දේශීය පුවත්

ත්‍රස්ත විමර්ෂණ ඒකකය (TID ) විසින් අත්අඩංගුවට ගත් ස්නයිෆර් අවියක් අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව TID ප්‍රධානියා ලෙස කටයුතු කල නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මේ වසර මුලදී ඔට්ඩුසුඩාන් පොලිසිය විසින් කල සෝදිසි මෙහෙයුමකදී බෝම්බ කිහිපයක් සමග තරුණයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී එක් තරුණයකු පැනගොස් තිබේ. පසුව එම පැනගිය පුද්ගලයා ‘අතකොටා’ නමැති අන්වර්ථ නාමයෙන් හැඳිවෙන පුද්ගලයකු බවට හඳුනාගෙන ඇත.

පසුව මාන්කුලම් පොලිසිය විසින් මෙම ‘අතකොටා’ නමැත්තා අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ නිලධාරීන් පැය කිහිපයකදී ඔහුව TID බාරයට ගෙන තිබේ.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ස්නයිපර් අවියක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති අතර ඒ අනුව මුත්තූර් සාම්පූර්හි ‘ඩේමියන් මාස්ටර්’ නැමැත්තාගේ නිවසින් ස්නයිපර් අවියක් සොයාගෙන ඇති අතර ඒවනවිට ‘ඩේමියන් මාස්ටර්’ සිය නිවසින් පලා ගොස් තිබිණ.

මෙසේ මෙම ස්නයිපර් අවිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඈත්තේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ජයසුන්දර මහතා හා උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ උප පොලිස් පරීක්ෂක රාජිත හා නන්දසේන නමැති පොලිස් සාජන් වරයෙකි.

පෞද්ගලික සන්තකයේ තබා ගෙන ද ?

කෙසේවුවද එසේ ත්‍රස්ත විමර්ෂණ ඒකකය භාරයට ගත් ස්නයිපර් ගිනි අවිය මෙතෙක් නඩු භාණ්ඩයක් වශයෙන් ලේඛනවලට ඇතුලත් කර නොමැති බවත් එය TID ප්‍රධානියා සන්තකයේ තබාගෙන තිබු බවට වාර්තා වී ඇති බවත් පොලිසියේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට වාර්තා පළවෙද්දී ස්නයිපර් ගිනි අවියක් අතුරුදන් වී ඇති බවට ද වාර්තා වී ඇති ඒකාබද්ධ විපක්ෂය පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කෙසේවුවද කල විමසීමකදී පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ත්‍රස්ත විමර්ශන ඒකකයේ තිබු ස්නයිපර් තුවක්කුවක් අස්ථානගත වී ඇති බවට පලවන මාධ්‍ය වාර්තාවල සත්‍යතාවයක් නැති බවයි.

ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු පැමිණිල්ලක් ලැබී නොමැති බවත් ඔහු කියා සිටියේය.

– Sri Lanka Mirror –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More