එක්සත් ජාතික පක්ෂහ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී වෙන් වෙන්ව තරඟ කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.
කෙසේ වෙතත් මෙම හමුවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සඳහා සහභාගී වී නොසිටියේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර මෙම හමුවක් අද දහවල් පැවැත් වී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...