අද අපේ රටේ බහුලව ඇති බෝ නොවෙන එහෙත් බෝවෙන වසංගත රෝග වලටත් වඩා අති භයංකාර වසංගතයකි දියවැඩියාව . 2025 වසර වනවිට රටේ සමස්ථ ජනගහනයෙන් 30% කට අධික ජනතාවකුත් , වැඩිහිටි ජනගහනයෙන් 40% ත් 50% ත් අතර ජනතාවකුත්, ගොවිජනතාවගෙන් 60% කට අධික ජනතාවකුත් දියවැඩියාවෙන් පෙළිය හැකි බව වාර්තාවේ.. මුලුමහත් ජාතියම මේ වසංගත උවදුරෙන් මිදීමේ මගක් තාමත් අපේ
” සුවපති ” ලේබලය අලවාගත් සෞඛ්‍යය බලධාරින්ට නොමැතිවීම අරුමයක්ද නොවේ. අදවනවිට අපේ රටේ වැඩියෙන්ම අලෙවි වන ඖෂධ වන්නේද දියවැඩියාවට දෙනු ලබන ඖෂධ වර්ගයන් වේ. එමගින් අපට සිතාගත හැක්කේ කුමක්ද..? මෙය විශිෂ්ඨ සන්නද්ධ හමුදා ක්‍රියාන්විතයකින් පරාජය කල නොහැකි භයානක ත්‍රස්තවාදයක් බව නොවේද..? ජාතියම අබල දුබල කරමින් මේ වනසන්නේ ලෝකයේ බලගතුම ශිෂ්ඨාචාරයක් බිහිකල ආදී මිනිස් පරපුරක් නොවන්නේද..? එදා ලෝකයේ ශක්ති සම්පන්න බවින් පිරිපුන් මිනිසුන් වාසය කල රට අපේ රට මෙන්ම වැඩිම කාලයක් ජීවත්වූ මිනිසුන් ජීවත්වූ ඉන්දියන් සාගරයේ මුතු ඇටය අපේ මේ සසිරිබර මෙසිරිලකයි.
එසේම ඒ බලමහිමයෙන් හිරු නොබසින අධිරාජ්‍යවාදීන්ට එරෙහිව පළමුවරට මහබලසම්පන්න පාඩමක් ඉගැන්වූයේද අපිය. ඉංදියාවෙන් ගෙනා සීක්කූ හමුදාව නොසිටින්නට ඔවුන්ට මේ රටේ සෙල්ලම් දාන්න ඉඩලැබෙන්නේද නැත.. එසේම ඔවුන්ට එරෙහිව එසේ සටන් කලේ එක්වරක් නොවේ. දෙවරක්ම මහා සටනක් අමතක නොවන පාඩමක් ඉගැන්වූ ජාතියක් අපි බවට කිසිදු සැකයක් නොමැත. එහෙත් ඔවුන් මේ රට දාලා ගියේනම් නැත. ඒ අන් කිසිවක් නිසා නොව ඒ තරමටම මේ රට ආර්ථික දේශපාලන සංස්කෘතික හා සාංග්‍රාමික වශයෙන් අතිමහත් ලෙස වැදගත් කේන්ද්‍රස්ථානයක් නිසාවෙනි. ඔවුන්ට අපේ භූමිය පමණක් නොව මහා අධ්‍යාත්මික මිනිස් පරම්පරාවද අත්‍යාවශ්‍ය සාධකයක් විය. අපේ රට හා ජාතිය ඉදිරියේ ඔවුන් පුංචිම පුංචි අගුටුමිට්ටන් ය. ලොව මහා වාපි ශිෂ්ඨාචාරයක් හා බැදුණු කෘෂිකර්මාන්ත ශිෂ්ඨාචාරයක් ගොඩනැගු අපේ සභ්‍යත්ව රාජ්‍යයත් එහි ජීවත්වන අධ්‍යාත්මිකව පෝෂණය ලැබූ අදීන මිනිසා ඔවුනට අනාගතයේ බලවත් තර්ජනයක් බව ඔවුන් වටහා ගත්තේද අපි ඔවුනට එරෙහිව කරනු ලැබු සකලවිධ ක්‍රියාමාර්ගයන් නිසාවෙනි. පලමු නිදහස් අරගලය හෙවත් ඌව වෙල්ලස්ස විමුක්ති සටන ඔවුන් සැහැසි ලෙස ම්ලේච්ඡ ලෙස මර්ධනය කරනු ලැබුවේ දසදහස් විමුක්තිකාමීන්ගේ අභිමන් රුහිරු වලින් ඌව වෙල්ලස්ස රතුපලසක් එළමින් ය. කිසිදා රණභූමියේදී හරි හරියට සටන් කරන්නට ශක්තියක් ඔවුනට නොමැති බව දෙවනවරද වටහා ගත් ඔවුන් ජාතිය අබල දුබල කර සභ්‍යත්ව ශිෂ්ඨාචාරය ගොඩනැගූ හා එය දිවි හිමියෙන් සුරකින ජාතිය අබල දුබල කරවන ක්‍රියාමාර්ගයන් ක්‍රියාවට නැගිය යුතුබව අවබෝධ කරගත් බවට කිසිදු සැකයක් නැත. ඒ සදහා ඔවුන් පංචවිධ සැලැස්මක් සකස්කරමින් එය ක්‍රියාවට
නැංවීමට ප්‍රතිසංස්කරණ ව්‍යාපාර ඇරඹීය.
1. ජල ශිෂ්ඨාචාරය බිදවට්ටන මහා උගුල..
මෙහිදී ඔවුන්ගේ වුවමනාවන් වෙනුවෙන් ඉහල ගංගාධාර පෙදෙස් වල වනාන්තර හෙළි පෙහෙළි කර තේ කෝපි වගාකිරීම හා පසුකාලිනව පයිනස් වගාවන් ඇතිකිරිම. මෙය දිගුකාලිනා ක්‍රියාවලියකි.අදවන විට අපි රටක් විධියට උග්‍ර ජල අර්බුදය අත්විදින්නෙමු.
2. ස්වයංපෝෂිත අර්ථ ක්‍රමය බිදවැට්ටවීම හා ආහාර සුරක්ෂිතතාවය විනාශ කිරිම. මෙයද දිගුකාලීන ක්‍රියාන්විතයකි.
කෘෂිකර්මාන්තය බිදවැට්ටවීම .
3. සංස්කෘතිකව අධ්‍යාත්මිකව සභ්‍යත්ව රාජ්‍යය බිදවැට්ටවීම. ඒ
වෙනුවෙන් නියෝජිතායතන හා වර්ගවාදය මත පදනම්ව කටයුතුකර ඊනියා ජාතික සමගියක් සමාජගතකිරිම
4. මිෂනාරි අධ්‍යාපනය හා වැටුප් මත රාජකාරි ක්‍රම ක්‍රමිකව ස්ථාපනය කිරීම තුලින් මෙතෙක් බෞද්ධ සංස්කෘතිය ට තුබු ගෞරවය අභියෝගයට ලක්කිරිම හා ඒ හරහා බෞද්ධ සංස්කෘතියේත් සභ්‍යත්ව රාජ්‍යයේත් අක්මුල් ගලවා දැමීමේ මෙහෙයුමක් ක්‍රියාවට නැංවීම.
5. මධ්‍යම කදුකර පෙදෙස්වල වගාකරන ලද තේ කෝපී රබර් වගාවන් සදහා රසායනික තෙල් පොහොර යොදවමින් ඉතාමත් සූක්ෂමව ගංගා වල ජලයට වස මුසු කිරීම හරහා ගොවිබිම් හා ගොවි ජනතාවට මාරාන්තික අබල දුබල ලෙඩරෝග වසංගත පැතිරවීම.
පස්වෙනි ක්‍රියාමාර්ගය තුලින් ඔවුන්ට අවශ්‍ය දේ නොපිරිහෙළා ඉටු කෙරිනි. අද සමස්ථ ගොවිජනතාවම අබල දුබල ලෙඩ්ඩුන් ය..ලෙඩ සුවවීමේ හෝ සුවකිරීමේ මගක්ද නැත්තේය.. ලෙඩ කිරීමේ මගද සුවකිරිමේ මගද ඔවුන්ට හිතැති පරිදිය.. මේ දියවැඩියාව එකපාරටම අපේ සමාජයට පැන නැගුනු වසංගතයක් නොවේ.. මෙය ඓතිහාසික ක්‍රියාවලියක් බව අප වටහාගත යුත්තේය.
අද අපි සීනි වලට බයය.. ඒ දියවැඩියාව නිසාය.. එහෙත් වෙළදපොල ආක්‍රමණයේ බල මහිමය නිසාවෙන් හිත සනසන සීනි රහිත ආහාර පහසුවෙන් සුපර් මාර්කට් වලින් මිලදි ගත හැකිය. SUGER FREE ලේබලය යටතේ COCA COLA , FANTA ,SPRIT, PEPSI COLA , ඇතුලු පැනිබීමත් ඕන තරම් ඇත. සීනි වැඩියෙන් කාලා මැරෙන ජාතියට සීනි රහිත බීම හා කෑම හරහා මරණය ඉක්මන් කරදෙයි..
හනේ හපොයි.. අපිට වෙන නස්පැත්තියක්..
මොනාද මේ SUGER FREE ආහාර මාෆියාව…..
සීනි රහිත කියන ආහාර හා බීම වලට යොදන්නේ ASPARTAME කියන රසායනික අමුද්‍රව්‍යයකි . ඇස්පාටමේ යනු 1981 දී ඇමෙරිකන් විද්‍යාවේදියකු විසින් සොයාගත් මිනිස් සිරුරට ඉතාමත්ම අහිතකර රසායනිකයකි. මෙය FDA නොහොත් ඇමෙරිකානු ආහාර හා ඖෂධ පිලිබදව වු අධිකාරි ආයතනය මගින් අනුමත කරන ලද්දක් වුවද මෑත භාගයේ එසේ ඉවත් කරන ලද රසායනිකයකි. එහෙත් පැනිබීම සාදන ඇමෙරිකන් කොම්පැනි මේ ඇස්පාටමේ SUGER FREE හෙවත් සීනි රහිත බීම නිෂ්පාදනය සදහා බහුලව යොදාගනී. දියවැඩියාව නිසා පහුගිය කාල වකවානුවේ කොකා කෝලා ,ස්ප්‍රයිට් , ෆැන්ටා ඇතුලු පැණිබීම වෙළදපොල සීඝ්‍රයෙන් කඩා වැටුනු අතර ඒ සදහා ඔවුන්ගේ අලුත්ම ක්‍රමවේදයක් වූයේ සීනී රහිත පැණිබීම නිෂ්පාදනය යි.. ඒ සදහා යොදාගන්නේ මිනිස් සිරුරට අතිශය අහිතකර වූත් අපි කන සීනි තේ හැදි 274 ඇති පැනිරස එක් තේ හැන්දකින් ගත හැකි ඇස්පාටමේ ASPARTAME යොදාගනිමින් ය. මේ ඇස්පාටමේ නම් රසායනිකය නිසාම පිළිකා, වකුගඩු, ඇදුම, දරුඵල අහිමිවීම, මොළයේ සෛල විනාශවීම, දිගුකල් පවතින කැස්ස, අක්ෂිරෝග, විසාදය, හන්දිපත් රෝග, නින්ද නොයාම හා දත් දිරායාම වැනි සර්වාංගයම අබල දුබල කරමින් ඉක්මන් මරණයක් ලගා කර දෙයි.
කොහොමද ජාතියම අබල දුබල කරන පංචවිධ සැලැස්ම ..
ප්‍රගතිශීලී ඉහල කදුකරයේ තේ කෝපී රබර් වගාව හා ඒවාට යෙදවූ රසායනික තෙල් පොහොර වලින් ජලයට වස මුසු කරමින් වගාබිම් හා ගොවිජනතාව පාවිච්චියට ගැනීමෙන් දිගකාලින අබල දුබල මිනිසුන්ද එනිසාම බෙහෙත් නිසාම වැනසෙන ලොව ශක්ති සම්පන්න පරපුරක උරුමය කරුමයක් වූ අපූර්වතම සන්තෑසිය. රටක සෞඛ්‍ය සේවය හා වෛද්‍යවරුන්ගේ කාර්යභාරය විය යුත්තේ ඖෂධ නිපදවන බහුජාතික කොම්පැනිවල නරුම ලාභ අරමුණු ඉටු කරන බෙහෙත් තුණ්ඩු ලියන රාජකාරියට එහා ගිය රටක් ජාතියක් සුවපත් කරන යහපත් පෝෂණ හා සෞඛ්‍ය පුරුදු ඇතිකරලීම උදෙසා තම සේවාව සැපයීම නොවන්නේද.. මේ වසංගත ත්‍රස්තවාදයෙන් රටත් ජනතාවත් මුදාගැනීම වෙනුවෙන් කෘෂිකර්මාන්ත ක්ෂෙත්‍රයත්, සෞඛ්‍ය ක්ෂෙත්‍රයත් , අධ්‍යාපන ක්ෂෙත්‍රයත් ඇතුලු සියලු සමාජ බලමුලු එකතුවෙමින් සමගාමිව රටට හිතැති ජාතික වැඩපිලිවෙලක් සකසා එය ක්‍රියාවට නැංවිය යුත්තේය.. එසේ වුවහොත් පමණක් ජාතියම අබල දුබල කරවන මේ බෝ නොවෙන වසංගත ත්‍රස්තවාදයෙන් රටක් විධියට අපට අත්මිදිය හැක. ඒත් එදාමෙදා තුර රට කරවූ නායකයන් හෝ පක්ෂ මේ ඓතිහාසික ජාතික කාර්යභාරය මුවහත් කර ඇත්ද.. ?
ජාතික ගොවිජන එකමුතුව


![]()


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...