මුහුණු පොතෙන්

නිරංජනී ෂන්මුගරාජාගේ ප්‍රකාශයෙන් කොටි හිතවාදී එන්ජිඕ නඩයේ ගැලවුණු රෙදි ඇඳගන්නටත් මත්තෙන් ඔවුන් තව දුරටත් හෙළිදරව් වෙන සිද්දියක් උතුරෙන් වාර්තා වෙනවා.

ඒ තමයි අද ඔක්තෝබර් 3 දා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත යාපනය අන්තර්ජාතික සිනමා උළෙලෙන් ජූඩ් රත්නම්ගේ Demons in Paradise චිත්‍රපටය ඉවත් කර තිබීමයි. මෙය ප්‍රබාකරන් ඇතුළු උතුරේ එල්ටීටීඊ සංවිධානයේ මිලේච්ඡත්වයද විවේචනයට ලක්කරන සිනමා කෘතියක් බව සැලයි.

චිත්‍ර පටයේ අධ්‍යක්ෂක චෝදනා කරන්නේ එම හේතුව පදනම් කරගෙන මෙම චිත්‍රපටය සිනමා උළලෙන් ඉවත් කර ඇති බවයි. මෙම සිනමා උළෙල සංවිධානය කරන්නේ මෙරට එන්ජිඕ ජාලයේ කපිතාන්වරියක වන අනෝමා රාජකරුණා විසිනුයි.

මෙය ජූඩ් රත්නම්ගේ කුලුදුල් සිනමා පටයයි. දකුණේ එන්ජිඕ සිනමාකරුවන් විමුක්ති අරගලයක් ලෙස ප්‍රභාකාරම්ගේ මිලේච්ඡත්වයට ආවඩද්දී උතුරේ සිනමාකරුවකු ප්‍රභාකරම්ගේ මිලේච්ඡත්වය ගැන විවේචනාත්මකව බලන්නේ නම් එය දිරි දියයුතු හොඳ ප්‍රවනතාවයක්. නමුත් ඒ වෙනුවට කර ඇත්තේ චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කිරීමයි. සිනමා උළෙලේ (එන්ජිඕ) අධ්‍යක්ෂවරිය මෙම ඉවත් කිරීමට හේතු වූ බව පවසන්නේ උතුරේ ජනයා එම චිත්‍රපටය පෙන්නනවාට විරෝධය පළකළ බවයි. නමුත් ජූඩ් රත්නම් අනෝමා රාජකරුණාට යවා ඇති ලිපියක දැක්වෙන්නේ ප්‍රජාවක්’ යයි පවසනා කණ්ඩායමකගේ පීඩනය මත සංවිධායකවරුන් මෙම චිත්‍රපටය ඉවත් කිරීමෙන් තමාගේ මුලික ප්‍රකාශන අයිතිය උල්ලංඝනය වී ඇති බවයි. එමෙන්ම මෙම ඉවත් කිරීම ගැන තමන්ට මෙතෙක් නිල පැහැදිලි කිරීමක් ලැබී නැති බවයි.

දැන් දකුණේ 99%ක බහුතරය විරුද්ධ චිත්‍රපටයකට වුණත් භාෂණයේ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් වාරණයට එරෙහිව මරාගෙන මැරෙන සටනට එන එන්ජිඕ නඩය උතුරේ හඳුනා නොගත් සුළු කල්ලියකගේ විරෝධය වෙනුවෙන් මෙම චිත්‍රපටය ඉවත් කළේ ඇයි.

ඔවුන්ට කලාකරුවාගේ පරිකල්පනයේ නිදහස ප්‍රකාශනයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ඉගැන්වීමට මාධ්‍ය සාකච්ඡා,අත් පත්‍රිකා , වොයිෂ් කට් දෙන්නේ නැද්ද ? දකුණට නම් ඒවා ඉගැන්වීමට දවස ගානේ උනන්දු වන අය දැන් ඇටිකෙහෙල් කෑ උගුඩුවන් සේ ඉන්නේ ඇයි. ? ඔබලාටත් උතුරේ හදුනා නොගත් විරෝධතා කල්ලියට මෙන් ජූඩ් රත්නම් ගැන ඇත්තේ අපුලක් ද ? ප්‍රබකාරම්ගේ මිලේච්ඡත්වය විවේචනය කිරීම තමන්ටත් දැනෙන්නේ මතවාදී පියා විවේචනය කරන ආකාරයෙන් ද ? සැබවින්ම චිත්‍රපටයට උතුරේ විරෝධය දක්වපු අය කවුද ? ඔවුනුත් කොටි හිතවාදී එන්ජිඕ නඩේ ගැත්තන් ද ? අනෝමලාගේද ෆැන්ටසිය බොඳවෙන නිසා විරෝධයට උසිගන්වපු පිරිස පිටුපස සංවිධායිකාවත් සිටිත් ද ? එසේ නොවේ නම් උතුරේ ඒ බලහත්කාරී අන්තවාදී කල්ලි ගැන ඔවුන්ගේ අදහස මොකක් ද ? ඔවුන් පුනරුත්ථාපනය කිරීම මොවුන්ගේ සාම වෙළදාමට අයත් නැද්ද ? නැත්නම් නිරංජනීගේ දෙමළකම පරික්ෂා කළාක් මෙන් ජූඩ් රාජරත්නම්ගේ දෙමළ බව පරික්ෂා කිරීමට අවස්ථාවක් ආවාද ? මිත්‍රවරුනි ,වාර්ගික බෙදීම ජීවනෝපායක් කරගත් කොටි හිතවාදී එන්ජිඕ නඩේ මෙතරම් අපුරුවට රෙදි ගැලවුණ තවත් අවස්ථාවන් මෑතභාගයේ තිබේ ද ?

රත්තනදෙණියේ මේධානන්ද හිමි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More