අංගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මියගිය පුද්ගලයා රාජගිරිය කළපළුවාව ප‍්‍රදේශයේ පදිංචි තාරක ඉරෝෂණ පෙරේරා නොහොත් කොණ්ඩ තාරක නමැත්තකු බවයි හඳුනාගෙන තිබේ.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් අද පස්වරු 3.30ට පමණ අංගොඩ මංසන්ධිය ආසන්නයේදී වෙඩි තැබීම සිදුකොට පලාගොස් තිබෙන අතර වෙඩි ප‍්‍රහාරයට ලක් වූ පුද්ගලයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
කොණ්ඩ තාරක, පාතාල නායකයෙකු බව කියන කළු සාගර නමැත්තාගේ ගෝලයෙකු බවයි පැවසෙන අතර ටී 56 ගිනි අවියකින් සහ පිස්තොලයකින් වෙඩි තැබීම සිදුකර තිබේ. ඔහුගේ හිසට සහ පපුවට වෙඩි වැදී ඇති බව පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...