ප‍්‍රධාන පුවත්

මිහින් ලංකා ආයතනය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. එම ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන යන මහත්වරුන් කටයුතු කර ඇති බව අනාවරණ වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (01) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මිහින් ලංකා ආයතනය පාඩු ලබන්නට ද ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ ගුවන් යානා සම්බන්ධයෙන් කිසිත් නොදන්නා පිරිසක් අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස කටයුතු කිරිම විය හැකි බවය.
අධ්‍යක්ෂ මණ්ඩලයට දේශපාලන ගැත්තන් පත් කිරීමත් නිසි ශක්‍යතා වාර්තා නොමැතිව ගුවන් යානා මිලදී ගැනීමත් මෙහි අධික ණය බරක් පැවතීමට හේතුව බවද අමාත්‍යවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More