මුහුණු පොතෙන්

“තම රට දේවල් පිටරට පටවා පිට ජාතිය මෙහි ඇද්දා” පැරණි රසාංගයක් ගුවන් විදුලියේ ප‍්‍රචාරය වෙමින් තිබියදී පුවත්පත් කියවමින් සිටි මොහොතේ මෙම ප‍්‍රවෘත්තිය දැකලා උඩුයටිකුරු වුණා.

එහි තිබුනේ අපේ රෝහල්වල කිළුටු වෙන රෙදි සෝදලා පිරිසිදු කිරීමේ කොන්ත‍්‍රාත්තුව ඉන්දියන් සමාගමකට භාරදෙන්න යනවා කියලා.

මෙතෙක් කල් රෝහල්වල කිළුටු රෙදි සේදීම කළේ නැද්ද? එහෙම නැත්නම් මෙතෙක් කල් රෝගීන් කිළුටු රෙදිවලද වැතිරිලා හිටියේ? මෙතෙක් කල් ඒවා සෝදලා පිරිසිදු කලේ කවුද?

මේ ප‍්‍රශ්නවලට පිළිතුරු සොයන විට මේ ප‍්‍රශ්නයට මුල්වෙලා තියෙන්නේ බේරේ වැවේ අපිරිසිදු වන ජලයෙන් මෙම රෙදි සෝදන නිසා හරියට පිරිසිදු වෙන්නේ නෑ කියන එකයි. මේ ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ අළුත්ගේ දොස්තර මහත්තයා හොඳ උත්තරයක් දෙනවා. එක්කෝ ඒ සමාගම මඟින් මේ රෙදි සෝදන්න වතුර ඉන්දියාවෙන් ගේනවා. එහෙම නැත්නම් මේ කිළුටු රෙදි සෝදන්න ඉන්දියාවට යවනවා වෙන්න ඇති.

කොහොම උනත් අපගේ වෘත්තිකයන්ට දැඩි බලපෑමක් සිදුකල හැකි එට්කා ගිවිසුම අත්සන් කරන්නටත් පෙර මේ වගේ කොන්ත‍්‍රාත් එකක් ඉන්දියානු සමාගමකට දෙන්න යන එක මෙතෙක් ඒ කාර්යය කළ සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට ගහපු දැඩි ප‍්‍රහාරයක් ලෙස සලකන්න ඕනේ. එට්කා ගිවිසුමත් එක්ක අපේ වෘත්තිකයන්ට වෙන පාඩුව මෙම කොන්ත‍්‍රාත් එකෙන් හොඳට පැහැදිලි වෙනවා.

මුලින් රෝහල්වල කිළුටු රෙදි, ඊට ටික දවසකින් අපේ සියළුම දෙනාගේ කිළුටු රෙදි සෝදන්න ඉන්දියාව භාර ගත්තද දන්නේ නෑ. ඉන්දියාවේ අභිමානය ගැන ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු වැනි නායකයෝ වලෙන් නැගිටලා එයිද දන්නේ නෑ, මේ කුණු හෝදන ප‍්‍රශ්නෙ ගැන අහල. කවුරු කොහොම කිව්වත් රජයේ දොස්තර මහත්තුරු කියන විදියට මෙයින් පහර වදින්නේ මෙතෙක් රෝහල්වල කිළුටු රෙදි හෝදපු දුප්පත් ව්‍යවසායකයන්ටයි. ඔය ටිකම තමයි එට්කා ගිවිසුම අත්සන් කලාට පස්සේ අපේ අයට වෙන්නේ.

මෙම ලොන්ඩරි ප‍්‍රශ්නය ඇමතිතුමාට දැවෙන ප‍්‍රශ්නයක් උනාට ඒ සඳහා වැයවෙන ඇමරිකන් ඩොලර් මිලියන 7.5ක් ගැන කල්පනා කරන කොට මේක හොඳ ඉල්ලමක් වෙන්නත් පුළුවනි. ඒත් සල්ලි පොළියට අරං ඡන්දෙට වියදම් කරලා ඊට පස්සෙ බාල වැඩ කරලා මන්ත්‍රී පට්ටමට හානි කර ගත්ත එකට වන්දියකුත් එපායැ. ඒ වගේම ආණ්ඩු හදන ආණ්ඩු වට්ටන ඒ වගේම ආණ්ඩු මට්ටු කරන්නත් පුළුවන් කෙනෙකුට මේවත් වැඩද?

ඒ කෙසේ වෙතත් දේශපාලකයන්ගේ කිළුටු රෙදි සෝදන වැඬේට නම් මේ වගේ විදේශිය කොම්පැනි අවශ්‍ය වෙන්නේ නෑ. එයට හේතුව ඒ බොහෝම දෙනෙක් රෙදි ඇඳගන්නේ නැතුව වැඩ කරන හින්ද රෙදි කිළුටු වෙන්නෙත් නෑ. හෝදන්න රෙදි ඇත්තෙත් නෑ කියන්න පුළුවන්.

fb



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More