දුරාතීතයේ අපේ මුතුන් මිත්තෝ බොහෝ කාලයක් ආයුෂ ඇත්තෝ මෙන්ම ශක්ති සම්පන්න ජාතියක් මුලු ලොවම අභිභවා ලූ..
මහපොළව එක්ක හරි හැටියට පොර බදලා රටක් ජාතියක් ගොඩනගපු විශිෂ්ඨ මානව පරපුරක් හිමි අපේ රටේ උරුමක්කාරයෝ අද අපේ රටේ බෝඩින් කාරයෝ වගේ යැයි සිතේ. ජාතියක වීරත්වය හා නැණ නුවණින් සාමුහිකව අහස පොළොව මුහුද ජයගත් අපි අපිව නොරටුන්ට විකුණලා නොරටුන්ව අපේ කරන් ජීවත් වන රටක් වෙලා..
මහපොළව හා එකගවත් , ගහකොල සතාසිව්පාවුන් හා එකගවත් පාරිසරිකව බවභෝග වගා කරපු අපි අපේ ආහාර ගත්තෙම රටක ජාතියක අනාගතය ගැන සිතා මිසක් රටත් ජාතියත් නැති භංගස්ථාන කොරන්න නෙවේ. අද අපි මහපොළව එක්ක එකග නොවී පොළොවට වින කරමින් වස මුසු කරමින් අපිද වස කා රෝගී වෙන දරුමල්ලෙක් හදාගන්න බැරි ජාතියක් වෙලා.ඉස්සර අපේ අත්තප්පලා අත්තම්මලා දරුවෝ දුසිම් ගනන් වදලත් පොඩි පහේ කොන්දේ අමාරුවක්වත් හැදුනේ නැතිව අවුරුදු 80 ක් 90 ක් ජීවත් උනා. දැන් අපේ ගැටවර නාම්බන්ට අහවල් එක කොරගන්නත් පෙති නැතුව බෑ.. ඒ කාලේ අපි කෑවේ බිව්වේ ශක්ති සම්පන්න වසවිස නැති අපේම පරිසරයේ කෑමබීම යි. එව්වා පංචස්කන්ධයම නිරෝගිමත් කරන හෙළ ඖෂධීය ආහාරයි..
එදා හෙම්බිරිස්සාවක් උණක් හැදුනත් දෙහි කොල ටිකක් වෙනිවැල් කෑල්ලක් තම්බලා බීපුවාම සුටුස් ගාලා ලෙඩේ හොදයි.. ඒකටත් එක්ක දැන් කිහිසුමක් ගියත් චැනල් සෙන්ටර් ගානේ රස්තියාදු වෙලා පිටරට බෙහෙත් කන්දරාවක් අරන් මෙච්චරක් වියදම් වුනා කියලා පම්පෝරි ගහන ජාතියක්. මට හයි බ්ලඩ් ප්‍රෙසර්, මට බ්ලඩ් සුගර් යැයි කියන්නෙත් මහත් අබිමානයෙන් නේද.. ලෙඩ ලෙඩමය. අපි ආඩම්බර විය යුත්තේ නිරෝගී කම ගැනය. ශක්ති සම්පන්න කම ගැනය. අද මුලු ජාතියම කෑම ලෙස බහුජාතික කොම්පැණි වල බෙහෙත් කොටාබාන අතර මායියා එක්ක බුදියගන්න ව්‍යාඝ්‍රා ගේන්න ෆාමසියට දුවන පිරිමි ඉන්න රටක් වෙලාය. ලොව ශක්ති සම්පන්නම මුතුන් මිත්තෝ වාසය කරපු සිරිලංකාද්වීපයට ගිය කලක්..
ඉංජිනේරැ රජරට අනුරාධ තෙනන්නකෝන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...