පළාත් පාලන ආයතන ඡන්දය විමසීම 2018 ජනවාරී 20 සිට 31 අතර තුර ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.ඊයේ (01) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියේය.
එසෛ්ම ඊයේ දිනයේ දී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් නිවේදනය නිකුත් කළ බවත් ඒ අනුව ඡන්ද විමසීමට පැවති බාධා ඉවත් වී ඇති බැවින් මෙම තීරණයට එළඹි බව මහින්ද දේශප‍්‍රිය මහතා සදහන් කරයි. ඒ අනුව නාමයෝජනා කාල සීමාව එම දැන්වීම නිකුත් කරන දිනයට පසුව එළඹෙන 14 වන දිනයෙන් ආරම්භ වී 17 වන දින මධ්‍යයන 12 ට අවසන් වීමට නියමිතය. නාම යෝජනා කාලසීමාව දින 3 හමාරක් වන අතර එය 2017.12.11 සිට 2017.12.20 අතර දිනයක් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.
මේ අතර නව මැතිවරණ ක්‍රමයට අනුව කොට්ඨාස සීමා නිර්ණය කිරීමේදී 336 ක් ලෙස පැවැති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341ක් වූ බවත් 4486ක් ලෙස පැවැති සභිකයින් සංඛ්‍යාව 8356 දක්වා වැඩි වූ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඊයේ සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...