකකි.ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙළක් මිස හුදු මාධ්‍ය සංදර්ශන තබා ජනතාව නිර්වින්දනය කිරීම නොවන බව අවධාරණය කළ යුතු ය.

මේ තත්වය එසේ තිබිය දී ඒකාබද්ධ විපක්ෂයේ ද ඒකමතික තාවයකට එළබෙන්නට අපහසුවී අැති බව මාධ්‍ය තුළ කරන අවඥා සහගත ප්‍රකාශ තුලින් පැහැදිලි වේ.තම තමන්ගේ න්‍යාය පත්‍ර වෙනුවට පොදු න්‍යාය පත්‍රයක් සදහා ගොනු වීම ඉතා අත්‍යවශ්‍ය කරුණක් බව විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂ අවබෝධ කරගත යුතුමය.

පසු ගිය අවස්ථවලදී පාර්ලිමේන්තුවේ නියෝජනයන් හා ඒ අවස්ථාවවන්වලදී කළ ඡන්ද විමසීම්වලදී නියෝජනය කළ අාකාරය ජනතාවගේ ප්‍රශාදයක් නැත. රටේ වැදගත්ම පනත් ගණනාවක්ම සම්මත වුන අවශ්තාවන්වලදී ඔවුන්ගෙන් අැතැම් අය කටයුතු කලේ කොහොමත් සම්මත වන නිසා ගියත් එකයි නොගියත් එකයි ලෙසින්ය.ඒ ගොං තර්කයකි.සියළු දෙනාම එකම ලෙසින් විරුද්ධව ඒ අවස්ථාව මගනොහැර නියෝජනය වීම ද අන්‍යයන් සදහා උත්තේජනයක් බව කිව යුතුය.ජනතාව ද බලා සිටිනුයේ ඒ දෙසය. පසුුගිය සිද්ධියක් අලලා අැති වු ඡන්ද විමසීමක් සිදුවිය.එහි ප්‍රථිපලය කිසිසේත්ම ජනතාව අනුමත නොකල ප්‍රථිපලයකි. ඒ තීන්දුව පරාජය කරන්නට ලෙහෙසියෙන්ම හැකියාව තිබිණි.ඒ සදහා ක්‍රියා නොකලේ කාගේ වුවමනාවෙන් දැයි ප්‍රශ්නයකි.එයින් පසු ජනතාවගේ මතය වූයේ ඔවුන් ද ඩීල් කරුවන් බව පෙනුන බවයි.එවැනි තත්වය තම සගයන් රැකගැනීම පැහැර හැර අය ප්‍රතිවාදීන් දිනා ගැනීමට අසමත් බව පෙන්නුවේය.

මෙවැනි වටපිටාවක අයවැය පරදනවා කියා මාධ්‍ය ඉදිරියේ කියා ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් නොකර සිට මේ අයවැය ද දිනා මේ වසර දෙකත් මේ දුර්දාන්ත පාලනයට නිත්‍යානුකූල අවසරය නොවන්නේ ද? එසේ නම් අසරණ ජනයාගේ හැගීම අවභාවිත කර තමන්ගේ සිහින මුදුන් පත් කර ගැනීමට කල් මැරීමක් පමණක් වන්නේ ය.මේ කාගේ කාට අවශ්‍ය වූවක් ද? බලලා කොස් අැට බානනේ තම අතින් නොව වෙනකෙකුගේ අතින්ය.එහෙත් කොස් අැටය ඔහුටය.කවුරු කරත් වරද වරදමය.

මේ‍ නොමනා ක්‍රියාවල ප්‍රථිපලය රටක් ලෙසින් බලපෑම් අැති කරයි.අනතුර පෙර හදුනාගෙන කල් අැතිව වෑයම් කිරීම ප්‍රයෝජනවත් බව මිලිදු රජුට නාගසේන හාමුදුරුවෝ මිලින්ද ප්‍රශ්නයේදී පෙන්වා දුණි. වර්තමානයට ද එය වලංගු වේ.
යහපත කරන්න පාට පක්ෂ කුල ගෝත්‍ර පසක දා කටයුතු කරන්න.

තෙරුවන් සරණයි.

දෙහිපෙ චන්ද්‍රවිමල හිමි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More