2015 ජනවාරි වලින් පසුව ජාත්‍යන්තරය ජයගත්තා කියා කියන සිරිසේන මහත්තයටම තමන්ගේ රට ස්වාධීනයි ඒකට ඇගිලිගැසීම් බලපෑම් එපා හමුදාවට චෝදනා එපා අපි අපේ ප්‍රශ්ණ විසදගන්නම් කියනවනම් …..
සිරිසේන මහත්තයා නොකියා කියන්නේ ජාත්‍යන්තරය තමන් දිනාගත්තා කියන කථාව බොරැවක් බවයි. මහින්දත් එදා කීවේ ඒකම තමයි. ලංකාවේ මහින්දගෙන් පාලනය සිරිසේනට මාරැ වුනා කියලා බටහිර ඇතුළු ලංකාවට බලපෑම් කරන්නන් ඉලක්ක වෙනස් කර නැති බවයි.
ලංකාව රවටන්න පුළුවන් උනාට ලෝකය රවට්ටන්න බෑ. අපි ලෝකය ඉදිරියේ අපේ ස්ථාවරයට කෙලින් සිටගන්නවා විනා කවුරැත් අත්මේස් ගලවලා අතට අත.දුන්නට අපිට වාසියක් වෙලා නෑ වෙන්නෙත් නෑ.
අනිත් එක තමයි රනිල්ගේ ආර්ථික ප්‍රෝඩාව. එයත් 2015 මැව්වේ තමන් චීණය ඉදිරියේ දණ ගහන්නේ නෑ මට මහින්දට වගේ චීන සරණක් නෑ මම ලංකාව දියුණු කරන්න බටහිර සහාය ගන්නවා කියලා පෙන්නුවා.
ඒත් අන්තිමේට රනිල්ට එයාගේ පාළණය යටතේ රටේ ආර්ථිකය කඩා වැටෙනකොට මහින්ද ඉලක්ක කරලා කීව චීන බිල්ලා චීන කොළණිකරණය චීන ණය උගුල සියල්ල පසෙක තබා චීනයේ යුවාන් මුදල ඉදිරියේ දණ ගහන්න වෙලා.
එහෙමනම් බටහිර සුමිතුරා රනිල් යොදවාගන්නේ රට ඔවුන්ට අවශ්‍ය ආර්ථික සමාජීය ව්‍යවස්ථාමය දුර්වල කිරීමකට පමණද. අන්තිමට රනිල්ටත් මහින්දට වගේ බටහිර කොන්දේසි සමග යන ගමන අතහැර චීන ණය උගුල් බොරැ පුරාජේරැ අතහැර චීනය ලංකාවේ ආර්ථික හවුල් කරැවා කරගෙන කපන්න බැරි අත ඉඹගෙන යන්න සිදු වෙලා තියනවා
කෙසේ හෝ වේවා මේ වෙනකොට යහපාලනය තුළ ඔවුන් විසින්ම ඇදගත් සීතාම්බර පට පිලි ගලවමින් සැබෑ නිරැවතට පත් වෙමින් තිබේ.
……….නුවන් මොණරවිළ …………..
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...