විදේශ පුවත්

අලුතින් පිහිටුවන ලද දූෂණ මැඩලීමේ ආයතනය විසින් රජ පවුලේ කුමාරවරුන් එකොළොස් දෙනෙක්, ඇමතිවරුන් හතර දෙනෙක් සහ හිටපු ඇමතිවරුන් ගණනාවක් අත්අඩංගුවට ගන්නා ලද බව සෞදි අරාබි ආරංචි මාර්ග පවසයි.
රාජකීය ආඥාවක් අනුව ඔටුන්න හිමි මොහොමඩ් බීන් සල්මාන් කුමරුන්ගේ ප්‍රධානත්වයෙන් නව ආයතනය පිහිටුවනු ලැබීමෙන් පසුව එම අත්අඩංගුවට ගැනීම් සිදු කරනු ලැබ ඇත.
අත්අඩංගුවට ගන්නා ලද කණ්ඩායමේ නම් අනාවරණය කොට නැත.
ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් මෙහෙයවමින් සිටින අතරවාරයේ ඔටුන්න හිමි මොහොමඩ් බීන් සල්මාන් කුමරු, සිය වැඩිවෙන බල පරාක්‍රමය තහවුරු කර ගැනීමට පියවර ගනිමින් ඇතැයි ආරක්ෂක තොරතුරු භාර බීබීසී වාර්තාකරු ෆ්‍රෑන්ක් ගාඩ්නර් පවසයි.
2009 වසරේ මුහුණ දුන් ‘ජෙඩා’ (Jeddah) ගංවතුර සහ 2012 රට මුහුණ දුන් ‘මර්ස් ‘(Mers) වෛරසය පැතිරයාම පිළිබඳවත් නැවත පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අල් -අරබියා (Al-Arabiya) සෞදි ගුවන් විදුලිය නිවේදනය කරයි.
ආණ්ඩුව යටතේ පාලනය වෙන සෞදි අරාබි මාධ්‍ය ආයතනය (SPA) වාර්තා කරන පරිදි, පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමට සහ සංචාරක තහංචි පැනවීමට ද දූෂණ මැඩලීමේ නව ආයතනයට බලය ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More