මුහුණු පොතෙන්

මම ආර්ථික ඔස්තාර් කෙනෙක් නොවන නිසා මේ ලිපියේ කියන දේවල් ගැන 100% විශ්වාසයක් නැත​. මම වැරදි නම් ආර්ථික ඔස්තාර් කෙනෙක් ඒවා නිවැරදි කරන සේක්වා***

මුදලේ වටිනාකම​

මූලිකම බේසික්ම දේ තමයි, මුදල් වලට “සැබෑ” වටිනාකමක් නෑ කියන එක​. ඒ කියන්නෙ මුදල් අපිට පරිභෝජනය කරන්න බෑ. අපිට අඹ ගෙඩියක් කන්න පුළුවන් වුනාට මුදල් කන්න බෑ නෙ. ඒ කියන්නෙ මුදල් වලට “සැබෑ” වටිනාකමක් නෑ. මුදලේ වටිනාකම කියල අපි හඳුනාගන්නේ මුදල් වලින් යම් කිසි දෙයක් මිලදී ගැනීමට තියෙන හැකියාව​. මට රුපියල් සීයක් දීල අඹ ගෙඩි දෙකක් මිලදී ගන්න පුළුවන් නං මගේ රුපියල් සීයට “අඹ ගෙඩි දෙකක් මිලදී ගැනීමේ හැකියාව​” තියෙනවා.

එතකොට අඹ ගෙඩි වල ඉඳල මුදල් දක්වා සියළුම දේ වල වටිනාකම හෙවත් මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව​. ඒ කියන්නෙ අඹ වලට ලොකු ඉල්ලුමක් තියනව නං අඹ වල වටිනාකම වැඩියි. අඹ හිඟයි නං (සැපයුම අඩුයි නං) අඹ වල වටිනාකම වැඩියි. කාටවත් අඹ එපා නං අඹ වල වටිනාකම අඩුයි. ඕසෙට අඹ තියේ නං ඒත් අඹ වල වටිනාකම අඩුයි.

මුදල් වල මිලත් තීරණය වෙන්නෙ මේ තියරිය අනුව මයි.

සමහර මුදල් වලට ඉල්ලුම වැඩියි. ඒ නිසා ඒවගෙ වටිනාකම වැඩියි. ඒවා “දෘඩ මුදල්” (hard currency) කියල හඳුන්වනවා. උදාහරණ : ඇමරිකන් ඩොලර්, යූරෝ, යෙන්, යූආන්. සමහර මුදල් වලට කිසි ඉල්ලුමක් නෑ. ඒ නිසා ඒවගෙ වටිනාකම අඩුයි. ඒවා “මෘදු මුදල්” (soft currency) කියල හඳුන්වනවා. උදාහරණ : රුපියල්.

කිසිම මුදල් ඒකකයකට නිරපේක්‍ෂ වටිනාකමක් නෑ. ඒ කියන්නේ තවත් මොකකට හරි සාපේක්‍ෂව වටිනාකමක් තමයි තියෙන්නෙ. A මුදලේ B මුදලට සාපේක්‍ෂ වටිනාකම කියන්නේ A මුදල් ඒකක 1 ක් දීලා B මුදල් ඒකක කීයක් ගන්න පුළුවන් ද කියන එක​. උදාහරණයකට මේ දවස් වල ඩොලරයේ රුපියලට සාපේක්‍ෂ වටිනාකම 170. ඒ කියන්නෙ ඩොලර් 1 දීලා රුපියල් 170 ගන්න පුළුවන්. මේ වටිනාකම් රඳා පවතින්නේ ලෝක වෙළඳපොළේ ඩොලරයට සහ රුපියලට ඇති ඉල්ලුම අනුව​.

ඇමරිකන් ඩොලරයේ ඇති ස්ථාවර භාවය නිසා ඒකෙ වටිනාකම *බොහෝ දුරට* ස්ථායී. මේ නිසා *ආසන්න වශයෙන්* ඩොලරයට සාපේක්‍ෂ අගය නිරපේක්‍ෂ අගයක් කියල සලකන්න පුළුවන්. හැබැයි ආසන්න වශයෙන්. හරියටම නෙවෙයි.

විදේශීය මුදල් සංචිතය​

ඕනම රටක “විදේශීය මුදල් සංචිතය​” (foreign currency reserve) කියල එකක් මහ බැංකුව විසින් පවත්වාගෙන යනවා. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් වලින් පවත්වාගෙන යන ගිණුමක්.

මේ ගිණුමට සල්ලි ලැබෙන්නෙ මෙහෙමයි.

එක විදිහක් තමයි විදේශීය ණය. තවත් විදිහක් රජය තමාගේ වත්කම් විදේශීය රටවලට සහ සමාගම් වලට විකිණීම​. උදාහරණයකට තමාගෙ රටේ ලොකු වරායක් තියෙනව නං ඒක චීනෙට විකුණල ඩොලර් අරගෙන විදෙස් මුදල් සංචිතයට දාන්න පුළුවන්.

නමුත් මේකට සල්ලි ලැබෙන හොඳම (ආර්ථිකය පැත්තෙන්) ක්‍රමය තමයි අපනයන ආදායම​. අපනයන බිස්නස් කරන ව්‍යාපාරිකයෝ ආදයම් ලබන්නෙ ඩොලර් වලින් (පිටරටට බඩු විකුණලා). මේ ඩොලර් මේ අය බැංකු වල තැන්පත් කරනවා. මීට අමතරව ලංකාවට එන විදේශිකයන් එයාපෝට් එකේදි ඩොලර් දීලා රුපියල් ගැනීම සහ විදේශ වල රැකියා කරන ලාංකිකයන් ඩොලර් (සහ වෙනත් විදේශ මුදල්) ලංකාවට එවීම කියන්නෙ බැංකු වලට ඩොලර් ලැබෙන ක්‍රම දෙකක්.

ඩොලර් ආදායම එන තවත් වැදගත් ක්‍රමයක් තමයි ඍජු විදෙස් ආයෝජන​. උදාහරණයකට වොකස්වැගන් කොම්පැණිය කුලියාපිටියෙ ෆැක්ටරියක් හදන්න තීරනය කරොත්, ඒ අය තමාගේ ඩොලර් ලංකාවට අරගෙන ඇවිත්, ඒ ඩොලර් රුපියල් වලට මාරු කරල තමයි ෆැක්ටරියේ වැඩ කටයුතු කරන්නෙ. එතකොටත් ඩොලර් ලැබෙනවා.

එතකොට ඒ බැංකු මේ ඩොලර් දීලා මහ බැංකුවෙන් බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් (treasury bonds and treasury bills) ලබා ගන්නවා. එහෙම කරන්නෙ ඒ සඳහා ඔවුන්ට මහ බැංකුවෙන් පොළියක් ලැබෙන නිසා. මීට අමතරව ව්‍යාපාරිකයන්ට කෙලින්ම මහ බැංකුවෙන් බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් ගන්නත් පුළුවන්.

නමුත් ඇමරිකන් ඩොලරයේ තියෙන ස්ථාවර බව නිසා මේ බිස්නස් එක සැලකෙන්නේ ලෝකයේ ඉතාමත් අඩුම අවදානමක් ඇති ආයෝජනය කියල. ඒ නිසා මේ වෙනුවෙන් ලැබෙන පොළිය ඉතාම අඩුයි.

(හැබැයි ඉතිං රටේ අගමැති තමංගෙ යාළුවෙක් නං ව්‍යාපාරිකයෙක්ට පොඩි ජිල්මාට් එකක් දාලා ලොකු පොළියක් එක්ක බැඳුම්කර ගන්නත් පුළුවන්. ඒක වෙනම ආතල් එකක්. ඒව හැමෝටම බෑ.)

මහ බැංකුව මේ විදේශ මුදල් සංචිතය පවත්වාගෙන යන්නෙ රටේ ආර්ථිකය හැසිරවීමේ මෙවලමක් විදිහට​. මේ මෙවලම පාවිච්චි කරන ප්‍රධානම ආකාර දෙකක් තමයි,

1. විදේශීය ණය ගෙවීම​

2. රටේ ආර්ථිකය සහ ලෝක ආර්ථිකය අතර බෆර් එකක් විදිහට​. ඒ කියන්නෙ ලෝක ආර්ථිකයේ වෙනස් වීම් වල බලපෑම අපේ ආර්ථිකයට දැනෙන විදිහ පාලනය කිරීම​

මේ පාලනය කරන එක විදිහක් තමයි තමාගේ රටේ මුදල් ඒකකයේ ඩොලරයට සාපේක්‍ෂ අගය පාලනය කිරීම​. ඒ ගැන විස්තර ඊළඟ කොටසින්.

සසර සැරිසරන පාදඩයා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More