මෙවර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළලේදී රංගන හේරත් වසරේ ක‍්‍රිනකට් ක‍්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේය. ක‍්‍රීඩිකාව සම්මානය දිනා ගත්තේ චමරි අතපත්තු විසිනි.
සම්මාන උළෙල ඊයේ රාත‍්‍රියේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි. සම්මාන ප‍්‍රධානය සදහා සලකා බැලුයේ 2016 වසරේ ජූනි මාසයේ සිට මේ වසරේ ජූනි මාසය දක්වා ක‍්‍රිකට් පිටියේ දැක්වූ දස්කම්ය. හිටපු ඉන්දීය ටෙස්ට් නායකයෙක් වන කපිල් දේවිද විශේෂ ආරාධිත අමුත්තකු ලෙස මෙවර සම්මාන උළෙලට එක්විය.
මෙහිදී වසරේ ටෙස්ට් පිතිකරු සම්මානය රංගන හේරත්ට හිමිවූ අතර ටෙස්ට් පන්දු යවන්නා සම්මානයද හිමිවූයේ රංගන හේරත්ටය.එක්දින පිතිකරු සම්මානය කුසල් මෙන්ඩිස්ටද පන්දු යවන්නා සම්මානය සුරංග ලක්මාල්ටද හිමිවිය. තුන් ඉරියව් ක‍්‍රීඩකයන්ට හිමි සම්මානය 20යි 20 පිතිකරු සම්මානය සමග 20යි20 තුන් ඉරියව් ක‍්‍රීඩකයාට හිමි සම්මානය ද අසේල ගුණරත්නට හිමි විය. 20යි 20 පන්දු යවන්නා සම්මානය හිමි වූයේ ලසිත් මාලිංගටයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...