අපි රාජපක්ෂලාට නැවත එන්න දෙන්නේ නෑ කියන අයට..
මේ මොහොතේ ජනතාව ඉල්ලන විසදුම් වලට ජනතාවට විශ්වාස කරන්න මහින්ද වෙනුවට ඉන්න විකල්පයක් කියන්න පුළුවන්ද
ජනතාව මේ මොහොතේ ඒ ඉදිරිපත් කරන විකල්පය මහින්ද තරම් විශ්වාස කරනවද
එහෙමනම් ඒ විකල්පය කියන්න .
කවුරැ හරි කියනවනම් ආයෙත් මේ වගේ ලිජ්ජවී පන්නයේ පාළනයක් ගෙනැත් රට හදනවා මහින්දලා වෙනුවට කියලා ඒ තරම් ජනතාව ප්‍රතික්ෂේප කරන තවත් තැනක් අනාගතයේ මුණ ගැහැන්නේ නෑ.
එහෙම නැත්නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ කියනවනම් ඒ විකල්පය තවම තනි මහින්ද ඉක්මවා යන්න තරම් ජනතාවගේ විශ්වාසය දිනා ගෙන නෑ.
සජිත් ප්‍රේමදාස කියනවනම් එජාපයේ සජිත්ට මේ වෙලාවේ බලය රනිල් දෙන්නේ නෑ. වෙනම එජාපය නැතිව යන ගමනකින් සජිත්ට ගොඩ එන්නත් බෑ.
මහින්ද රටට එපා කියලා කියන මිනිස්සුන්ට ජනතාවට විකල්පයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕන. නැතුව අපි පුළුල් බලවේගයකින් එනවා කියලා වැඩක් නෑ. ජනතාව සිරිසේන පත්කරෙත් එදා ඉදන් පඅරැදු ඒක නායකත්වය විශ්වාස කරගෙන.
ලංකාවේ ජනතාව තවමත් අවසාන වගකීම ගන්න තනි මිනිහෙක්ගේසෘජු නායකත්වයට ප්‍රිය කරන බහුතරයකින් සමන්විත රටක්.
ඉදින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ අද පරදින එකා ජනතාවගේ කැමැත්තෙන් හෙට දිනනවා. අද විවේචනය කරන එකා ජනතාව දිනා ගෙන නැවත එනවා.
ඉදින් මේ වනවිට රටේ තියෙන ආර්ථික සමාජීය සංස්කෘතික ව්‍යාකූල තාවයට පිළියම මහින්ද කියලා ජනතාව හිතනවා.ඒ බව මහ පොළවේ 2018 පෙබරවාරි සලකුණු කලා. ලබන අප්‍රේල් විතර පවත්වන පළාත් සභා ජන්දයෙනුත් ජනතාව එය සළකුණු කරාවි.
ඉදින් මහත්තුරැණි ජනතාවට රාජපක්ෂලා විවේචනය කරනවනම් ජනතාවට මහින්ද රාජපක්ෂලාට වඩා විශ්වාස කළ හැකි චරිත ජනතාවට ඉදිරිපත් කරන්න ඕන. අපි අහන්නේ අන්න ඒක .
අපි ඔබලාගේ යහපාලනය එහි චරිත අනියම් චරිත විවේචනය කරන්නේ විකල්පය ඉදිරිපත් කරමින් නිසා ජනතාව වහල්ලු මෝඩයෝ නූගතුන් නොකියා විවේචනයට ඇති සාධනීය විකල්පය රට හමුවට දෙන්න. ජනතාව විශ්වාස කරනවනම් රාජපක්ෂලාට ඉහලින් එකී විකල්පය තබාවි.
නුවන් මොණරවිළ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...