ප‍්‍රධාන පුවත්

2030 වසර වනවිට ශ‍්‍රී ලංකාව ආර්ථික, සාමාජයීය හා පරිසර යන ක්ෂේත‍්‍රයන් ඔස්සේ සපුරා ගත යුතුව ඇති තිරසර සංවර්ධන ඉලක්කයන් පිළිබඳ විශේෂඥ කමිටුවේ පළමු වාර්තා කෙටුම්පත ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගන්වා තිබේ. එම කෙටුම්පත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූයේ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසිනි.

2030 වසර වනවිට ශ‍්‍රී ලංකාව ආර්ථික, සාමාජයීය හා පරිසර යන ක්ෂේත‍්‍රයන්හි සපුරා ගත යුතුව ඇති තිරසර සංවර්ධන ඉලක්කයන් පිළිබඳ තිරසර සංවර්ධන දැක්මක් සම්පාදනය කිරීමට ජනාධිපතිතුමා විසින් පසුගිය ජනවාරි මාසයේ විශේෂඥ කමිටුවක් පත්කරන ලද අතර එම කමිටුවේ සභාපතීත්වය දරනුයේ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසිනි.

ආර්ථික, සාමාජයීය හා පරිසර යන ක්ෂේත‍්‍රයන්ට අදාළ කෘෂිකර්ම, ප‍්‍රවාහන, බලශක්ති, සෞඛ්‍ය, අධ්‍යාපන, ජලය, සාගර හා මත්ස්‍ය, නාගරික හා භෞතික සැලසුම් යන ඉලක්ක ඔස්සේ 2030 වසර වනවිට ශ‍්‍රී ලංකාව සපුරා ගත යුතු ඉලක්ක පිළිබඳව මෙම කෙටුම්පතේ සවිස්තරාත්මකව කරුණු අන්තර්ගතව ඇති අතර, එම කරුණු ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් ව තිබේ.

මෙවැනි තිරසර සංවර්ධන දැක්මක් ශ්‍රී ලංකාව තුළ සම්පාදනය කෙරෙන පළමු අවස්ථාව මෙය වන අතර එම කෙටුම්පත මහජන මත විමසීමක් සඳහා ලබන ජනවාරි මාසයේ ජාතික තිරසර කතිකාව නමින් ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ඒ අනුව ලබන ජනවාරි මස සිට මැයි මස දක්වා ශ‍්‍රී ලංකාවේ සියලු ම දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි මේ පිළිබඳ මහජන මත විමසීමක් සිදුකිරීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ අනාගත තිරසර සංවර්ධන දැක්ම කෙසේ විය යුතු ද යන්න පිළිබඳ මහජනතාව, දේශපාලනඥයින්, විද්වතුන් ඇතුළු සියලු ක්ෂේත‍්‍රවල පුළුල් සංවාදයක් ඇති කිරීම ඒ තුළින් අපේක්ෂා කෙරේ.

එම අදහස් සහ යෝජනා අනුව අදාළ වාර්තාවේ ඉදිරි සංශෝධනය සිදු කෙරෙණු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More