මුහුණු පොතෙන්

මැලේසියන් ඇට බෙදන්න මොකටද කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවක්…..
මැලේසියන් බීජ වලින් වැනසෙන අපේ ගොවිතැන ….

මම ඊයේ උඩුදුම්බර ප්‍රදේශයේ ගම්මාන කිහිපයක අපේ උඩරට එළවලු වගාකරන ගොවීන් හමුවීමට ගියෙමි. දඹගහපිටිය , කලුගල, උඩවෙල, කන්දේගම ඇතුලු ගොවිබිම් කිහිපයකම සැරිසැරුවෙමි. මේ ප්‍රදේශවල තමා අපේ දේශීය එළවලු වගාව සුරැකිව තබාගත් ගොවීන් හිටියේ.. ඔවුන් එදා වගා කලේ අපේ කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් නව දියුණු කල දේශීය බීජයි. MI1 , MI2 මිරිස් වර්ග ,බණ්ඩක්කා වර්ග,බෝංචි වර්ග, ඇතුලු බොහෝ දේ. ඒත් අද ඒ බීජ මොනවත් නෑ .මං අහන අහන ගොවියගේ කටෙන් කියන්නෙම මැලේසියන් බෝංචි මැලේසියන් මිරිස්, මැලේසියන් වැටකොලු, මැලේසියන් ගෝවා, මැලේසියන් රාබු, මැලේසියන් නෝකෝල්, මැලේසියන් කරවිල, මැලේසියන් මෑකරල්,මැලේසියන් බටු, මැලේසියන් පතෝල, මැලේසියන් තක්කාලි ….

මට අදහාගන්න බැරි උනා.. අපේ රටේ කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවක් නැද්ද කියා.. අපේ කෘෂිකර්මාන්ත ඇමතියගේ ඉදලා ගමේ ඉන්න ගොවි නියාමක දක්වා අහවල් කෙංගෙඩියක්ද කරන්නේ කියා.. මැලේසියන් ඇට බෙදන්න මොකටද කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවක් .. වසර දහස් ගණනක් මේරටේ බීජවලින්ම එළවලු පළතුරු වගා කොරලා සරු අස්වනු නෙලපු අපිට ගිය කලක්..ජාතියකට අත්කරපු ඉරණමක්.. මේ මැලේසියන් බීජ ත්‍රස්තවාදයෙන් ගැලවෙන්න අපිට බැරිවෙයිද..? තිස් වසරක් පුරාවට අපේ මව්බිම වෙලාගත් රුදුරු ත්‍රස්තවාදයෙන් අපි බේරාගත්තා.. ඒත් මේ ජාතියම වෙලාගත් ආනයනික මැලේසියන් බීජ ත්‍රස්තවාදයෙන් අපව ගලවා ගන්නේ කව්ද..? මොන නායකයද මොන ආණ්ඩුවද මෙකී ත්‍රස්තවාදයෙන් අපේ කෘෂිකර්මාන්තය බේරාගන්නේ..?

අපි ජාතික දේශපාලනයෙන් ඈත්වෙලා පක්ෂ දේශපාලනය වෙනුවෙන් මහන්සි වෙනවා නේද.. ඒත් කෝ ම්ව්බිමට නිදහසක්.. ගොවිබිමට නිදහසක්..
කෘෂිකර්මය කරුමයක් නොවන්නට රටට බිමට හිතැත්තෝ එකතුවෙත්වා..!!

රජරට අනුරාධ තෙන්නකෝන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More