පුරවැසි කොලම

39 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය පසුගිය සිකුරාදා (28 දා) නිමාවට පත්විය. එහෙත් ශ්‍රී ලංකාව ලැබූ ප්‍රගතියක්‌ නොමැත. 2015 ඔක්‌තෝබර් මසදී ශ්‍රී ලංකාව මෙරට ආරක්‍ෂක හමුදාව විරෝධී ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දැක්‌වීමෙන් පසු බොරු යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර ප්‍රජාව නොමග යෑවීමට ක්‍රියාකළේ කොටි ඩයස්‌පෝරාවයි. ඊට සමගාමීව හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ – සෙයිද් රාද් හුසේන් ක්‍රියාකළේ ශ්‍රී ලංකාව යුද අපරාධකරුවකු ලෙස තීන්දු කරමිනි. වත්මන් මානව හිමිකම් කොමසාරිස්‌ චිලී බැබලම්ද අද අනුගමනය කරන්නේ කලින් සිටි මානව හිමිකම් කොමසාරිස්‌වරුන් දෙදෙනා අනුගමනය කළ ක්‍genewaරියා පිළිවෙතයි.

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවේ පැමිණිලිකරු බ්‍රිතාන්‍යය සහ ජර්මනියයි

මානව හිමිකම් කවුන්සිලය යනු කුකුළු කොටුවක්‌ මුර කරන නරි රැළක්‌ ලෙස දැක්‌විය හැකියි

ඉමෝජන් පොල්න්ස්‌

එහෙත් වත්මන් රජය එම මානව හිමිකම් කොමසාරිස්‌වරුන්ගේ ඒක පාක්‍ෂික ක්‍රියාකලාපයට අභියෝග කළේ නැත. අපි ජිනීවා මානව හිමිකම් සැසිවාරවලදී කොටි ඩයස්‌පෝරාව එල්ල කරන අභූත චෝදනාවලට විදේශ කටයුතු බලධාරීන් ප්‍රතිචාර නොදැක්‌වීම ගැන අනාවරණය කළ විට ඊට යොමුවූ ප්‍රතිචාරය වූයේ විදේශ කටයුතු බලධාරීන් නිසි තානාපති ක්‍රමවේදයක්‌ මත ක්‍රියාත්මක වන බවයි.

එසේ වුවත් 39 වැනි මානව හිමිකම් සැසිවාරය තුළදී ක්‍රියාත්මක වූයේ යුද අපරාධ චෝදනා ක්‍රීඩාවයි.

මේ ක්‍රීඩාවේ පැමිණිලිකරුවන්, සාක්‍ෂිකරුවන් ලෙස ක්‍රියාකළේ බ්‍රිතාන්‍ය සහ ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනිග්රෝ යන රටවල්ය.

මේ පසුබිම මැද යුද අපරාධ චෝදනා පිළිබඳ වගවීමේ යාන්ත්‍රණය ස්‌ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට කල් ලැබී ඇත්තේ 40 වැනි මානව හිමිකම් සැසිවාරය දක්‌වා පමණකි. එම සැසිවාරය 2019 මාර්තු මස ආරම්භ වේ.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවේ රජය මේ දක්‌වාම බොරු යුද අපරාධ චෝදනාවලට අභියෝග කර නොමැත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මේ යුද අපරාධ චෝදනා එල්ල කළේ මර්සුකි දරුස්‌මාන්ගේ වාර්තාව මතය. මේ වාර්තාවට මුල්වූ තොරතුරු ලබාගැනීමට දරුස්‌මාන් කණ්‌ඩායම ක්‍රියාකළේ අබිරහස්‌ සාක්‍ෂිකරුවන්ගෙනි. මේ සාක්‍ෂිකරුවන් කවුදැයි මානව හිමිකම් කවුන්සිලය මෙතෙක්‌ හෙළි නොකළේ වසර 20 ක්‌ යනතෙක්‌ සාක්‍ෂිකරුවන් හෙළි නොකරන බවට පැනවූ තහනමක්‌ නිසාය.

එහිදී තහවුරු වූයේ මානව හිමිකම් කවුන්සිලය මෙහෙයවන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ කොටි ඩයස්‌පෝරාව මෙන්ම ද්‍රවිඩ සන්ධානයයි.

ශ්‍රී ලංකාවට එරෙහි මේ දුෂ්ට මෙහෙයුමේ කොටස්‌කරුවන් ලෙස ඉහත පාර්ශ්ව ක්‍රියාකරයි. මෙය පුදුමයක්‌ නොවේ, දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානද ඊට එක්‌වී සිටිති.

මෙම ශ්‍රී ලංකා විරෝධී මෙහෙයුමට දායක වූ රාජ්‍ය නොවන සංවිධාන කාන්තාවන් සමඟ කටයුතු කළ තැනැත්තියකට රජයේ ඉංග්‍රීසි පුවත්පතක ඉහළම ධුරය ලැබී ඇත. ඇය අද තම පුවත්පතින් මුල්තැන දෙන්නේ කොටින්ගෙන් රට බේරාගත් රණවිරුවන්ට නොව ඉරණමඩු නාවික කඳවුර ඉවත් කිරීම, අතුරුදන් වූවන්ගේ චෝදනා සහ මන්නාරමේ සතොස ගබඩා භූමියේ අස්‌ථි කොටස්‌ හමුවීමේ සිදධීන් මතය. මෙය හමුදා විරෝධී, ෙද්‍රdaහී ක්‍රියාවක්‌ නොවේද?

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවැති කොටින්ගේ සමාන්තර රැස්‌වීමකදී නිමල්කා ප්‍රනාන්දු නමැති රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනිය සමීපයේ අසුන්ගෙන සිටියේ මේ තැනැත්තියයි.

ඇය අද මෙරට ආරක්‍ෂක හමුදාවට එරෙහිව රජයේ පුවත්පතක්‌ මෙහෙයවයි. මේ පසුබිම මැද රජය ජිනීවා යෝජනාවට සංශෝධන මාලාවක්‌ ඉදිරිපත් කරන බව හෙළිවිය.

එහෙත් ජිනීවා යෝජනාව අහෝසි කිරීම හෝ සංශෝධනය කළ හැකිද? ඇමරිකාවේ නිර්මාණයක්‌ වූ ජිනීවා යෝජනාව දැන් මානව හිමිකම් කවුන්සිලය හමුවේ මෙහෙය වන්නේ බ්‍රිතාන්‍ය රජයයි.

30/1 නමින් හඳුන්වන ජිනීවා යෝජනාව ඇමරිකානු රජය මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වූ අවස්‌ථාවේ රටවල් 42 ක්‌ ඊට සම අනුග්‍රාහකත්වය දක්‌වනු ලැබීය. පසුව විදේශ ඇමැති මංගල සමරවීර ජිනීවා වෙත ගොස්‌ එම යෝජනාවට සම අනුග්‍රාහකයා වූයෙන් ආරක්‍ෂක හමුදාව යුද අපරාධ කළ බවට පිළිගැනීමක්‌ සිදුවිය. එසේම කැලම් මැක්‌රේ නමැති කොටි කොන්ත්‍රාත්කරුවාගේ චැනල් ෆොa වීඩියෝ පටයද ඔහු පිළිගනු ලැබීය.

මේ අතර බ්‍රිතාන්‍ය රජයේ නියෝජිතයා 39 වැනි මානව හිමිකම් සමුළුව අමතමින් 2019 මාර්තු මසට පෙර ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස රජය වෙත දැනුම් දී ඇත.

මෙම තත්ත්වය මත රජය මුහුණපා ඇත්තේ බරපතළ අභියෝගයකටය. පාකිස්‌තාන් රජය ශ්‍රී ලංකාවට පැවසුවේ ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දීමෙන් වළකින ලෙසයි. එහෙත් එම ඉල්ලීම කෙරේ සවන් නොදුන් රජය ඇමරිකාවේ සහ බටහිර රටවල හොඳ හිත දිනාගැනීම සඳහා ජිනීවා යෝජනාවට එකඟ වූවේ සමස්‌ත ආරක්‍ෂක හමුදාවම පාවාදීමෙනි. එහෙත් ජිනීවා යෝජනාව තමන්ට පාරා වළල්ලක්‌ බවට පත්වූ බවට අවබෝධ කරගත් රජය එම යෝජනාවට නව සංශෝධන ඉදිරිපත් කළත් බ්‍රිතාන්‍ය රජය ඊට ඉඩ දේද? යන ප්‍රශ්නය මතුවී ඇත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසුවේ බ්‍රිතාන්‍ය රජය ජිනීවා යෝජනාව ඉවත් කර ගැනීමට ක්‍රියා කළහොත් මිස ඊට නව සංශෝධන ඇතුළත් කිරීම දුෂ්කර වී ඇති බවයි.

මෙම ජිනීවා යෝජනාව සම්මත වී මොහොතකට පසු නෙදර්ලන්තය විසින් සවුදි රජය යේමනයේදී යුද අපරාධ සිදුකළ බව දක්‌වමින් යෝජනාවක්‌ ගෙන ඒමට සැලසුම් කර තිබුණි. එහෙත් ඇමරිකානු තානාපතිවරයා සිදුකළ බලපෑමක්‌ නිසා නෙදර්ලන්ත රජය එම චෝදනාව ඉවත් කර ගනු ලැබීය.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ඉවත් කිරීමේ බලය ඇත්තේ ඇමරිකාවටයි. එහෙත් ට්‍රම්ප් රජය සමග අද වනතෙක්‌ ජිනීවා යෝජනාව ගැන සාකච්ඡා කිරීමට රජය ක්‍රියාකර නැත.

මෙම තත්ත්වය මත ආරක්‍ෂක හමුදාවේ ගරුත්වය රැකගැනීම උදෙසා ජනාධිපතිවරයා එම යෝජනා මාලාව එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයට යෝජනා කර ඇත.

එහිදී රුසියාව සහ චීනය ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබාදීමට ක්‍රියාකරනු නිසැකය.

එසේම ජනාධිපතිවරයාට වාර්තා වී ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන විසින් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කරන බවට විවිධ චෝදනා එල්ල කර ඇති බවයි.

එහෙත් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හමුවේ සාක්‍ෂි දුන්නේ හමුදාවේ හිටපු මේජර් ජෙනරාල්වරයෙකි. මේ රාජ ෙද්‍රdaහියාට යහපාලන රජය විදේශ රටක තානාපති ධුරයක්‌ පිරිනැමීය. ඔහු කාගේ කවුද? උතුරු පළාත නියෝජනය කරන රජයේ ඇමැතිවරයකුගේ සමීප ඥතියෙක්‌ වූ මොහු තම වාසගම පවා වෙනස්‌ කළේය. මෙලෙස ශ්‍රී ලංකා හමුදාව පාවාදීමේ යෙදුණු මොහුව රාජ්‍ය රහස්‌ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට රජය අදවනතුරු ක්‍රියාකර නැත.

මේ අතර ජනාධිපතිගේ උපදේශකයන් විසින් වසන් කරන ලද ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනාවල සත්‍යතාව ගෝලීය ශ්‍රී ලංකා සංසදය ප්‍රථම වරට අනාවරණය කරනු ලැබීය. මින් පෙර මෙවැනි හෙළිදරව්වක්‌ සිදුවූයේ නැත.

ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බවට චෝදනා එල්ල කරමින් මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාවේ යුද අපරාධ චෝදනා එල්ල වී ඇත. ඒවා මෙලෙස දැක්‌විය හැකිය.

වගන්ති 2, 6, 70, 90, 190, (පාද සටහන් 113) පාද සටහන් 115, 191, 117, 193, 118, 194, 120, 205, 132, 322, 325, 659, 675, 938, 1113, 1116, 1118, 1119, 1130, 1135, 1139, 1141, 1152, 1154, 1209, 1161 සහ 1243.

නිර්දේශ – 18.20.36

මින් 193 සහ 194 වගන්ති යටතේ යුද අපරාධ යනුවෙන් දක්‌වා තිබේ. එහි 1243 වගන්තිය අනුව ශ්‍රී ලංකාවේ යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධවලට විරුද්ධව නීතිමය පියවර ගැනීම ලෙසද සඳහන් කර ඇත.

මේ මානව හිමිකම් වාර්තාව පුරාම සඳහන් කර ඇති චෝදනා යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ ගණයට වැටෙන අතර ඉන් තහවුරු වන්නේ මානව හිමිකම් කොමසාරිස්‌ වාර්තාවෙන් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති බවයි.

එහෙත් යහපාලන රජය අශ්වයන් ලෙස ක්‍රියාකළේය. එසේ වුවත් අද එම චෝදනාවල යථාර්ථය අවබෝධ වී ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව මෙම යුද අපරාධ චෝදනා එල්ල වූ අවස්‌ථාවේ ඇමරිකානු සෙබළුන් යුද අපරාධ චෝදනාවලින් මුදා ගැනීමේ පනතක්‌ හිටපු විදේශ ඇමැති ටිරෝන් ප්‍රනාන්දු සමග ඇමරිකාව අත්සන් කළ ගිවිසුම ගැනත් රජය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් විමසුවේ නැත.

මේ හැර ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ දැමීම, එක්‌සත් ජාතීන්ගේ අවසරයකින් තොරව ඉරාකයට බෝම්බ දැමීම, නේටෝ බළකාය, බෙල්ග්‍රේට්‌ නුවර තන්ජුන් රූපවාහිනි මධ්‍යස්‌ථානයට බෝම්බ දැමීම, වියට්‌නාමයට ඒජන්ට්‌ ඔරේන්ඡ් විෂ වායුව එල්ල කර ලක්‍ෂ ගණනක පිරිසක්‌ මරා දැමීම යන බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ඇමරිකාවට එරෙහිව මෙතෙක්‌ ක්‍රියාකර නැත.

මේ අතර ශ්‍රී ලංකා හමුදාව කතෝලික පියතුමන්ලාද ඝාතනය කරන බවට ජාත්‍යන්තර ප්‍රජාව අතර ප්‍රචාරය කිරීමේ අරමුණින් කොටි ඩයස්‌පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ අතුරුදන් වූ ප්‍රැන්සිස්‌ ජෝශප් පියනමගේ ඡායාරූපයද ප්‍රදර්ශනය කර ඇත.

ජෝශප් පියනමගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් කොටි ඩයස්‌පෝරාව මෙලෙස සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා හමුදාව ජාතිවාදී යුද්ධයේදී 300,000 කට අධික ද්‍රවිඩයන් අල්ලාගෙන ඇත. වතිකානුව මේ ගැන පරීක්‍ෂණ පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටිය යුතුයි.”

හමුදාව ද්‍රවිඩයන් තුන් ලක්‍ෂයක්‌ අල්ලා ගත්තේ නම් ඔවුන් සඟවාගෙන සිටින්නේ කොහේද? එවන් විශාල ජනකායක්‌ ශ්‍රී ලංකාවේ හමුදා කඳවුරු තුළ සඟවා ගෙන සිටිය හැකිද? මේ නිසා කොටි ඩයස්‌පෝරාව ජාත්‍යන්තර ප්‍රජාව මහා පරිමාණයෙන් නොමග යවන බව තහවුරු නොවන්නේද?

මේ අතර රියර් අද්මිරාල් සරත් වීරසේකර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක්‌ කරමින් එම කොමිසමේ බලධාරීන්ට ඇති සුදුසුකම් ගැන ප්‍රශ්න කළේය. පසුගිය මාර්තු මස සිට ශ්‍රී ලංකා හමුදාව බළමුළුවකට සාම සාධක බළකායට එක්‌වීම සඳහා මානව හිමිකම් කොමිසම මෙතෙක්‌ ඉඩදී නැති බව රියර් අද්මිරාල්වරයා චෝදනා කළේය.

අපි ජිනීවා යෝජනාවට එරෙහිව වාර්තාවක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළා. එය බ්‍රිතාන්‍ය රාජ නීතිඥ ජෙෆ්රි නයිෆ් අනුමත කළ වාර්තාවක්‌ එහෙත් මේ දක්‌වාම ඊට ප්‍රතිචාර දැක්‌වීමට මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාකර නැහැ යෑයි සරත් වීරසේකර මහතා ජිනීවා නුවරදී ප්‍රකාශ කළේය.

එසේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජිනීවා යෝජනාව ලිහිල් කිරීමට නොව එය අහෝසි කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය යුතු බවද මේ යෝජනාවට නැත්නම් අනුමැතිය නැතැයි ද ජනතාවගේ අනුමැතියද ලැබී නැති බවද ඔහු කියා සිටියේය.

රජය අද සියලු දේ කරන්නේ බටහිර රටවල සහ කොටි ඩයස්‌පෝරාවේ අවශ්‍යතා මත බවටද රියර් අද්මිරාල්වරයා තවදුරටත් පළ කළේය.

මේ පසුබිම මැද එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරු තිදෙනා කෙටුම්පත් කළ වාර්තාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් විය.

මේ වාර්තාවේ එක්‌ නිර්දේශයක්‌ මෙරට ජනතාවගේ අවධානය උදෙසා අපි හෙළිකරන්නෙමු.

එම නිර්දේශයේ සඳහන් කර ඇත්තේ රැඳවුම් භාරයේ සිටි කොටි නිදහස්‌ කර මෙතෙක්‌ කල් ඔවුන්ව අත්අඩංගුවේ තබා ගැනීම ගැන රජය ඔවුන්ගෙන් සමාව ඉල්ලා වන්දි ගෙවිය යුතු බවය.

මෙලෙස සමාව ඉල්ලන ලෙසට දන්වා ඇති කොටි අහිංසක ද්‍රවිඩයන් නොවේ.

මගී ගුවන් යානාවක්‌ මිසයිල ප්‍රහාරයකින් වැනසීම, ක්‌ලේමෝ බෝම්බ තබා විල්පත්තුවේදී දේශීය සංචාරකයන් මරා දැමීම, බස්‌ රථවලට බෝම්බ තබා පුපුරුවා මගී ජීවිත විනාශ කිරීම සහ වෙනත් බිහිසුණු අපරාධ සිදුකළ ත්‍රස්‌තවාදීන් නිදහස්‌ කරන ලෙස එම නිර්දේශවලින් ඉල්ලා තිබුණි.

එහෙත් මේ ත්‍රස්‌තවාදීන් නිසා මියගිය අයවලුන්ගේ පවුල්වලට යුක්‌තිය හිමි වූයේද?

අපරාධකරුවන්ට රජය මගින් වන්දි ගෙවිය යුතු බවට එක්‌සත් ජාතීන්ගේ විශේෂ විමර්ශකයන් නිර්දේශ කිරීම විහිළුවක්‌ නොවේද? මේ අන්දමට තාලීබාන් සහ අල්ඛයිඩා ත්‍රස්‌තවාදීන්ගෙන් ඇමරිකාව සමාව ගෙන ඔවුන්ට වන්දි ගෙවන ලෙස ඇමරිකාව ක්‍රියාකළ යුතු බවට මානව හිමිකම් කවුන්සිලය නිර්දේශ කරන්නේද?

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තක්‌කඩින්ගේ පාරාදීසයකි. ත්‍රස්‌තවාදීන්ට මානව හිමිකම් කවුන්සිලය තුළට ඇතුළුවීම සඳහා විවිධ රාජ්‍ය නොවන සංවිධාන අවසර දී ඇත්තේ මුදල් මතය. යූරෝ 1000 සිට 2000 ක්‌ දුන් එම අප්‍රිකාවේ රාජ්‍ය නොවන සංවිධානයක නාමය යටතේ මානව හිමිකම් සමුළුව ඇමැතිය හැකිය.

මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අතරේ විවිධ රටවල ආණ්‌ඩුවලට බැණීමට අවශ්‍ය නම් මුදල් ලබාදී රාජ්‍ය නොවන සංවිධානයකින් කතාවක්‌ පැවැත්වීමේ කාල සීමාව ලබාගත හැකිය. එය විනාඩි 2 කට සීමා වූවකි. මේ වාතාවරණය මත ජිනීවා යෝජනාව අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට නිෂේධ බලයක්‌ නැති බව හෙළිවී ඇත.

කිර්ති වර්ණකුලසුරිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More