සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කළ ජනාධිපති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ විසඳුම් පිළිගන්නා බව රජයේ සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
අදාළ නිවේදනය මෙසේය.
රාජ්‍ය විශ්වවිද්‍යාලවල සියලු වෛද්‍ය සිසුන්ට සිය අධ්‍යාපන සහ සායනික පුහුණු කටයුතු කරගෙන යැම සඳහා සුබවාදී තත්ත්වයක් ගොඩනැඟී ඇති බැවින් වහාම සිය අධ්‍යයන කටයුතුවල නිරතවන ලෙස උපකුලපතිවරුන් වන අපි අවධාරණය කර සිටිමු.
පසුගිය මාස ගණනාවක් තුළ රජයේ වෛද්‍ය පීඨවල සියලුම අධ්‍යයන කටයුතුවලට සිසුන් සහභාගි නොවීම නිසා රටේ සෞඛ්‍ය ක්‌ෂේත්‍රයට සිදුවූ අයහපත් බලපෑම මෙන්ම වෛද්‍ය සිසුන්ගේ අනාගතය සම්බන්ධව ඇති වී ඇති අවිනිශ්චිතතාවයන් සම්බන්ධයෙන් දැඩිව සලකා බැලීමෙන් අනතුරුව මෙම ප්‍රකාශය නිකුත් කිරීමට උපකුලපතිවරුන්ගේ කමිටුව විසින් තීරණය කරන ලදී.
උපකුලපතිවරයාගේ නම විශ්වවිද්‍යාලය
මහාචාර්ය රංජිත් විජයවර්ධන ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
මහාචාර්ය ලක්‌ෂ්මන් දිසානායක කොළඹ විශ්වවිද්‍යාලය
මහාචාර්ය උපුල් බී. දිසානායක පේරාදෙණිය විශ්වවිද්‍යාලය
මහාචාර්ය සම්පත් අමරතුංග ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
මහාචාර්ය ඩී. එම්. සේමසිංහ කැලණිය විශ්වවිද්‍යාලය
මහාචාර්ය ආනන්ද ජයවර්ධන මොරටුව විශ්වවිද්‍යාලය
මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් යාපනය විශ්වවිද්‍යාලය
මහාචාර්ය එස්. ඒ. අරියදුරෙයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
මහාචාර්ය ගාමිණී සේනානායක රුහුණ විශ්වවිද්‍යාලය
මහාචාර්ය ටී. ජයසිංහම් නැගෙනහිර විශ්වවිද්‍යාලය
මහාචාර්ය එම්. සුනිල් ශාන්ත සබරගමුව විශ්වවිද්‍යාලය
මහාචාර්ය ඊ. එම්. පී. ඒකනායක ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය
මහාචාර්ය එම්. එම්. එම්. නජීම් ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය
ආචාර්ය ඡේ. එල්. රත්නසේකර ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලය
මහාචාර්ය සරත් චන්ද්‍රජීව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...