ප‍්‍රධාන පුවත්

ප්‍රසන්න රණතුංග මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ රෝ සංවිධානයට අවශ්‍ය ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා රට අස්ථාවර කිරීමට උත්සාහ කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පස්සර වැල්ගොල්ල ගම්මානයේ දී අද පැවැති ශ්‍රීලනිප ක්‍රියාකාරීන් හමුවකදීය.

“ජනාධිපතිට මේ පක්ෂය ශක්තිමත් කිරීමේ ලොකු උවමනාවක් තියෙනවා .
ඒ අනුව තමයි එතුමා කාටත් එකතුවෙන්න කියලා ඉල්ලීමක් කරල තිබුණේ.
එන්න කතාකරන්න කියලා ඒකාබද්ධයේ අයට ඉල්ලීමක් කළා.
ඒගොල්ල මොකක්ද කළේ කොන්දේසි 6 ක් සහිතව ලිපියක් යවලා තියෙනවා .
ඒ කොන්දේසි 6 ගැන හරි සාකච්චා කරන්න එන්න තිබුනා නේ.
මොකද එතුමා කාලයක් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලෙක්ම්තුමානේ.
කාරනා කාරනා හරිද වැරැදිද, ඒවාට එකග වෙනවාද නැද්ද ඒගොල්ලන්ගේ අදහස් මොනවාද සංවාද ශීලීව සාකච්චා කරනන් එන්න තිබුණා.
එහෙම ඉන්නේ නැතිව රට අස්ථාවර කිරිම සඳහා විවිධ දේ කරන්නේ ඉන්දියාවේ උවමනාවට.
ඉන්දියාවට ඕන විදියට මේ රට මෙහෙයවන්න දෙන්න මේ රටේ කවුරුවත් කැමැති වෙන්නේ නැහැ.
මගෙන් සමහරු අහනවා මහ ඇමතිතුමා මහින්දගෙ ද මෛත්‍රීගේද කියලා.
ඒක අහන්න ඕන මගේ අම්මාගෙන් නේ.
මම ඉතින් එහෙම උත්තර දෙනවා.‘ යැයි මහ ඇමතිවරයා කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More