මුහුණු පොතෙන්

‘ජාතියක භාෂාව මරා දමා, ජනතාව ගේ ආත්මය විනාශ කර දමා, ජනතාව ගේ පරිකල්පනය මරා දමා, ජනතාව ගේ නිදහස මරා දමා, ජාතියට පණ්ඩිතයෙකු හෝ විශාරදයකු හෝ නිර්මාණකරුවකු හෝ බිහි කළ නොහැක. නිදහස් ලංකාවේ ලාංකික දේශීය ජනතාවක් බිහි කිරීමටත්, මානව උන්නතියට අතදීමට ජනතාවට හැකියාව ලැබෙන්නේ මව්බසින් අධ්‍යාපනය ලබා දීමෙන් පමණි.’ – සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර

කන්නන්ගර මැතිතුමන් ගේ ඉහත සඳහන් ප්‍රකාශය වරදවා වටහා ගත යුතු නැත. එතුමන් පවසන්නේ අධ්‍යාපනය මව්බසින් ලබා දීම පමණි. ඉංග්‍රීසි තහනම් කළ යුතු යැයි, එහි දැක්වෙන්නේ නැත.

මව්බස යනු, චින්තනයේ භාෂාවයි.

ඒ අනුව අප මව්බසින් ඉගෙන ගත යුතු අතර, රාජ්‍යතාන්ත්‍රික භාෂාව, සම්බන්ධීකරණ භාෂාව, කාර්යාලයීය භාෂාව, දැනුම් සම්පාදන භාෂාව, වශයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත යුතු ය.

සිංහල, රාජ්‍ය භාෂාව කිරීමෙන් අප විනාශ වුණු බව පවසන අංශභාග බුද්ධිමතුන් නො වටහා ගන්නා ඇත්ත මෙයයි.

වරද ඇති වුණේ, සිංහලය රාජ්‍ය භාෂාව කිරීමෙන් නො ව, ඉංග්‍රීසි භාෂාව අත් හැරීමෙනි. දෙමළ, රාජ්ය භාෂාව නො කිරී‍‍මෙනි.

ඉංග්‍රීසි භාෂාව අත්හළ අපි, ඉංග්‍රීසි වහල්භාවය ගෙඩිය පිටින් ම බාර ගත්තෙමු.

සිංහලය රාජ්‍ය භාෂාවට එරෙහි ව තප්පුලන්නන් ගෙන් අපි එක් ප්‍රශ්න කිහිපයක් අසන්නෙමු.

18 – – ගණන්වල මෙරටට ආ අමෙරිකානු දූත සේවා, යාපනේ ආරම්භ කළ දෙමළ භාෂා අධ්‍යාපනය පිළිබඳ ව කියන්නේ කුමක් ද?

ඔවුන් විසින් යාපනේ ආරම්භ කරන ලද, ආසියාවේ ම තිබෙන එක ම ස්වභාෂා වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ව කියන්නේ කුමක් ද?

අමෙරිකානු දූත සේවා, වෛද්‍ය විද්‍යාවට අදාළ වචන 4000ක් දෙමළ භාෂාවට පරිවර්තන කර දුන්නේ ඇයි?

යාපනේ පමණක් ස්වභාෂාවට දිරි දුන්නේ ඇයි?

ස්වභාෂාවෙන් ඉගෙන ගත් දෙමළ ජාතිකයන්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා පරිචයක් සහ සාපේක්ෂ වශයෙන් සිංහල භාෂාව පිළිබඳ නිපුණතාවක් ඇති වී තිබෙන්නේ කෙසේ ද?

‍මේ අනුව, ස්වභාෂාවෙන් ඉගෙන ගත්, දෙමළ ජනතාවට සිදු ව තිබෙන අවැඩ කුමක් ද?

– කුමාර ලියනගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More